Tuesday, April 24, 2012

හිතන්නට ..........

පාලු අහසට ප්‍රේම සඳ ඇවිදින්
හීන අහුරක සිනා මල් අදිමින්
නේක විකසිත රු රටා අතරින්
ජිවිතේ නව ඉසව්වක් ඇවිදින්

පෙහෙනි කරනට ඔබ සිතේ පැතුමන්
එලිය කරනට ජිවිතේ අබිමන්
පුබුදුවන්නට පැතුම් අපි වෙනුවෙන්
වෙර දරන්නට දිරිය සිතට අරගන් 


Thursday, April 19, 2012

අම්මේ කසාවත එපා මට




ජිවිත ගමන් මග
කෙටි කරනු වස්
පුරන්නට පාරමී ,
ලබන්නට අම නිවන්
අම්මේ ...,,,
කලෙමි අභිනික්මන්
හදගතිමි කසාවත්
බුදුන් වදාලු දහම්
අසන විට , පුරන විට
මතක් වෙයි අම්මේ ඔබව
නොවේ වාරයක් දෙකක්
දාන වාරය පැමිණ
දන් බෙදයි උවැසියන්
ප්‍රත්‍යවේක්ෂා කලෙමි
වැලදුවෙමි දන් පහන්
 එත් අම්මේ ............,,,,
එදා වේල ද නැතිව
බත් සමග ලුණු දමා
බඩට සරණක් සොයන
සිහිව ඔබ , ඇස් පෙගෙයි
බුදුන් මග යන්ට පෙර
ගෙදර බුදු , බුදු අම්මේ
එපා මට කසාවත්
නැවත එන්නෙමි ගෙදර
දෑත විරියෙන් මම
රකින්නෙමි මගේ මව
එයම වේ මට පෙරුම්
ලබන්නට අම නිවන්

Sunday, April 15, 2012

මගේ සරා සඳ

අමාවකේ නැග ආ සද
හැමදාමත් එලිය දිදී
බැහැල යන්නේ නැති  වෙයි  කියලයි
මන් හිතුවේ
එත්
සඳ කලා පුරොවගන්න
ටිකෙන් ටික බැහැල ගිහින්
අයෙත් අමාවක උදාවෙලා
සඳ කලා පුරෝවාගෙන
අයෙමත් නැග ඒවි
එත් මේ චක්‍රය
අවසානයක් නොවේ
ඉතින් තවමත් මමත්
හැමදාම පසළොස්වකයි
සිතාගෙන තාමත්
අමාවකේ   ?????????



ඔබ ..............

දිය පිපාසිත වෙලේ
නොවන් මහා සයුරක්
පවස නිවනා මිහිරි
දිය පොදක් මෙන් වන්




Friday, April 6, 2012

සුදු පිරුවටෙන්
වසාලු සිත
බුදුන් වදින කල
මටත් හොරැහින්
ඔබ සොයා ඇවිදින්