හීන කතන්දර නුබ ගොතා
පලදවන්නේ හිස තබා
පුදන ආදරේ වැටහුනා
සසර පෙර පුරුදක් නිසා
දෑසේ මනේ පායලා
කයද සිත මෙන් ලංවෙලා
නමුදු ආදරේ සිත දරා
ඉන්නේ කෙලෙසද ඉවසලා
අතක් දුර හිද හිනැහිලා
සිතක් වටකර පෙම් කරා
සනසවන්නේ නුබ මෙමා
රකින ලෙස මා ලොව්තුරා
ආදරෙන් බැදුණු ප්රේමතුර වූ ප්‍රේමවන්තයින් දෙපලකට නිහඩ නිසල පරිසරයක
හුදෙකලා වන්නට ලැබුනොත් ඔවුන් කෙසේ හැසිරෙනු ඇත්ද ???නමුත් තමන්ට ඇති
උතුම්ම වස්තුවක් රකින නාග රාජයෙක් එය රකින්නේ යම්සේද එසේ ඒ ආදරය රකින්නට ,
පරිස්සන් කරන්නට යමෙකුට හැකිවෙනන් එය ඔවුන්ගේ අතම දමනය මතම
සිදුවන්නකි.නමුත් අද බොහෝ විට මග තොට , බස් එකක අපිට දකින්න හම්බෙන්නේ එහෙම
ආත්ම දමනයක් නැති පෙම්වතුන්...ඒ අතරේ තමන්ගේ පෙම්වතියගේ ආත්ම ගරුත්වය රකින
ප්‍රේම වන්තයෙක් ගැනයි මේ අදහස.... වෙනද වගේම ඔයාලගේ ගුණ දොස් comment කරන්න.....
අදහස හරිම ලස්සනයි අක්කේ.මේ වගේ පිවිතුරු ආදරවන්තයන් වාසනාවන්.
ReplyDeleteපුළුවන්නම් මේ සති අන්තයේ සිළුමිණ පත්තරේ පුන්කලස අතිරේකයෙ තියෙන පරමහංස ආදරය කියන තීරු ලිපිය කියවන්න.ඒකෙන් කියන්නෙත් මේ වගෙ උත්තරීතර ආදරයක් ගැන.
බොහොම ස්තුතියි නංගියෝ..මන් අනිවාර්යෙන් ඒ ලිපිය කියවන්නන්..ඇත්ත එහෙම අය වාසනාවන්තයි තමා ගොඩක්.....;).
Delete//තමන්ට ඇති උතුම්ම වස්තුවක් රකින නාග රාජයෙක් එය රකින්නේ යම්සේද එසේ ඒ ආදරය රකින්නට , පරිස්සන් කරන්නට යමෙකුට හැකිවෙනන් එය ඔවුන්ගේ අතම දමනය මතම සිදුවන්නකි.//
ReplyDeleteඅනිවාර්යෙන්ම!! ඒක ඇත්තම ඇත්ත.. තමන්ට තමන් පාලනය කරගන්න. තමන්ව මෙහෙයවන, පුලුවන් කෙනෙක්ට විතරයි පුලුවන් තවත් කෙනෙක් වෙනුවෙන් කැපවෙන්න..
ඒක ඇත්ත යාලු..හැමදේටම වැදගත් ආත්ම දමනය තමා...ගොඩක් ස්තුතියි ඔයාටත්...:)
Deleteහප්පෙ ප්‍රහේලිකාවක්ම තමා හරියට තෙරෙන්න අවුරුදු ගානක් යනවා සමහරවිට උත්තරෙ වැරදියි. එතකොට ආයෙත් හැදුවට උත්තරෙ කවදාවත් හරි යන්නෙ නෑ
ReplyDeleteඇත්ත...ආදරය ගොඩක් සංකීර්ණ දෙයක් තමා...ඔයාටත් ස්තුතියි හංසිගේ විලට ගොඩවුනාට ..:)
Deletehmmm
ReplyDeleteමොකද සෑම් අද හ්ම් හ්ම් විතරක් කියන්නේ....:)
Deleteඋතුම්ම වූ කැපකිරීම්
ReplyDeleteබැදීම් ඇතිකල හැකි
එකම සාධකය වනුයේ
ආදරයයි....
ඔව් ඒක ඇත්ත...ආදරේට කරන්න බැරි දෙයක් නෑ,, ඒ වගේ වගේම ආදරේ වෙනුවෙනුත් කරන්න බැරි දෙයක් නැහැ නේද???
Deleteඔයාටත් ස්තුතියි හංසිගේ විලට ගොඩවුනට :)
මේ ටිකට ඔය පට්ට කිවිඳියක් වෙලානේ... :)
ReplyDeleteඅපෙන් සුබ පැතුම්
ප්රහේලිකවට නම් උපකාරක පද ලැබෙනකන් ඉවසන කෙනා තමයි හරිම විසඳුම හොයා ගන්නේ
_රුකා_
අනේ මේ බොරු කියන්න එපා රුක්ස්...thnkuuu hode
Deleteහ්ම් හ්ම් මාත් මේ බලන් ඉන්නේ උපකාරක පද හම්බවෙනකන් තමා...... :) ;)