Friday, June 22, 2012

පැහැසර සිත්තම් 04

පහන් බම්බලපිටියෙන් බැහැල office එකට යනගමන් පාරේ හිටිය හිගන්නෙකුට අම්ම දීපු බත් එක දුන්න.ඒ මනුස්සය පින් දිදී එක ගත්ත හැටි දැකල පහනට සතුටු හිතුන.කෝච්චියේ මතක් වුණා පද පේලියේ ඉතුරු පද ටික පහන් office එකේ මේසේ ඔලුව හන්ගන් ලිව්වා 

මගේ සදලිය


ඈත දිනයක හීන අමුනපු

සොදුරු සුන්දර හැගුම් මුමුණපු
මගේ දෙව්ලිය මාව සනසපු
මා දමා ඈ ඇත පියබපු

පෙරදාක මා හිතේ  සැගවුණු

මගේ හැම හැගුමක්ම පුබුදපු
දකින්නට බැරි දිනක් ගතවුණු
මා දමා ඈ ඇත ඉගිලුණු

සසර මා පතු එකම කුමරිය

සදලි ඔබ මගේ එකම දෙව්ලිය
කිම්ද අද මා මෙලස තනිවුන
මා සොයා යලි එන්න මගේ සදලිය 
         

    පුරුදු විදියට කවිය ලියල ඒක FB  එකේ දැම්ම පහන්.එයාගේ බ්ලොග් එකෙත් ඒක දාල පහන් එදා දවසේ තිබ්බ වැඩ ටික ඉවර කළා ඔරලෝසුවේ කටු මෙච්චර හිමිට කැරකෙන්නේ  ඇයි කියල මහන කල්පනා කරා.ඉස්සර සදලි එක්ක ඉද්දි හරිම ඉක්මනට කැරකෙන  කටු අද හරිම හිමින්.සදලි නැති දුක ඔරලෝසුවත් දැනිල වගේ.දවසේ වැඩ ඉවර කරලා අයෙත් ගෙදර යන්න පහන් station  එකට ගියා .කෝච්චිය පන ඇද ඇද වගේ ආව. තමන්ගේ පනත් ඇදෙන්නේ මිට  වඩා වෙනස් නෑ කියල දැනුන පහනට.ජිවිතේ දුක් විදින එකම කෙනා තමන් කියල අනිත් අය දුක වහගෙන බොරුවට මවාපාන හිනාව ලග පහනට හිතුන.ජිවිතේ හැටි ඔහම තම.ජිවත් වෙන්න තියෙන අන්තිම බලාපොරොත්තුවත් මේ වෙද්දී පහන්ගේ හිතෙන ඉගිලිලා තිබ්බේ.සදලි ඉගිලිලා තිබ්බේ පහන්ගේ ජීවිතෙත් අරන්. මොකද ඒ තරමටම පහන් සදලිට ආදරේ කළා
  උපන්නාට ජිවත් වෙනවා මිසක් ජීවිතේට ආසාවකින් නෙමේ පහන් ඉන්නේ දැන්.අයෙමත් පුරුදු අපාය.පහනට දැන් ගෙදර ඇපයක් වගේ.මොකද office එකේ හිර කරන ඉන්න දුක පිට කරගන්න ගෙදරදිවත් ඉඩක් හම්බවෙන්න නැති නිසා.පහන් විදින දුක ඔක්කොටම වැඩියෙන් පහන්ගේ තාත්ත දැනන් හිටියා.තාත්තත් ඔය වයස පහුකරලානේ අවේ.එත් ආදරෙන් ලග ඉදන් ඔලුව අත ගෑවට පහනට සදලිව අමතක කරවන්න බෑ කියල තාත්ත දැනන් හිටියා.
"උබට ඕනේ ඒ ගෑනි නං පලයන් ගෙයින් එලියට.නාහෙන් අඩන එවුන්ට මේ ගෙදර ඉඩ නෑ.ඇයි වදේ අපි ළමයි හැදුවේ කොහෙවත් ඉන්න කෙල්ලෝ නිසා අඩ අඩ ඉන්නද? උබට ඕනේ ඒ ගෑනි මෙන්න දොර ඇරලා තියෙනවා.පලයන් ගෙයින් එලියට."

පහන්ගේ හිතට මේක යකඩෙන් හිතට අනිනවා වගේ.දුක දරාගන්න බැරි කමටම පහන් රෑට කාවෙත් නෑ.කාමරේට ගිහින් ඉකි ගගහ ඇඩුවා.
"කොල්ලට බාන්නට මගේ හිතට හරි නෑ හාමිනේ.පව් කොලුවා උහුලන දුක මට තේරෙනවා.පුළුවන් කමක් තිබුනන් මන් ගිහින් ඒකිව එක්කන් එනවා.එත් ඕකි නැතිවුනෙම අපේ එකාගේ වාසනාවට.එහෙම කියල තාත්ත ඇහැට ආව කදුල අම්මටත් හොරෙන් පිහදගත්ත.
 
