Tuesday, June 5, 2012

අදුර නුබ කිම්ද ????

සැදෑ අඳුර කෙමෙන් කෙමෙන් හාත්පස වසාගනිමින් පවතී.දෙදිනක් පුරා නිවසේ එකම හිස් ගොඩකි..එනමුදු නිහඩ බවත් , අතරින් පතර එකිනෙකා මුමුණන හඩත් හැරුණු විට එකම නිහඩ බවකි..ඊටත් වඩා සිත , ගත පුර හාරා පාරා  වද  දෙන වේදනාව මහා මෙරක් තරම් වේ.


හිටි හැටියේ මේ වුනේ මොකක්දැයි මට තවමත් සිත ගත නොහැක්කකි.සිහිනයෙන් අවදි වුවෙකු මෙන් මා තවමත් කටයුතු කරන්නේ උමතුවෙනි.මේ සිදුවීම මට අදහා ගත නොහැක්කකි.






 "නිලංග මචන් මේ කොළ ටික කොහෙද ගහන්න ඕනේ කියපන් "

"ම් ම් අනේ මන්ද බන්.අපේ අය්යගෙන් අහල බලපන්.එය කියයි."

"හා හා අපි අහන්නන්.උබ කලද ඉන්නේ ...නැඟී නිලංගට සුප් ටිකක් ගෙනත් දෙනවද?"

"මට එපා බන්. මට බොන්න බෑ.උබල ඔය වැඩේ කරලා වරෙන්කො.තව මොනවට හරි සල්ලි ඕනේ නං අය්යගෙන්  ඉල්ලා ගනින් "



"රංසි පැටි , ඔයාට මේ හැමදේම තෙරුන් ගන්න පුළුවන් කියල මන් දන්නවා.ඔයා මට හම්බවුනේ මගේ වාසනාවකට රන්සියෝ."


 මම බොහෝ විට රැකියාව නිසා කාර්ය බහුල වීමි..අපි අපේ අනාගතය වෙනුවෙන් කැප වී වැඩ කලෙමි.අපේ සුවිසල් නිවසත් මේ සියලුම යන වාහනත් මේ හැමදෙයක්ම අපි ලගා  කරගත්තේ මගේ කැප වීමෙනි. ඒ සදහා මට සහය වුයේ මගේ රන්සියි.එයා ගොඩක් වෙලාවට තනියම හැම දේම කරගත්තා.මට මගේ වැඩ කරගන්න එයා ගොඩක් උදව් වුණා. මේ හැම දෙයකම කරගන්න එයා ගොඩක් මහන්සි වුණා.එයාගේ ජිවිතේ කිසිම දෙයකින් අඩුවක් තිබුනේ  නෑ.එයාට ඕන දෙයක් හිතන පරක්කුවට කරගන්න එයාට හැම පහසු කමක්ම  මන් මගේ රන්සිට කරලා දීල තිබුනේ.එයාට කොහේ හරි යන්න ඕනේ වුනාම යන්න වහනයක් තිබුන එයාට.වෙන ඕනෑම දෙයක් කරන්න තරං එයාට සල්ලි තිබුන.ඒ හැම දේමත් තියෙද්දිත් මේ දේ වුනේ කොහමද කියල මට තාමත් හිත ගන්න බෑ.




 "නිලංග හාමුදුරුවෝ වඩිනවා කිව්වේ කීයටද?"
මන් සිතුවිලි දැහැනින් මිදුනෙමි..
"4 ටද කොහෙද...අනේ අය්යගෙන් අහපන් බන්.මට කල්පනාවක් නෑ" 


 රංසි එක්ක මන් මට පුළුවන් හැම වෙලාවේම හිටියා..එය එක්ක මන් ගොඩක් තැන වලට ඇවිදින්න ගියා..ඒ  තැන් වලින් රංසි ගොඩක් කැමති ගෝල්ෆේස් එකට.මට ගොඩක් වෙලාව තිබුනේ නෑ. එත් එක දවසක් එය පුංචි ළමයෙක් වගේ මගේ උර හිසේ ඔලුව තියාගෙන මාව බදාගෙන හිටපු හැටි මට දැනුත් දෙනෙනවා වගේ....රංසි හැමතිස්සෙම කියපු දෙයක් තිබුන..


 " මන් දන්නවා ඔය මට ගොඩක් ආදරෙයි කියල...එත් මට ඒ ආදරේ දෙන්න..මට දැනෙන්න ආදරේ කරන්නකෝ.."
" හරි හරි රන්සියෝ මන් ඔයා ගාව ඉන්නවා හැමදාම...ආදරෙයි ගොඩක් හොදේ"

 රන්සිගේ නළලේ රස්නය දැනුත් මගේ දෙතොලට දැනුණි.

