Thursday, March 21, 2013

අවධානය පිණිසයි



 දැනෙන ලතැවුල් නොනිම්
නිවන්නේ ලබැදි වදනින්
 ගලන මුත් සිතුවිලි සෙමින්
මරා දමනෙමි ගෙයිම උපන්

 

 

ආදරේ නාමෙන්
නොමරා පණ පෙවුයෙන්
කාලය මැවූ  වෙනසින්
මැරී මැරී දස දහස් වර ඉපදෙම් 

 

 

 

 

ශ්වේත කඩුපුල් මාලති

විකසිත වන්නට දරන රුති

සෙනෙහෙ අභියස  තාරුපති

අසරණයි පුංචිම පුංචි මල් පෙති

 

                                   


 

හංසි මැරිලා .... නෑ හංසිව මරල දාල .. පහුගිය ටිකේ හන්සිට අයෙත් පන එයි කියල හැමෝම බලන් හිටිය.
..ඒත් හංසි ගොඩක් දුර්වල වෙලා.එයාගේ ස්නායු මැරිලා.දැන් පරණ දේවල් හන්සිට මතක නැ...ඔහේ කලේ ගෙවන්නත් බෑ  හන්සිට. මොකද හන්සිට ජිවිතේ මෙතනින් නතර වෙන්න බෑ                      
හංසිට පන දීපු කෙනා හංසිව දාල ගොඩක් දුර යන්න හදනවා ...ඉතින් හංසි ඒ හැමදේටම සමුදුන්නා..
දුක දැනෙනවද නැද්ද කියලවත් දැන් මතක නෑ.ඇයි ඉතින් දැන් හංසිගේ ස්නායු මරලානේ ....     පොඩ්ඩක්වත් තරහ නැ මන්...ගතවුන හැම මොහතකම මන් දෙයක් ඉගෙන ගත්තා ..එකට ගොඩක් පින්.     එත් තව දුරටත් හංසි ICU  එකේ ඉදල වැඩක් නැ...වෙන්න තියෙන හොදම දේ හොදම විදියට වෙයි ...එච්චරයි.... පොඩ්ඩක්වත් තරහ නැ ..එහෙමමයි....වෙනද වගේ නැතිව ඇත්තම දේ තෙරුන් ගන්න.    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් දැන් ඉතින් වෙනසක්...හොදද නරකද කියන එක ඔයාලට භාරයි යාලුවනේ..
මාගේ මේ වෑයම රජවෙන්නට නෙමේ....නැගිටින්නට හා නැගිට්ටවන්නට..........                                
ඒ නිසා හන්සංගනා  අද ඉදල වෙනස් වෙනවා... අද ඉදලා එයා කඩුපුලි...........


ඉතින් යාලුවනේ අද ඉදලා කඩුපුලිගේ මල් වත්තේ  මල් සුවද විදින්න මේ පැත්තට එන්න කියල ඔයාල හැමෝටම මන් ආරාධනා  කරනවා....



 යාලුවනේ ටිකක්  busy මේ දවස් වල. අනික හරිම මහන්සියි.එක වගේ දේවල් එකම විදියට වෙද්දී ජිවිතේ මහන්සිය දැනෙනවා වැඩියි..ඒත් ඉක්මනට මන් ආයේ  එනවා හොදේ. ටිකක් කල් ගියත් ඉන්න යාලුවනේ..මන් එනවා හොදේ.







3 comments:

  1. සකුටින් ආරාධනාව පිලිගන්නවා හංසි වෙනුවට කඩුපුලී හැමදාම ලස්සනය ඉන්න
    වෙනසක් විඳින්න
    ජිවිතේ හැමදාම දැඩි සත්කාර එකකයෙම ඉන්න ඔනේ නැ
    අපි දවසක අපේ දෙයින්ම නැගිටින්න ඔනේ
    නැගිටලා අපිට නැගිටින්න අතදුන්න අපි 0 ඉන්න කොට අපි ලඟ හිටපු හැමොන්ටම පෙන්නන් ඔනේ සහා එයාටත් උදව් වෙන්න ඔනේ
    වෙනට සුභ පැතුම්
    දිගටම ලියන්න
    සුදු
    ජය!

    ReplyDelete
  2. එහෙනං කඩුපුලි බලන්නත් එන්නම්කෝ.

    ReplyDelete
  3. හංසියේ නුඹ යන්ට යනවා
    ඒත් පිපෙනව කඩුපුලී...
    හංස පියපත් සින්ද අය වෙත
    රැදෙනු කුමට ද තැවි තැවී...

    සිනාසී මහ රැයෙ පිපෙනු මැන
    සුවපත් ව සැනැහී යළී...
    සුමුදු කඩුපුල හොදින් අදුරන
    කෙනෙක් හමු වෙයි කඩුපුලී..

    jaya veva akkio..)))

    ReplyDelete