  



ගමන් මහන්සියට නින්ද ගිහින් හංසි නැගිටින කොට වෙලාව 9 ත් පහුවෙලා .. අද හංසි කැම්පස් යන පලවෙනි දවස. අලුත් තැන .ටිකක් නුපුරුදුයි කියල හිතුනට හංසි හිමිට හිමිට ගියා හොස්ටල් එකේ පහලට.කවුරුත් පෙන්න හිටියේ නැහැ.අනිත් අය ලේක්චස් යන්න ඇති කියලයි හංසි හිතුවේ.
හංසි තේ එකකුත් හදාගෙන උඩට ඇවිත් ලෑස්ති වුණා.අද කැම්පස් යන පලවෙනි දවස.ගෙදර හිටියනං අම්ම කිරිබත් හදල අලුත් ඇදුමක් අරන් දීල මාව ඉබල ගෙදරින් පිටත් කරන හැටි මතක් වෙලා ඇස් දෙකට කදුළු ඉනුවා.මන් ගෙනාපු බුද්ද පින්තුරේ බිත්තියේ ගහල ගංගාරාමෙ බෝ ගහ ගාව ඉන්නවා කියල හිතන් වන්දගංගාරාමෙ ජිවිතේ තවත් එක කඩ ඉමක් විසදුන සොදුරු තෝතැන්නක් වෙයි කියල හංසි එදා නිකමටවත් හිතුවේ නෑ.
ලංකාවේ පුරුද්දට ඩෙනිමකුයි , ටි එකකුයි දැන් එලියට බැස්සට එලිය හරිම සීතලයි. හංසි අයෙත් ඇවිත් අම්ම අරන් දුන්න winter  clothes ඇදගත්තා.මේකනං වදයක් කියල හන්සිට හිතුන.ඊයේ alf  කිව්ව පාර දිගේ හිමින් හිමින් හංසි කැම්පස් එකට ගියා..alf කිව්වත් හන්සිට පාර හරියටම ෂුවර් එකක් තිබ්බේ නෑ දෙය්යෝ බුදුන් දැක්ක වගේ මහතම මහත ගනු ළමයෙක් සිගරට් එකකුත් බිබී පාර දිගේ එනවා දැක්ක හංසි.හිතට ටිකක් පිළිකුලත් දැනුනත් හංසි එයා එක්ක කතා කලා. international  unit එකට යන පාර එයාගෙන් ඇහුවම අපරාදේ කියන්න බෑ එයා යන ගමන නතර කරලා මාව එතනට එක්කන් ගියා.යන ගමන් අනන් මනං විස්තර කතා කර කර ගියේ අපි..එයා ඇහුවේ මන් indian ද කියල. මන් ලංකාවේ කිව්වම කැම්පස් එකේ හොදම යාලුවත් එයාගේ ලංකාවේ එක්කෙනෙක් කියල ඒ යාලුවට දෙන්න කියල මගේ e -mail  address  එකත් එයා ඉල්ලා ගත්තා. මාව international  unit  එකට එක්ක ගාවින් දල අයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් අපි දෙන්න සමුගත්ත.මොකද ඒ වෙනකොටත් එයාගේ lecture එකට පරක්කුවෙලයි තිබුනේ..
මන් international  unit  එකේ දොර ඇරපු ගමන් robin ඇහුවේ මන් හංසිද කියල.මන් එන්නත් කලින් මාව එයාල දැනන් ඉදල. අහ් නැහැනේ මීට කලින් අපි e mail  හුවමාරු කරගත්තනෙ.එත් ඒ පිළිගැනීමට මන් ගොඩක් ආස වුණා.හරිම සුහදශීලියි.මේ රටේ මට හම්බවුන හැම කෙනෙක්ම ගොඩක් මිථ්රශීයි. එදා සිකුරාදා දවසක්.ආයේ මට lectures  තියෙන්නේ සදුදා.ඒ වෙනකන් මට කරන්න විශේෂ දෙයක් තිබුනේ නෑ.කැම්පස් එකේ මගේ lecturesla හම්බවෙලා මන් shooping  complex  එකට යන පාර දිගේ map  එකත් දිග අරන් මන් ඔහේ ගියා.අහ් මගේ phone එකේ battry හොදටම බැහැල තිබුනේ. එත් charge  කරගන්න විදියක් තිබුනේ නෑ. එහෙ තියෙන්නේ වෙනම කොටු පින් එකනේ.මන් strath  village එකට ගියා.එක තම එහෙ තිබුන ලොකුම ෂොපින් සෙන්ටර් එක. මගේ ඔසී ජිවිතේ ගොඩක් කාලයක් මේ strath  එකේ ගෙවුන.මට දුක හිතුන, පාලු හිතුන ,සතුටු හිතුන  ගොඩක් දවස්වල මන් කලේ ගත කලේ strath එකේ.
