Wednesday, July 11, 2012

පැහැසර සිත්තම් 08

හංසි සිඩ්නි එද්දී වෙලාව හවස 3 ට විතර ඇති ..එහෙන්මම හංසි ගියේ අන්කල්ගේ ගෙදර...එතන හරිම ලස්සන තැනක්..හන්සිට ඉන්න හම්බුනේ ගෙදරටම මායිම්ව තිබුන වෙනම කාමරයක්..එකේ බිත්ති නෙමේ තිබ්බේ...විදුරු දොරවල්..හරිම ලස්සනයි.ඊට එහාපැත්තෙ මල් වත්තක් තිබ්බ..මේ සීත කාලයෙන් ග්‍රීෂ්ම කාලෙට එන කාලය..ගස් වල කොළ මල් පිපෙන්න පටන් ගන්න කාලේ.හංසි ඉස්සෙල්ලම කලේ බැග් අස් කරපු එක.ඊට පස්සේ කඩේට ගිහින් බඩු අරන් ආවා අන්කල් එක්ක...එදා රෑ මහන්සියටම හන්සිට නින්ද ගියා.
පහුවෙනිදා උදේම නැගිටලා හංසි කාමරේ අස් කලා.ගෙදරින් එද්දී අරන් ආව බුද්ද රූපේ තියල හංසි වත්තෙන් මල් කඩලා ඉටිපන්දමක් පත්තු කරලා ප්‍රාර්ථනාවක් කලා...
            "හැමදේම හොදම විදියට වෙන්න කියල.".






 බඩු අස් කරලා හංසි දවල්ට ඉව්ව ඇන්ටි  එක්ක එකතු වෙලා..ඇන්ටි නිලූ අක්ක තරන්ම ෆිට් නැහැ..එය ටිකක් වයසින් වැඩියිනේ..ඒ නිසා ඇන්ටිට ටිකක් අල්ලන්නේ නැහැ අපේ වැඩ..කොහම හරි මේ ටිකේ හන්සිට fb  එන්නත් බැරි වුන..ඩොන්ගල් එකේ අවුලක් ගිහින්...තරිදු අය්යටත් කතා කරන්න විදියක් තිබුනේ නැහැ..අය්යට එදා වෙලාවල් ගැලපෙන්නේ නැති නිසා මේක කරන්න තාත්ත අකමැතියි කිව්වම අය්යා හැසිරුණ විදිය මතක් වුනාම අදටත් හන්සිට පහන් හැගීමක් හිතට එන්නේ..ඒ දවස් ටිකේ අය්යට කතා කලේ phone  එකෙන්. ඒ නිසා වැඩි වෙලාවක් කතා කරන්න බැහැනේ.මොකක් හරි දෙයක් සිද්ද වෙමින් තියෙනවා කියල හන්සිට තේරුණා..ඒ තරිදු අයගේ හොදම යාළුවා රුක්ෂාන් එවපු msg එකක් නිසා...
"hansi, somone is lying to us.we dont know who is that.anywy no longer i cant help u nanga.sry.im with tharidu.tc bs" 
හංසි ගොඩක් වෙලාවට කලේ තනියම කාමරේට වෙලා අඩපු එක..එහෙම නැත්තන් කල්පනා කරපු එක..ඇයි දෙවියනේ ඇස් දෙකට පෙන්නේ නැති , කනට ඇහෙන්නේ නැති , අල්ලන්න බැරි වෙලාවක් නිසා කෙනෙක්ව අත අරින්න වෙන එක මොන තරං පාපයක්ද...මේ ගිය ආත්මේ කරපු පවක් වෙන්න ඇති කියල හංසි කලේ තව තවත්
මෛත්‍රී භාවනාව වඩපුඑක...ඇත්ත හන්සිට දැනුන වගේම තරිදු අය්යා වටේට හංසි නොහිතපු දෙයක් සිද්ද වෙමින් තිබ්බ;/...එයාගේ යාලුවෝ ටික අය්යා එක්ක හන්සිට හොදටම බැනල තිබ්බ..
" ඇයි මචන් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කලාම වෙලාවක් නිසා දාලා යනවනං එක මොන තරං බලු වැඩක්ද මචන්.. ජිවිතේ එකට යන්න පටන් ගත්තනං ඒක අතර මග දාලා යන එක කොච්චර වැරදිද ?"
ඇත්ත යාලුවෝ විදියට එයාල ඒ කියපු කතාව ඇත්ත..එත් දෙය්යනේ මන් අද මෙතන ඉන්නේ මගේ අම්ම තාත්ත නිසා...ඇයි ඒක මේ අයට තේරෙන්නේ නැත්තේ...
"අපේ ජිවිත වලට සහකරයෝ ඕන තරං හොයා ගන්න පුළුවන්..එත් දෙය්යනේ අම්මෙක් තාත්තෙක් ආයේ හොයා ගන්න බෑ. ජීවිතේටම ඉන්නේ එක අම්මයි..එක තාත්තයි."

