පහන් බම්බලපිටියෙන් බැහැල office එකට යනගමන් පාරේ හිටිය හිගන්නෙකුට අම්ම දීපු බත් එක දුන්න.ඒ මනුස්සය පින් දිදී එක ගත්ත හැටි දැකල පහනට සතුටු හිතුන.කෝච්චියේ මතක් වුණා පද පේලියේ ඉතුරු පද ටික පහන් office එකේ මේසේ ඔලුව හන්ගන් ලිව්වා
මගේ සදලිය
ඈත දිනයක හීන අමුනපු
සොදුරු සුන්දර හැගුම් මුමුණපු
මගේ දෙව්ලිය මාව සනසපු
මා දමා ඈ ඇත පියබපු
පෙරදාක මා හිතේ සැගවුණු
මගේ හැම හැගුමක්ම පුබුදපු
දකින්නට බැරි දිනක් ගතවුණු
මා දමා ඈ ඇත ඉගිලුණු
සසර මා පතු එකම කුමරිය
සදලි ඔබ මගේ එකම දෙව්ලිය
කිම්ද අද මා මෙලස තනිවුන
මා සොයා යලි එන්න මගේ සදලිය
පුරුදු විදියට කවිය ලියල ඒක FB එකේ දැම්ම පහන්.එයාගේ බ්ලොග් එකෙත් ඒක
දාල පහන් එදා දවසේ තිබ්බ වැඩ ටික ඉවර කළා ඔරලෝසුවේ කටු මෙච්චර හිමිට
කැරකෙන්නේ ඇයි කියල මහන කල්පනා කරා.ඉස්සර සදලි එක්ක ඉද්දි හරිම ඉක්මනට
කැරකෙන කටු අද හරිම හිමින්.සදලි නැති දුක ඔරලෝසුවත් දැනිල වගේ.දවසේ වැඩ
ඉවර කරලා අයෙත් ගෙදර යන්න පහන් station එකට ගියා .කෝච්චිය පන ඇද ඇද වගේ
ආව. තමන්ගේ පනත් ඇදෙන්නේ මිට වඩා වෙනස් නෑ කියල දැනුන පහනට.ජිවිතේ දුක්
විදින එකම කෙනා තමන් කියල අනිත් අය දුක වහගෙන බොරුවට මවාපාන හිනාව ලග පහනට
හිතුන.ජිවිතේ හැටි ඔහම තම.ජිවත් වෙන්න තියෙන අන්තිම බලාපොරොත්තුවත් මේ
වෙද්දී පහන්ගේ හිතෙන ඉගිලිලා තිබ්බේ.සදලි ඉගිලිලා තිබ්බේ පහන්ගේ ජීවිතෙත්
අරන්. මොකද ඒ තරමටම පහන් සදලිට ආදරේ කළා
උපන්නාට ජිවත් වෙනවා මිසක් ජීවිතේට ආසාවකින් නෙමේ පහන් ඉන්නේ දැන්.අයෙමත්
පුරුදු අපාය.පහනට දැන් ගෙදර ඇපයක් වගේ.මොකද office එකේ හිර කරන ඉන්න දුක
පිට කරගන්න ගෙදරදිවත් ඉඩක් හම්බවෙන්න නැති නිසා.පහන් විදින දුක ඔක්කොටම
වැඩියෙන් පහන්ගේ තාත්ත දැනන් හිටියා.තාත්තත් ඔය වයස පහුකරලානේ අවේ.එත්
ආදරෙන් ලග ඉදන් ඔලුව අත ගෑවට පහනට සදලිව අමතක කරවන්න බෑ කියල තාත්ත දැනන්
හිටියා.
"උබට ඕනේ ඒ ගෑනි නං පලයන් ගෙයින් එලියට.නාහෙන් අඩන එවුන්ට මේ ගෙදර ඉඩ නෑ.ඇයි
වදේ අපි ළමයි හැදුවේ කොහෙවත් ඉන්න කෙල්ලෝ නිසා අඩ අඩ ඉන්නද? උබට ඕනේ ඒ ගෑනි මෙන්න දොර ඇරලා තියෙනවා.පලයන් ගෙයින් එලියට."
පහන්ගේ හිතට මේක යකඩෙන් හිතට අනිනවා වගේ.දුක දරාගන්න බැරි කමටම පහන් රෑට කාවෙත් නෑ.කාමරේට ගිහින් ඉකි ගගහ ඇඩුවා.
