Tuesday, February 21, 2012

පිළිතුර

පිළිතුරක් අපේක්ෂාවෙන්
බලා උන්නෙමි බිහිදොර අබියස
නමුත් වැටහුනේ පමා වී
ලබන්නට පිළිතුරක්
ගැටළුවක් නොමැති වග ..................

Wednesday, February 8, 2012

යන්න ..........ස්තුතියි ..............,,,,,

මාද පරදන මගේ වැඩ ගොඩ කරන තරතුර සැනසුමෙන්
අතීතේ මැවූ සිහින ඔක්කම දුවනවා ඒ වැඩ උඩින්
හදාගත් සිත් පවුරු පදනම් තබා එලෙසම අදිටනින්
මතක ගුලිකර මැවේවා ඔබ ඇගේ සුන්දර රුව ලගින්

නියමිත මාත්‍රාව පිළිපදින්න.............................

කිරි කන කොට එක එක්කෙනාට රහ දැනෙන විදිය වෙනස්
ඒ නිසා පැණි මාත්‍රාව වෙනස්.......,,,,
බෙහෙත් බොන කොට වයස් වෙනස්
ඒ නිසා බොන මාත්‍රාව වෙනස්
එත් දුක වැඩිවුණාම විතරක් අයි දුකම  බොන්නේ
දුක හිතුනම මාත්‍රාව වෙනස්
ඒ නිසා දුකත් නියමිත මාත්‍රාවට  පිළිපදින්න .............

Saturday, February 4, 2012

ඔබට ලියන වග නම් ...................

ආදරය කියනේ හරිම සංකීර්ණ චේතනාවක්,,,
ආදරෙත් එක්කම එන්නේ ආත්මාර්ථකාමී බව
ඒකනේ අපි අයිති කරගැනීමේ පරමාර්ථය මුල් කරගෙන ආදරේ කරන්නේ
එත් අහිමි වීම  තුලත් ආදරේ ගැබ් වෙලා තියෙනවා..
ඒකයි ඔයා මට ඔච්චර ඇත වෙලත් , වෙන කෙනෙක්ට හිමි වෙලත් තාමත් හිතේ මෙච්චර ආදරයක් තියෙන්නේ ..
ඒ කියන්නේ මන් වෙන කෙනෙක්ට ආදරේ කරන්නේ නෙති වෙයි  කියල නෙමේ
ඒ ආදරේ හැමදාම හිතේ තියේවි කියලයි

එකනේ පැරණි කවි පොතේ මෙහෙම සදහන් වෙන්නේ.
"ආදරය කියන්නේ කැමති කෙනෙකුට පුජා කරන්න                     පුළුවන් දෙයක්.., කිසිම දෙයක් පෙරලා බලපොරෝත්තුනොවී "

අහිමි පෙම.....

අපට අපගේ ජිවිතයේ වැදගත්ම අවස්ථාවලට අපේ සෙවනැල්ලක් සේ අපේ දෙපසින් රැදෙන්නට අපේ අම්මා , තාත්තා අපේ ලගින් ඉන්නවා...
එත් විශේෂ අවස්ථාවකදී නෙමේ රැට නින්දට යද්දීවත්  තමන්ගේ හිස අත ගාන්න අම්මා ,  තාත්තා ළග නැති ළමයි  කොච්චර ඉන්නවද?
ඒ බොහාමයක් දෙනා වදින්න තමන්ගේ අම්මගේ තාත්තගේ එකකට..අපේ සදාකාලික සතුට , සැනසීම ළගා කරදෙන්න කෝටි ගානක් අපේ රණවිරුවෝ තමන්ගේ ඇස් , ඉස් , මස් , ලේ විතරක් නෙමේ ජීවිතයත් පුජා කලා. මේ උපහාරය ඒ හැම රණවිරුවෙක් වෙනුවෙන්මයි........................




Friday, February 3, 2012

" සඳ හා මා ............."

ඇත අහසේ පුංචි තරුවක් 
සද එක්ක දොඩමලු වෙලා
හරිම ආදරෙන්............
තරුවට හදත් ,
හදට තරුවත් ,

ලගයි වගේ පෙනුනට
ඇත්තටම නං එයාල කොච්චර දුරස්ද.................???
හරියට අපි දෙන්න වගේ
ලං වෙන්න බැරි  තරමටම අපි දුරස් වෙලා
එත් ඒ දුරස්බව අනිත් හැමෝවම සතුටින් තියෙනවා
ඉදින් අපි තවත් දුක්වරන්නේ කුමකටද??
හිනාවෙමු අපි
ලොවට පෙන්නේන්නට නොව අපේ සිත තුලින්ම ............


                  වසන්තය එනවා සත්තයි.......................

අහඹුවක් යථාර්තයක් වූ වගයි .............

BLOG  අවකාශයේ මුලකුරු කීමට අවසරයි .................