ඕන දෙයක් කියල අන්තිමට හංසි හිත හදාගත්ත..මන් තරිදු අය්යට ආදරෙයි..එත් මන් මගේ දෙමව්පියන්ට ඊට වඩා ආදරෙයි.
හංසි මේ ටිකේ ගෙව්වේ අන්තිම නරක ජිවිතයක්. අඩන්න දුක බෙදාගන්න කිසිම කෙනෙක් නැහැ ..තනියම මේ දුක විද ගන්න හන්සිට පුළුවන් කමක් තිබ්බේ නැහැ..හංසි තනියම ඇවිදින්න ගිය වෙලාවල් වල වාහන වලට හැප්පෙන්න ගිය වාර ගාන අනන්තයි..එත් අන්තිමට හංසි සිහිය එලව ගත්ත..මගේ දෙමව්පියන්ට මගේ මලකද ලංකාවට යවන්න බැහැ.මන් කල්පනාවෙන් වඩා කරන්න ඕනේ.
තනියම ගෙදරට වෙලා ඉන්න කම්මැලි හින්දයි , මේ දුක තනියම විද ගන්න අමාරු නිසයි හංසි කල්පනා කලා අන්කල්ට කියල පුංචි ජොබ් එකක්  හොයා ගන්න..
අන්තිමට හන්සිට පුළුවන් කම හම්බවුන පුංචි ජොබ් එකක් හොයාගන්න..ඒක ලංකාවේම අය වැඩ කරන රෙස්ටුවරන්ට් එකක්..එතන වැඩිය වැඩක් තිබ්බේ නැහැ හන්සිට කරන්න..shift  එකටනේ එතන වැඩ. එතැනදී හන්සිට හොද යාලුවෙක් හම්බුනා..එයාගේ නම ජනිකි.එයා ඇත්තටම හොද යාලුවෙක්.එයා හන්සිගේ දුක අහන හිටිය.හන්සිට වැඩ කරන්න ඕන විදිය උපදෙස් දුන්න.ගොඩක් වෙලාවට හවසට වැඩ ඇරිලා හන්සියි , ජනිකියි shpping  center  එකකට ගිහින් ෆූඩ් කොර්ට් එකට වෙලා මොනවා හරි කකා කතා කර කර ඉන්නවා..
ඒක දවසක් වැඩ කරද්දී හන්සිට ජනිකිගෙන් කෝල් එකක් ආව..
හංසි ඔය කොහෙද ඉන්නේ..මන් වැඩ ජනිකි..ඇයි ? අද ටිකක් රෑ වෙනකන් වැඩ කරන්න වෙනවා..අද පොඩි party  එකක් ඒකයි.
අහ් හරි හංසි වැඩ ඇරිලා ගෙදර ගිය ගමන්ම මට කෝල් එකක් දෙන්න..


