දහස් දෙනකගේ නුවන් අතරේ මා සෙවූ නිල් මැණික ඔබමය
සසර වසන තුරු මේ බවය තුල මගේ ඉටු දෙවියාද ඔබමය
අද දිනද මෙන් නුපදින හෙට මගේ ලෝකයේ පහන ඔබමය
ඉවසීම සිත දරා සෙනෙහස පුදන්නට හුරු කලේ ඔබමය
සසර වසන තුරු මේ බවය තුල මගේ ඉටු දෙවියාද ඔබමය
අද දිනද මෙන් නුපදින හෙට මගේ ලෝකයේ පහන ඔබමය
ඉවසීම සිත දරා සෙනෙහස පුදන්නට හුරු කලේ ඔබමය
හෙට දිනේ ඔබ යන්න සැරසෙන ඔබේ නව මන් ජය පතා
දෑස තෙත් වන කදුළු බිදු මන් හිරකරන්නන් දුක දරා
ඈත හෙට දින මගේ කිරුළත් අරන් ඔබ යලි එන තුරා
ආදරෙන් මන් බලා ඉන්නන් යන්න කිසි සැකයන් නැතා
යසෝදරාවන් එදා ගියේ නම් තමන් සිදුහත් හිමි සොයා
අදත් ලොව්තුරු බුදු කෙනෙක් නැහැ තවම අපි අසරණ වෙලා
ඒ ගමන් මග තව ඈත වුව ඔබත් මට සිදුහත් නිසා
ඔබේ පසුපස ඔබට සවියක් වෙන්නෙමි මන් ඔබ පතා
මගේ යාලුවෙක්ගෙ අත්දැකීමක් මේ..එයාගේ රස්සාවේ හැටියට එයාට මස එකහමාරක් දුර
වැඩට යන්න වෙලා..අම්පාරේ..ඉතින් එයාට දුකයි එයාගේ පෙම්වතිය දාලා ඒ දුර ගමන
යන්න..මොකද අද කාලෙ හැටියට තප්පරයත් ඇති නේ කෙනෙකුට තවත් කෙනෙක් නැති
වෙන්න..කෙනෙක් නොමග යන්න..වැරදි වැටහීමක් වෙන්න...ඉතින් ඒ වගේ වෙලාවක එයාගේ
ආදරවන්තියට මෙහෙම හිතෙන්න ඇති කියල මට හිතුන.පෙම්වතාත් දුකෙන් එයාව දාලා
යන්න වෙනවට..මට මතක් වුනේ යසෝදරා දේවියගේ චරිතේ..ආදරේ ගැන තවත් පැත්තක්
ලිව්වා ඔන්න අදත් යාලුවෙක්ගෙ අත්දැකීමක් පරිකල්පනය කරලා...අදත් වෙනද වගේම
මේකේ ගුණ දොස් කියන්න බලන්න මගේ යාලුවනේ..මන් කැමතියි ඔයාල මේ අදහස ගැන
වගේම මගේ නිර්මනේ අඩු පාඩුත් කියනවනං..ඒක මගේ ඉස්සරහ නිර්මාණ වලට ලොකු
හය්යක් වෙයි......... :)
kanata gasuwa waniya...kisith nokiyami
ReplyDelete:( :( :(
Deletekatawath gasimata mata uwamana nowuni.......kisith nokiyami :(
adaraye thawath paththak liwemi.epamani.:/
යසෝදරාවන් එදා ගියේ නම් තමන් සිදුහත් හිමි සොයා
ReplyDeleteඅදත් ලොව්තුරු බුදු කෙනෙක් නැහැ තවම අපි අසරණ වෙලා
අපූරුවට වියෙගය දරාහන්න හැටි කියවෙනවා.. සුභ පැතුම්
thankuuuuuuuuuu :)
Deleteඅපුරූ කවිපන්තියක් ගොඩාක් ලස්සනයි ...
ReplyDeletethanku robin....:)
Delete