Sunday, February 3, 2013

හිත

හිත නම් ශරීරාංගය තනිව හැසිරීම අවන්කවම අපගේ පුර්ව පුණ්‍ය කර්මයක්ම නිසා සිදු වන්නෙකි .නො එසේනන් පෘථග්ජන අපේ සිත තුළ උපදෙමින් , පවතිමින් , නැතිවෙමින් යන චයිතසික සියල්ලම අපේ පෙර පිනකටවත් ඉටු වුවහොත් මතුවන්නේ අති අර්බුඩකාරී වාතවරනයකටය .නමුත් අපි හැම විටම අපේ සිතුවිලි ඉෂ්ට වේවායි ප්‍රාර්ථනා කරන්නෝ වෙමු.එම අරමුණටම කටයුතු කරන්නෝ වෙමු..සිතේ සතුට මත පමණක් ම යැපෙමින් කෙදිනකවත් ඉටු නොවෙන පැතුමන් ප්‍රාර්ථනා කරන්නට තරම් අපි මෝඩ පුද්ගලයන් වෙමු. මම ද ඔවුනතුරෙන් කෙනෙක් වෙමි..නමුත් මා දන්නා එක් සත්‍යක් ඇත..එනම් ඉර හද අල්ලන්නට උත්සහ දරන විට අවම වශයෙන් තරු අතරවත් රැදෙන බවයි...නමුත් අපේ ජිවිත තරුවක් පමණක් වීම සැහෙයිද ?????



Saturday, February 2, 2013

අද මගේ පලවෙනි උපන්දිනය....





හරිම ලොකු සතුටක් හිතට දැනෙන්නේ..
මන් ඒ කලේ තනියම ausi ඉද්දි මගේ යාළුවා රුක්ෂාන් මාව අපේ කවි පන්තියට add කල..පාලුවෙන් හිටිය මට ඒක ලොකු අස්වැසිල්ලක් වුන..මන් අනිත් අයගේ බ්ලොග්ස් කියවල තම පාළුව නැති කරගත්තේ..ඒ අතරේ එක බ්ලොග් කාරයෙක් (මෙහෙම කිව්වම තරහ යයිනේ. ඒ  නිසා බ්ලොග් මහත්තයා කියන්නන්කෝ  ) මට එයාගේ කවි කියවන්න කියල මාර  විදියට කරදර  කළා . ..ඒ විතරක්ද ඒවට comment කරන්න කියලත් මට බේරිල්ලක් නැහැ..කොහම හරි ඔන්න ඉතින් මන් එයාගේ follower කෙනෙක් වුන










 ඊට පස්සේ ලංකාවට අවම මට ඒ bloger ව හම්බවුන.ඔහම යද්දී මටත් කවි ලියන්න ඕන කියල කල්පනාවට ආවා . ඒ කලේ uni එකේ 1000ක් වැඩ අස්සේ මට කවි ලියන්න වෙලාවකුත් හම්බවෙයි කියල හිතුනේ නැහැ..එත් ආසාවට මන් කවි ලියන්න පටන් ගත්ත..එත් ඉතින් අසව තිබුනට මට බ්ලොග් එකක් හදාගන්න දන්නේ නෑ .ඔය වෙලාවේ මගේ බ්ලොග් එක එයාගේ බ්ලොග් එක වගේ හිතාගෙන මට මගේ එක යාලුවෙක් උදව් කල..එය තමා මේ..http://shayanga.blogspot.com/.එයාට තාමත් මන් ඉතින්කැමතියි..වෙන කවුරුත් නැත්තන් හොදයි....(දන්නෝ දනිති..දන්නා ය කාටවත් කියන්නත් එපා...ඌර දන්නෙත් න එක.)කොහම වුනත් ශයංග ගොඩක් ස්තුතියි කරපු උදව්වට...එයාගේ උදව්ව නොතිබෙන්න මන් තම බ්ලොගේර් කෙනෙක් නොවෙන්නත් තිබුන.,කොහම හරි මගේ පලවෙනි post  එක වුනෙත් එයට ස්තුති කරලා දාපු post එක.


 මුලින්ම මගේ බ්ලොග් එක නම වුනේ "ඩිඩී ගේ අනන්ත සිතුවිලි."
අහම්බෙන් දාපු නමක් වුනාට ඒ නම පස්සෙකලෙක මගේ ජීවිතේට ගොඩක් සම්බන්ද වුන...කාලයක් යද්දී මගේ බ්ලොග් එක "හංසංගනා"     වුන..http://disankasthoughts.blogspot.com/ (ඒ ඇයි කියල දන්නේ ඉතින් ටික දෙනයි...:P )



මේ කලේ අතර තුර මගේ පොස්ට් වලට comment කරලා like  කරලා මට සහයෝගය දුන්න හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. .ඔයාලගේ අගය කිරීම් නිසා තමා හංසංගනා හංසිගේ විලේ පීනන්නේ ..ඉතින් එන්න හංසිගේ පලවෙනි උපන්දින කේක් කන්න ................  



 ඉතින් මේ හංසිගේ නවාතැන ..එන්න ඔයාලත් ගිමන් හරින්න

 මේ ඒ අතරින් මගේ හිත ගත්ත නිර්මාණ ටිකක්..වෙලාවක් තිබ්බොත් ඒවත් බලලම යන්නකෝ..

අවසරද මටhttp://disankasthoughts.blogspot.com/2013/02/blog-post.html

මම එනවා ලගදීමhttp://disankasthoughts.blogspot.com/2013/01/blog-post.html


ආදරේ ඔබ කියන නාදේ .......http://disankasthoughts.blogspot.com/2012/12/blog-post.html




 මේ මගේ කැමතිම නිර්මාණය.... මතකද ???? 
http://disankasthoughts.blogspot.com/2012/03/blog-post_11.html 


 පහුගිය කාලේ ටිකක් අසනීපෙන් හිටිය නිසාත් uni එකේ වැඩ වැඩි වුන නිසාත් මන් blog එකේ වැඩිය post දැම්මේ න.බලමුකෝ මේ අවුරුද්දෙවත් ටිකක් වැඩි පුර post දාන්න

Friday, February 1, 2013

අවසරද මට

නීල උත්පල කිදුරු දෑසින් පවසනා ඔය ආදරේ
දිනා ගන්නට සමත් වුවහොත් ඇයයි කිදුරග  මේ ලොවේ
මිලින මල් වුව යලි සිනාසෙයි කැළුම් දුටු කල ඔය නෙතේ
අවසරද මට රැදී ඉන්නට මියෙන තුරු ඔබේ නෙත් විලේ
.