 එදා හංසි වැඩ ඇරිලා යද්දී වෙලාව 11 ට විතර ඇති රෑ..දැන් හංසි වැඩිය fb  යන්නේ නැහැ..මොකද දැන් එතනට යනවා කියන ඒක හරිම දුකක් නිසා..මොකද මේ වෙද්දීත් තරිදු අය්යා හන්සිව fb  එකෙන් remove කරලා තිබ්බේ..එත් හැමදාම පුරුද්දට වගේ හංසි එයාගේ profile එකට යනවා..එදා දැක්ක දෙයින් හංසි ගොඩක් පුදුම වුන..
තරිදු අය්යා in  a relationship  කියල දාලා තිබ්බ ගනු ළමයෙක්ගේ නමකුත් එක්ක..හන්සිට ගොඩක් ගොඩාක් දුක හිතුන..තමන් මෙච්චර කාලයක් වින්ද දුක මොකක්ද කියල හන්සිට හිතුන..තරිදු අය්යා මෙච්චර ඉක්මනට අමතක කරේ කොහමද කියල හංසි කල්පනා කලා..හංසි ජනිකිට කෝල් එකක් දුන්න..ජනිකි මන් දැක්ක ඒක..මට පොඩ්ඩක්වත් දුක නැහැ..අය්යා සතුටින් නං එච්චරයි මට ඕනේ ජනිකි..මට ඔය ගැන අඩම්බරයි හංසි..ඔහම ඔයාට හිතන්න පුළුවන් වෙච්ච ඒක ගැන.දැන්  wash දාල නිදා ගන්න අපි හෙට හම්බ වෙමුකෝ හොදේ.."
එත් හන්සිට තිබුනේ ලොකු දුකක්..හංසි ගොඩක් වෙලා එකම ඉරියව්වෙන් ඉදල කල්පනා කලා මොකක්ද මේ වුනේ කියල ..
 එදා අහම්බෙන් වගේ පහනුත් on  line  හිටිය fb  එකේ..හංසි පහන් එක්ක හුග කාලෙකට පස්සේ , ම් ම් මාස එකහමාරකට පස්සේ විතර..හංසි අද අදම පහන් එක්ක චැට් කලා..මුළු සිදිඉයම හංසි පහනට කිව්වා.
පහන් අහන ඉදල මෙච්චරයි කිව්වේ...ඔය වගේ කෙල්ලෙක් ගැන මට ආඩම්බරයි හංසි ..තමන්ගේ අම්ම තාත්ත ගැන හිතන අයට කවමදාවත් වරදින්නේ නැහැ..
දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ..උබ පුළුවන් ඉක්මනට ලංකාවට වරෙන් බන්.උබ ඔහේ තනියම දුක් විදින්න එපා..ඇවිත් අම්ම තාත්ත එක්ක හිටපන්.උබ රෑ තිස්සේ ඔහේ වැඩ කර කර පව් ගෙවන්නේ නැතිව මෙහෙ වරෙන් බන් හංසි.."
ඇත්ත හංසි අන්තිමට තීරණය කලා තනියම මෙහෙට වෙලා දුක් විදින්නේ නැතිව පුළුවන් ඉක්මනට ලංකාවට යන්න..
" අහ් පහන් මගේ exm  එකේ result  ඇවිල්ල..මට A  2 යි B  1 යි."
"වාව් නියමයිනේ බන්..එල එල..ඔය තියෙන්නේ ..උබට වරදින්නේ නැහැ බන්.මේ මගේ ෆොනේ no  ඒක..උබට අඩන්න ඕන වුන වෙලාවට මට කතා කරපන්..උබත් එක්ක අඩන්න නෙමේ බන්..උබ මාව නැගිට්ටෙව්ව වගේ උබව නැගිට්ටවන්න"
"අහ් මේ හංසි උබ ලංකාවට එද්දී මට කැන්ගරු පැටියෙක් අරන් වරෙන් හොදේ."
හේ හේ හේ හාකෝ හාකෝ හංසි එහෙමම log out වුන..ජිවිතේ ඔය වගේ යාලුවෙක් හම්බ වුනෙත් මගේ වෙලාවට පහන්..නැත්තන් මේ දුක දැන් මට දරාගන්න බැරි තරමට බර වැඩියි..ඇත්ත ඉක්මනට ලංකාවට යන්න ඕනේ කියල හංසි හිතුව එදා.පහන් ඇත්තටම හොද යාලුවෙක් කියල හන්සිට එදා තේරුණා. .
පහුවෙනිදා ඉදන් හංසි අයෙමත් හැමදාම fb  on line  ආව..ඒ අවේ තමන්ගේ දුක පහන් එක්ක බෙදා ගන්න..එත් පහන්ව දවස් දෙක තුනක්ම හංසි දැක්කේ නැහැ..කවදාවත් නොදුටු තමන්ගේ යාළුවා ගැන හන්සිට ලොකු බයක් දැනුන..පහනට මොනවා වෙලාද කියල..හංසි පහනට msg එකක් දැම්ම.  

"hey pahan.I.m hansi.wts up? didnt c u on fb loong time.hope everything ok."

6 comments:

  1. ඉතින් ඊට පස්සේ.....???????

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ මොකද වුනේ කියල බලන්න වෙන්නනේ ඊලග කොටසින් තමා අක්කේ....

      Delete
  2. හ්ම්ම්ම්............ එහෙනම් ඒකත් එහෙමයි.. බලමුකෝ ඉස්සරහට..

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් එකනේ red .බලමුකෝ මොකද වෙන්නේ කියල.thanku red

      Delete
  3. meke ilaga kotasa ko hansangana.....hamadama balan innawa...eth ohe na...:(

    ReplyDelete