පුද දුන් සෙනේ වරදක් වූයේ කොතනි
සසරේ පුරුද්දට හමුවුයේ ඇයිද හිමි
පදනම් දමා ආදරේ කොටු කල නොහැකි
ඔබේ සතුට වෙනුවෙන් දුර ඇදෙන්නෙමි
පදනම් දමා ආදරේ කොටු කල නොහැකි
ඔබේ සතුට වෙනුවෙන් දුර ඇදෙන්නෙමි
සතුට ඉරි තලා නියගය ආවාදෙන්
දුර ගිය ඔබේ මතකය මිය නොයෙද්දෙන්
දින සති ගෙවී කාලය ඉගිලී යද්දෙන්
විය හැකි හොදම දේ සිදුවී මා මියයද්දෙන්
දුර ගිය ඔබේ මතකය මිය නොයෙද්දෙන්
දින සති ගෙවී කාලය ඉගිලී යද්දෙන්
විය හැකි හොදම දේ සිදුවී මා මියයද්දෙන්
මගේ මතක දුක් කදුලක් නොවේවා
නෙත දැල්වෙන සතුට ඇතක නොයේවා
මග නොබලා හිදින්නම් හිමියනි ඔබ දිනේවා
ආදරේ කරන්නම් ඔබහට එය නොදැනෙවා
ඉන්න බව දැනේ දොඩමලු වෙනු කැමති
ඔබ සිත තවත් පාරන්නට නොම කැමති
නොදුටු විලස යන්නම් එය ඔබට රුති
දෙතැනක වෙලා දෙසිතක් ආදරේ කරති
ඔබ සිත තවත් පාරන්නට නොම කැමති
නොදුටු විලස යන්නම් එය ඔබට රුති
දෙතැනක වෙලා දෙසිතක් ආදරේ කරති
කඩුපුල් නෙතක් ළග පිපිලා පිනි වැටුණූ
ReplyDeleteමේ ආදරය කොතරම් සොදුරුද දකිනූ
බැරි වූ හිතක් කොපමණ අදුරුද කියනූ
අනාදරෙක සෙවනැලිවත් නැහැ පෙනෙනූ
අහබුව ඇවිත් කඩුපුල් මල් පිබිදුවුණු
Deleteහංසිය ලග හුන්නු ආදර කුළුණු
දුරකට ඇදී,කඩුපුල් මල් පෙති මිලිනු
ආදරයද අනාදරයද මෙය රූ ඇදුනු
ආදරයක් ඇති හිතකට දුක දීලා
ReplyDeleteඅහස උසට මැවූ හීන බිඳ දලා
තනිවූ හිතට කඳුලැලි ගංගා දීලා
අනාදරය ඇත ආදරේ වළ දාලා
දුක දැනුනත් තාමත් ආදරේ ඇත්තේ
Deleteමැවූ හීන තාමත් එලෙසෙම ඇත්තේ
තනිවූ හිතක කදුලැලි ගංගා මත්තේ
ආදරේ තාම මළගම නොගිහින් ඇත්තේ
හ්ම්ම්ම්... ඒත් ඔහොම හිතන අය අද ලෝකෙ නෑ
ReplyDeleteඇත්ත මෙහෙම හිතන්න අමාරුයි....
Deleteඑත් නොහිතන අය නැත්තෙමත් නැ යසිත් ....
hmmmmmmm
ඇත්ත මෙහෙම හිතන්න අමාරුයි....
Deleteඑත් නොහිතන අය නැත්තෙමත් නැ
කියන වචන ටිකට මම එකඟ යි.
(Y)
Deleteප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
ReplyDeleteරිසි වූ කෙනෙකුට පූජා කරනට
ලෝබ බවින් තොර පිදුව මනා වේ
ආපසු ලබනට නො සිතා බිඳකුත්
කියන කවිය මතක් වුණා....
මාත් ඔය කවිය අහල තියෙනවා රත්න ශ්‍රී ගේ ... ඔය කතාව නං ඇත්ත තමා දිලිනි....
Deleteනෑ නෑ සරච්චන්ද්‍ර ෙග්....
Deleteඔයාගෙම වචන ටික ඔයාටම කියනවා මම..
ReplyDelete" මෙහෙම හිතන අයට කවදාවත් වරදින්නෑ.. "
:)
Delete