"කොල්ලට බාන්නට මගේ හිතට හරි නෑ හාමිනේ.පව් කොලුවා උහුලන දුක මට
තේරෙනවා.පුළුවන් කමක් තිබුනන් මන් ගිහින් ඒකිව එක්කන් එනවා.එත් ඕකි
නැතිවුනෙම අපේ එකාගේ වාසනාවට.එහෙම කියල තාත්ත ඇහැට ආව කදුල අම්මටත් හොරෙන්
පිහදගත්ත.
ගමන් මහන්සියට නින්ද ගිහින් හංසි නැගිටින කොට වෙලාව 9 ත් පහුවෙලා .. අද
හංසි කැම්පස් යන පලවෙනි දවස. අලුත් තැන .ටිකක් නුපුරුදුයි කියල හිතුනට හංසි
හිමිට හිමිට ගියා හොස්ටල් එකේ පහලට.කවුරුත් පෙන්න හිටියේ නැහැ.අනිත් අය
ලේක්චස් යන්න ඇති කියලයි හංසි හිතුවේ.
හංසි තේ එකකුත් හදාගෙන උඩට ඇවිත් ලෑස්ති වුණා.අද කැම්පස් යන පලවෙනි
දවස.ගෙදර හිටියනං අම්ම කිරිබත් හදල අලුත් ඇදුමක් අරන් දීල මාව ඉබල ගෙදරින්
පිටත් කරන හැටි මතක් වෙලා ඇස් දෙකට කදුළු ඉනුවා.මන් ගෙනාපු බුද්ද පින්තුරේ
බිත්තියේ ගහල ගංගාරාමෙ බෝ ගහ ගාව ඉන්නවා කියල හිතන් වන්ද. ගංගාරාමෙ ජිවිතේ තවත් එක කඩ ඉමක් විසදුන සොදුරු තෝතැන්නක් වෙයි කියල හංසි එදා නිකමටවත් හිතුවේ නෑ.
ලංකාවේ පුරුද්දට ඩෙනිමකුයි , ටි එකකුයි දැන් එලියට
බැස්සට එලිය හරිම සීතලයි. හංසි අයෙත් ඇවිත් අම්ම අරන් දුන්න winter
clothes ඇදගත්තා.මේකනං වදයක් කියල හන්සිට හිතුන.ඊයේ alf කිව්ව පාර දිගේ
හිමින් හිමින් හංසි කැම්පස් එකට ගියා..alf කිව්වත් හන්සිට පාර හරියටම ෂුවර්
එකක් තිබ්බේ නෑ දෙය්යෝ බුදුන් දැක්ක වගේ මහතම මහත ගනු ළමයෙක් සිගරට්
එකකුත් බිබී පාර දිගේ එනවා දැක්ක හංසි.හිතට ටිකක් පිළිකුලත් දැනුනත් හංසි
එයා එක්ක කතා කලා. international unit එකට යන පාර එයාගෙන් ඇහුවම අපරාදේ
කියන්න බෑ එයා යන ගමන නතර කරලා මාව එතනට එක්කන් ගියා.යන ගමන් අනන් මනං
විස්තර කතා කර කර ගියේ අපි..එයා ඇහුවේ මන් indian ද කියල. මන් ලංකාවේ
කිව්වම කැම්පස් එකේ හොදම යාලුවත් එයාගේ ලංකාවේ එක්කෙනෙක් කියල ඒ යාලුවට
දෙන්න කියල මගේ e -mail address එකත් එයා ඉල්ලා ගත්තා. මාව
international unit එකට එක්ක ගාවින් දල අයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් අපි
දෙන්න සමුගත්ත.මොකද ඒ වෙනකොටත් එයාගේ lecture එකට පරක්කුවෙලයි තිබුනේ..
මන් international unit එකේ දොර ඇරපු ගමන් robin ඇහුවේ මන් හංසිද
කියල.මන් එන්නත් කලින් මාව එයාල දැනන් ඉදල. අහ් නැහැනේ මීට කලින් අපි e
mail හුවමාරු කරගත්තනෙ.එත් ඒ පිළිගැනීමට මන් ගොඩක් ආස වුණා.හරිම
සුහදශීලියි.මේ රටේ මට හම්බවුන හැම කෙනෙක්ම ගොඩක් මිථ්රශීයි. එදා සිකුරාදා
දවසක්.ආයේ මට lectures තියෙන්නේ සදුදා.ඒ වෙනකන් මට කරන්න විශේෂ දෙයක්
තිබුනේ නෑ.කැම්පස් එකේ මගේ lecturesla හම්බවෙලා මන් shooping complex එකට
යන පාර දිගේ map එකත් දිග අරන් මන් ඔහේ ගියා.අහ් මගේ phone එකේ battry
හොදටම බැහැල තිබුනේ. එත් charge කරගන්න විදියක් තිබුනේ නෑ. එහෙ තියෙන්නේ
වෙනම කොටු පින් එකනේ.මන් strath village එකට ගියා.එක තම එහෙ තිබුන ලොකුම
ෂොපින් සෙන්ටර් එක. මගේ ඔසී ජිවිතේ ගොඩක් කාලයක් මේ strath එකේ ගෙවුන.මට
දුක හිතුන, පාලු හිතුන ,සතුටු හිතුන ගොඩක් දවස්වල මන් කලේ ගත කලේ strath
එකේ.
