Friday, June 14, 2013

නුබට බෑ දුර යන්න , යන්නේ අපි එකටමයි

ඔය ලමැද පුරාවට දිව යන්න මට සිතින්
සිත් කොනේ සිට නෙතට , නෙතු ඉමේ සිට ලවන්
සොරාගෙන ඇස් තුඩගේ, කිමිදෙන්න නුබ මතින්
හීන පේනා රෑට නොහැකි වෙ
න්නේ නෑ ඉතින්

මා ඇසේ කදුළු බිදු නුබේ මිස මගේ නොවෙයි

වාතලයේ නුබ වටා  මදපවන මම තමයි
 ජීවිතය පුරාවට නුබ මගේ රන් කදයි
නුබට බෑ දුර යන්න , යන්නේ අපි එකටමයි




5 comments:

  1. පද වැල් රස වින්දා. "නුඹට බෑ දුර යන්න" කියන ටික වෙනස් කළොත් කොහොම ද?

    ReplyDelete
  2. මා ඇසේ කදුළු බිදු නුබේ මිස මගේ නොවෙයි

    ආදරය කියන්නේ හරිහ සුන්දර දෙයක්. ඒ වගේ ම ආදරය නිසා ම බිහිවන වෙන්වීම, වේදනාව, විරහව සහ තනිකම කියන දේවලුත් හරිම සුන්දරයි. ඒ සියල්ල තමයි ජීවිතය කියන්නේ. මං හිතන විදිහට නම් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ දෙවල් එක්ක කරන ගණුදෙනුවට යි. යමෙක්ගේ ජීවිතය සාර්ථකයිද අසාර්ථකයි ද කියලා තීරණය කරන්නේ මේ දෙවල් සමග කරන ගණුදෙනුව තුළින් ම තමයි.

    කෙනෙක් ආදරය කරනවා. ඒත් අනෙකා ඒකට එකග නෑ. පළමු වෙනියා කොහොම හරි දෙවනි කෙනාව කැමති කරගන්න මාර දුකක් විදිනවා. අන්තිමට මේ දෙන්නා එකතු වෙනවා කියමුකෝ. දැන් පළවෙනියා තමන්ගේ තරගය දින්නා. ඒ කියන්නේ දෙවනියා පැරදුනා ද ? නෑ ඒ දෙන්නා සතුටෙන් ජීවත් වු‍ණොත් දෙන්නා ම දිනුවා වෙනවා. ඒක තමයි මේ ජීවිතේ විශේෂත්වය. හරි දේ හෝ වැරදි දේ කියලා නිශ්චිත දේවල් නෑ. සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කියලා නිශ්චිත දේවල් නෑ. ඒ සියල්ල තීරණය වෙන්නේ අපේ හැසිරීම මත.

    බරපතලව හිතන්න එපා. හිතට ආපු පොඩි දෙයක් කිව්වේ. ඔබේ කවි හරිම සිත්ගන්නා සුළුයි. අපේ ‍බ්ලොග් එකේ ඔබේ බ්ලොග් එකට වෙනම තැනක් දුන්නේ ඒකයි. මේ කවියත් ලස්සනයි. ඉදිරියේ දී හමුවෙමු.

    තුෂාර විතාරණ
    කුරැටු ගෑ ගී පවුරෙන්

    ReplyDelete