Saturday, May 4, 2013

ආදරය - අනාදරය







පුද දුන් සෙනේ වරදක් වූයේ කොතනි 
සසරේ පුරුද්දට හමුවුයේ  ඇයිද  හිමි
පදනම් දමා ආදරේ කොටු කල නොහැකි
ඔබේ සතුට වෙනුවෙන් දුර ඇදෙන්නෙමි 

  

 සතුට ඉරි තලා නියගය ආවාදෙන් 
දුර ගිය ඔබේ මතකය මිය නොයෙද්දෙන්
දින සති ගෙවී කාලය ඉගිලී යද්දෙන්
විය හැකි හොදම දේ සිදුවී මා මියයද්දෙන්

 

 මගේ මතක දුක් කදුලක් නොවේවා
නෙත දැල්වෙන සතුට ඇතක නොයේවා
මග නොබලා හිදින්නම්  හිමියනි ඔබ  දිනේවා
ආදරේ කරන්නම් ඔබහට එය නොදැනෙවා



ඉන්න බව දැනේ දොඩමලු වෙනු කැමති
ඔබ සිත තවත් පාරන්නට නොම කැමති
නොදුටු විලස යන්නම් එය ඔබට රුති
දෙතැනක වෙලා දෙසිතක් ආදරේ කරති 

13 comments:

  1. කඩුපුල් නෙතක් ළග පිපිලා පිනි වැටුණූ
    මේ ආදරය කොතරම් සොදුරුද දකිනූ
    බැරි වූ හිතක් කොපමණ අදුරුද කියනූ
    අනාදරෙක සෙවනැලිවත් නැහැ පෙනෙනූ

    ReplyDelete
    Replies
    1. අහබුව ඇවිත් කඩුපුල් මල් පිබිදුවුණු
      හංසිය ලග හුන්නු ආදර කුළුණු
      දුරකට ඇදී,කඩුපුල් මල් පෙති මිලිනු
      ආදරයද අනාදරයද මෙය රූ ඇදුනු

      Delete
  2. ආදරයක් ඇති හිතකට දුක දීලා
    අහස උසට මැවූ හීන බිඳ දලා
    තනිවූ හිතට කඳුලැලි ගංගා දීලා
    අනාදරය ඇත ආදරේ වළ දාලා

    ReplyDelete
    Replies
    1. දුක දැනුනත් තාමත් ආදරේ ඇත්තේ
      මැවූ හීන තාමත් එලෙසෙම ඇත්තේ
      තනිවූ හිතක කදුලැලි ගංගා මත්තේ
      ආදරේ තාම මළගම නොගිහින් ඇත්තේ

      Delete
  3. හ්ම්ම්ම්... ඒත් ඔහොම හිතන අය අද ලෝකෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත මෙහෙම හිතන්න අමාරුයි....
      එත් නොහිතන අය නැත්තෙමත් නැ යසිත් ....
      hmmmmmmm

      Delete
    2. ඇත්ත මෙහෙම හිතන්න අමාරුයි....
      එත් නොහිතන අය නැත්තෙමත් නැ
      කියන වචන ටිකට මම එකඟ යි.

      Delete
  4. ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
    රිසි වූ කෙනෙකුට පූජා කරනට
    ලෝබ බවින් තොර පිදුව මනා වේ
    ආපසු ලබනට නො සිතා බිඳකුත්
    කියන කවිය මතක් වුණා....

    ReplyDelete
    Replies
    1. මාත් ඔය කවිය අහල තියෙනවා රත්න ශ්‍රී ගේ ... ඔය කතාව නං ඇත්ත තමා දිලිනි....

      Delete
    2. නෑ නෑ සරච්චන්ද්‍ර ෙග්....

      Delete
  5. ඔයාගෙම වචන ටික ඔයාටම කියනවා මම..
    " මෙහෙම හිතන අයට කවදාවත් වරදින්නෑ.. "

    ReplyDelete