කලින් මන් නදුනි ඇන්ටිගේ no එක ඉල්ලන් අවේ මන්ජුලා ඇන්ටිගෙන්.ෆොනේ එකේ
අන්තිම battry කට්ටෙන් මන් නදුනි ඇන්ටිට කෝල් කලා.ඇන්ටිත් හරිම සුහදයි.ඒ
වෙලාවේ ඇන්ටි බබලව ඉස්කෝලේ දන්නා යනගමන්.ඒ ගමන්ම මවත් city එකට එක්කන්
යන්නන් කියල ඇන්ටි මට strath එක ගාව ඉන්න කිව්ව.විනාඩි 5 ක් යන්න කලින්
ඇන්ටි ආවා.ජිවිතේ මිට කලින් කවදාවත් දැකල නැති මේ මිනිසා මන් කැම්පස් එකේ
ඉන්නකන්ම මගේ අම්ම වගේ හිටියේ.රටින් පිට අම්ම තාත්ත නංගී නැතිව මන් සමරපු
මගේ උපන්දිනේ දවසේ කේක් එකක් ගෙනල්ල කිරිබත් හදල මට surprise party එකක්
දෙන්න තරං එයා මට අම්මෙක් වගේ සැලකුව.
කොහම හරි city එකට ගිහින් මගේ බඩුත් අරන් අයෙමත් මන් ඇන්ටි එක්ක අන්ටිලගේ
ගෙදර ගියා.පුංචි පුතා කවිඳු මට ඇන්ටි කියල කතා කරද්දී ලජ්ජත් හිතුන.හංසි
එච්චර වයසද කියල.එදා දවසට දවල්ටත් කාල , රෑටත් කාල හවස් වෙලා මන් අයෙත්
හොස්ටල් එකට ආවා.අරන් ආපු බඩු ඔක්කොම තාම බැග් වල. ඒවා අස් කරන්න ගත්තා
හංසි.රෑටත් කාල ආව නිසා ආයේ කම හදන්න ඕන වුනේ නෑ .බඩු අස් කරලා අම්ම එක්ක
skype කතා කාල.රෑ මට චන්දිමා අක්ක mail එකක් දාල තිබුන අක්කගේ ෆොනේ no
එකත් එක්ක.fb එකෙත් රවුමක් ගැහුවා.එත් යාලුවෝ ගොඩක් ඒ වෙලාවේ on line
නැහැ.මොකද ඉතින් ඔසී වල වෙලාව ලංකාවට වැඩ පැය 5 ක් වෙනස් නේ . කවි පැදුර
පැත්තේ රවුමක් ගියාම ලස්සන කවි පන්තියක් තිබුන.පුරුද්දක් විදියට හංසි
හැමදාම මේ පැත්තේ එනවා.
" මගේ සදලිය "
ලස්සන කවි පන්තියක්.හංසි හරිම අසාවෙන් එක කියෙව්වා.කවි ලියන්න එයට දිරිමත්
කරන්න කියල හිතාගෙන හංසි එකට like එකක් දැම්ම.එත් එක කවිපන්තියක්ම විතරක්ම
නෙමේ කියල හන්සිට තේරුණා. පව් කවුරු හරි ගොඩක් දුකෙන් මේක ලියල තියෙන්නේ
කියල හන්සිට හිතුන.පව් ඒ සිතට ඉක්මනට සුවය ලැබෙන්න කියල හිතල හංසි lap එක
off කළා.
Amme hoday...yaantham hansita pahanwa ikmanatama aduraganna labewi neda.. Pahan maarama paw ayyo....:-( im waiting 4 part 5...harima lassanay !
ReplyDeletehmmmmm balamuko hansita pahanwa hambaweida kiyala....;)
ReplyDeletethanku akke....
pothe hatiyata nam ehema wenna ona.....balamu balamu...:)
ReplyDeletehe he akke...oya kiyanne oya mona pothada danne nane???? :P
Delete????
ReplyDelete