Thursday, June 7, 2012

සතුට නුබ කොහෙද?

රැයේ සිට නිදි වරා
ටිකෙන් ටික අමුණලා
වචන ටික ගලපලා
ගෙත්තමක් මන් කලා

උදේ සිට මග බලා
සිටියේ මන් එන තුරා
ඔබේ මුව මට කියන
දහස් දේ අසනටා

ආදරය විදිමි මම
මහා මෙරක් සේ ඔබෙන්
නමුදු කල්පිත දෙයක්
ගැලපුවෙමි මන් මෙසේ

කතාවේ අවසානේ දුක බව මම දනිමි
එය කතාවක්ම පමණකි මම කියමි
තරහ වන්ට වුනු වරද නොමදනිමි
සතුට ඉරි තලා ගිය වග දැනිණි
 
 

4 comments:

  1. මගේ හිත මට අයිති නැතිකොට
    කෙසේනම් බලකරන්නද නොසිත ඉන්නට
    අන්සතු වූ මගේ හිතට

    ReplyDelete
  2. අවසානෙ දුකම බව දැන දැනම
    පෙම් කලෙමි මහමෙරක් තරමටම
    පහන් දැල්ලට ලොබ බඳින ලද මම
    පිච්චුනෙමි පුංචි පළගැටියා විලසටම....

    ලස්සන කවි පංතියක්....ආදරේ....අවසානෙ.. සතුට හැංගෙනවා..

    ReplyDelete