Saturday, June 2, 2012

ප්‍රේහෙලිකාව

හීන කතන්දර නුබ ගොතා
පලදවන්නේ හිස තබා
පුදන ආදරේ වැටහුනා
සසර පෙර පුරුදක් නිසා




දෑසේ මනේ පායලා
කයද සිත මෙන් ලංවෙලා
නමුදු ආදරේ සිත දරා
ඉන්නේ කෙලෙසද ඉවසලා




 අතක් දුර හිද හිනැහිලා
සිතක් වටකර පෙම් කරා 
සනසවන්නේ නුබ මෙමා
රකින ලෙස මා ලොව්තුරා 


 ආදරෙන් බැදුණු ප්‍රේමතුර වූ ප්‍රේමවන්තයින් දෙපලකට නිහඩ නිසල පරිසරයක හුදෙකලා වන්නට ලැබුනොත් ඔවුන් කෙසේ හැසිරෙනු ඇත්ද ???නමුත් තමන්ට ඇති උතුම්ම වස්තුවක් රකින නාග රාජයෙක් එය රකින්නේ යම්සේද එසේ ඒ ආදරය රකින්නට , පරිස්සන් කරන්නට යමෙකුට හැකිවෙනන් එය ඔවුන්ගේ අතම දමනය මතම සිදුවන්නකි.නමුත් අද බොහෝ විට මග තොට , බස් එකක අපිට දකින්න හම්බෙන්නේ එහෙම ආත්ම දමනයක් නැති පෙම්වතුන්...ඒ අතරේ තමන්ගේ පෙම්වතියගේ ආත්ම ගරුත්වය රකින ප්‍රේම වන්තයෙක් ගැනයි මේ අදහස.... වෙනද වගේම ඔයාලගේ ගුණ දොස් comment කරන්න.....  

12 comments:

  1. අදහස හරිම ලස්සනයි අක්කේ.මේ වගේ පිවිතුරු ආදරවන්තයන් වාසනාවන්.
    පුළුවන්නම් මේ සති අන්තයේ සිළුමිණ පත්තරේ පුන්කලස අතිරේකයෙ තියෙන පරමහංස ආදරය කියන තීරු ලිපිය කියවන්න.ඒකෙන් කියන්නෙත් මේ වගෙ උත්තරීතර ආදරයක් ගැන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගියෝ..මන් අනිවාර්යෙන් ඒ ලිපිය කියවන්නන්..ඇත්ත එහෙම අය වාසනාවන්තයි තමා ගොඩක්.....;).

      Delete
  2. //තමන්ට ඇති උතුම්ම වස්තුවක් රකින නාග රාජයෙක් එය රකින්නේ යම්සේද එසේ ඒ ආදරය රකින්නට , පරිස්සන් කරන්නට යමෙකුට හැකිවෙනන් එය ඔවුන්ගේ අතම දමනය මතම සිදුවන්නකි.//

    අනිවාර්‍යෙන්ම!! ඒක ඇත්තම ඇත්ත.. තමන්ට තමන් පාලනය කරගන්න. තමන්ව මෙහෙයවන, පුලුවන් කෙනෙක්ට විතරයි පුලුවන් තවත් කෙනෙක් වෙනුවෙන් කැපවෙන්න..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත යාලු..හැමදේටම වැදගත් ආත්ම දමනය තමා...ගොඩක් ස්තුතියි ඔයාටත්...:)

      Delete
  3. හප්පෙ ප්‍රහේලිකාවක්ම තමා හරියට තෙරෙන්න අවුරුදු ගානක් යනවා සමහරවිට උත්තරෙ වැරදියි. එතකොට ආයෙත් හැදුවට උත්තරෙ කවදාවත් හරි යන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත...ආදරය ගොඩක් සංකීර්ණ දෙයක් තමා...ඔයාටත් ස්තුතියි හංසිගේ විලට ගොඩවුනාට ..:)

      Delete
  4. Replies
    1. මොකද සෑම් අද හ්ම් හ්ම් විතරක් කියන්නේ....:)

      Delete
  5. උතුම්ම වූ කැපකිරීම්
    බැදීම් ඇතිකල හැකි
    එකම සාධකය වනුයේ
    ආදරයයි....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත...ආදරේට කරන්න බැරි දෙයක් නෑ,, ඒ වගේ වගේම ආදරේ වෙනුවෙනුත් කරන්න බැරි දෙයක් නැහැ නේද???
      ඔයාටත් ස්තුතියි හංසිගේ විලට ගොඩවුනට :)

      Delete
  6. මේ ටිකට ඔය පට්ට කිවිඳියක් වෙලානේ... :)
    අපෙන් සුබ පැතුම්
    ප්‍රහේලිකවට නම් උපකාරක පද ලැබෙනකන් ඉවසන කෙනා තමයි හරිම විසඳුම හොයා ගන්නේ
    _රුකා_

    ReplyDelete
    Replies
    1. අනේ මේ බොරු කියන්න එපා රුක්ස්...thnkuuu hode
      හ්ම් හ්ම් මාත් මේ බලන් ඉන්නේ උපකාරක පද හම්බවෙනකන් තමා...... :) ;)

      Delete