 දින සති ගත වෙලා ගියා..ගෙවල් වලින් කැමැත්ත අරන් අපි අපේම කියල කුරුළු කුඩුවකට ආවා...අපි යාලු වෙලා දැනට අවුරුදු 8 ක් විතර වෙනවා.මන් සතුටු වුන මාව තෙරුන් අරන් රංසි මන් ගාව හිටිය එකට.අපි අතරේ රණ්ඩු සරුවල් ඇති නොවුනම නෙමේ..එත් අපි ආදරෙන් හිටියා..ගොඩක් වෙලාවට රංසි ගෙදර තනියම හිටියට මන් හැම වෙලාවේම එය ගැන හොයල බැලුවා.
මන් හිතුවේ එය සතුටින් කියල.

 මාව දල යන්නේ නෑ කියල මන් ගාවින් හුරතල් වුන මගේ කෙල්ල අද මාව දල ගිහින්./////
ඇයි රන්සියෝ ඔයාගේ මහත්තයා මෙහෙම තනි කරලා ගියේ..ඇයි  මගේ වස්තුවේ.............

 මට මතක එපමණයි...හාත්පස කළුවර වෙනු මට දැනුනි..මගේ මිතුරන් කිහිප දෙනෙකු මාව වත්තන් කරන් යනු මට යන්තමට මෙන් මතකයි.


 මේ මගේ පලවෙනි කෙටි කතාව...මන් ස්කොලේ යන කාලේ ඉගෙන ගත්ත විදියට කෙටි කතාවේ ලක්ෂණ එකතු කරන් මේක ලිව්වා...මේකේ ගුණ දොස් කොහමද කියල මට කියන්න.ඒ වගේම රංසි , නිලන්ගාව දල ගියෙත් ඇයි කියල ඔයාල හිතන දේවල් මට කියන්න.....

7 comments:

  1. අන්තිම ටික තේරුනේ නැහැ වගේ .....

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම් අන්තිමට වෙන්නේ නිලංගට කලන්තේ හැදෙනවා...මට ඕන වුනේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියල පෙන්නලා අපේ සමාජේ මෙහෙම දේවල් වෙන එක වළක්වන්නයි.... :)

      Delete
  2. හරිම ලස්සනයි........ඒත්.......ඇත්තටම ඇයි රංසිට මැරෙන්න හිතුනේ.........මේ කතව කියවද්දි පවා මට නම් දැනෙන්නෙ නිලංග මොන තරම් රංසිට ආදරේද කියලමයි.....

    ඇත්ත..... ජීවිතේ විඳින්නයි ඕන හැම මොහොතෙදිම....ආදරේ දැනෙන්න කරන්නත් ඕන තමා....එත්...එක එක්කෙනා ආදරේ කරන විදිය එකිනෙකාට වෙනස්....මං හිතන්නෙ නිලංග ආදරේ කරපු විදිය, නිලංග ආදරේ පෙන්වන විදිය අවුරුදු 8ක් ගිහිනුත් රංසිට තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා...අනික් අතට රංසි මොන විදියටද නිලංග ගෙන් ආදරේ බලාපොරොත්තු වෙන්නෙ කියලත් අවුරුදු 8ක් ගිහිනුත් නිලංගටත් තේරුම් ගන්න බැරි වෙලා....
    මං හිතන්නේ ඇත්තටම පස්සේ පසු තැවෙනවට වඩා මුල ඉදන්ම එකිනෙකාව තේරුම් ගන්න උත්සහ කලා නම්, මේ තරම් දුකක් නිලංග ගෙ හිතට ඇති වෙන්නේ නෑ...එහෙනම් අදටත් රංසිත් ජීවතුන් අතර....හ්ම්ම්ම්..........පුදුම විදියට හිත පතුලටම දැනුන දුක්බර කතාවක්....

    හරිම ලස්සන නිර්මාණයක්.......දිගටම ලියන්න හංසංගනා.....සුබ පැතුම්...........:)

    ReplyDelete
    Replies
    1. බොහම ස්තුතියි අක්කේ,,,ඇත්ත නිලංග රන්සිට ගොඩක් ආදරෙයි..රන්සිත් නිලඟට ගොඩක් ආදරෙයි.කවුරුත් ආදරේ නැතිව නෙමේ..එත් අවශ්‍ය දේ නොලැබීම මත ඇයට ඉවසීමේ සිමාව ඉක්මවා යනවා අක්කේ..රන්සිට වෙලා තිබුනේ ඒක.. ගොඩක් ස්වාමිපුරුෂයන්ට අද නොතේරෙන දෙයක් ඕක...තමන්ගේ බිරිදගේ හැගීම් තෙරුන් ගන්න බෑ.ඇය හිනාවෙන්නේ අත්තටද බොරුවටද කියල තෙරුන් ගන්න බෑ ..ඒ දේ අවදානයට යොමු කරන්නයි මට ඕනේ වුනේ..මොකද ජිවිතයක් විනාස වුනාට පස්සේ හේතු හොයනවට වඩා , දෙන්නෙක් එක්ක ආදරෙන් ඉන්න එකට හේතුවක් හොයන එකයි වැදගත් වෙන්නේ...ඒක ගැනයි මන් ලිව්වේ.......... :)

      Delete
  3. අකු‍රු ලොකු කරන්ට..

    ජය !

    ReplyDelete