කලින් මන් නදුනි ඇන්ටිගේ no  එක ඉල්ලන් අවේ මන්ජුලා ඇන්ටිගෙන්.ෆොනේ එකේ අන්තිම battry  කට්ටෙන් මන් නදුනි ඇන්ටිට කෝල් කලා.ඇන්ටිත් හරිම සුහදයි.ඒ වෙලාවේ ඇන්ටි බබලව ඉස්කෝලේ දන්නා යනගමන්.ඒ ගමන්ම මවත් city  එකට එක්කන් යන්නන් කියල ඇන්ටි මට strath  එක ගාව ඉන්න කිව්ව.විනාඩි 5 ක් යන්න කලින් ඇන්ටි ආවා.ජිවිතේ මිට කලින් කවදාවත් දැකල නැති මේ මිනිසා මන් කැම්පස් එකේ ඉන්නකන්ම මගේ අම්ම වගේ හිටියේ.රටින් පිට අම්ම තාත්ත නංගී නැතිව මන් සමරපු මගේ උපන්දිනේ  දවසේ කේක් එකක් ගෙනල්ල කිරිබත් හදල මට surprise party  එකක් දෙන්න තරං එයා මට අම්මෙක් වගේ සැලකුව.
කොහම හරි city  එකට ගිහින් මගේ බඩුත් අරන් අයෙමත් මන් ඇන්ටි එක්ක අන්ටිලගේ ගෙදර ගියා.පුංචි පුතා කවිඳු මට ඇන්ටි කියල කතා කරද්දී ලජ්ජත් හිතුන.හංසි එච්චර වයසද කියල.එදා දවසට දවල්ටත් කාල , රෑටත් කාල හවස් වෙලා මන් අයෙත් හොස්ටල් එකට ආවා.අරන් ආපු බඩු ඔක්කොම  තාම   බැග් වල. ඒවා අස් කරන්න ගත්තා හංසි.රෑටත් කාල ආව නිසා ආයේ කම හදන්න ඕන වුනේ නෑ .බඩු අස් කරලා අම්ම එක්ක skype කතා කාල.රෑ මට චන්දිමා අක්ක mail  එකක් දාල තිබුන අක්කගේ ෆොනේ no එකත් එක්ක.fb එකෙත් රවුමක් ගැහුවා.එත් යාලුවෝ ගොඩක් ඒ වෙලාවේ on line නැහැ.මොකද ඉතින් ඔසී වල වෙලාව ලංකාවට වැඩ පැය 5 ක් වෙනස් නේ . කවි පැදුර පැත්තේ රවුමක් ගියාම ලස්සන කවි පන්තියක් තිබුන.පුරුද්දක් විදියට හංසි හැමදාම මේ පැත්තේ එනවා. 
                 " මගේ සදලිය "
ලස්සන කවි පන්තියක්.හංසි හරිම අසාවෙන් එක කියෙව්වා.කවි ලියන්න එයට දිරිමත් කරන්න කියල හිතාගෙන හංසි එකට like එකක් දැම්ම.එත් එක කවිපන්තියක්ම විතරක්ම නෙමේ කියල හන්සිට තේරුණා.  පව් කවුරු හරි ගොඩක් දුකෙන් මේක ලියල තියෙන්නේ කියල හන්සිට හිතුන.පව් ඒ සිතට ඉක්මනට සුවය ලැබෙන්න කියල හිතල හංසි lap  එක off  කළා.

පෙම

සිව්මහ නදී මහා මුහුදට ගලන වැනි
එකදා නියන් මහා වැස්සෙන් මැකෙන වැනි
යුගදුරු පව්ව පිසදා නල හමන වැනි
ඔබ වෙනුවෙන් ගලනා පෙම දරනු බැරි 




Wednesday, June 20, 2012

පැහැසර සිත්තම් 03

20-06-2012

මන් ලොකු නින්දක් නිදාගෙන ඇහැරුනා..ඒත් තවම ගත වෙලා තිබ්බේ පැයක් විතරයි. මන් මොනවා කරන්නද ? ගමනාන්තයට තව පැය 6 ක් තියෙනවා..මගේ එහා පැත්තේ අම්ම එයාගේ ළමයි ටික තුරුළු කරන් ඉන්න හැටි දැක්කම මගේ පපුව හෝස් ගල යනවා.මගේ අම්ම ..මෝහතකට අයෙමත් මගේ හිත හද වැටුන...
මොකක්ද හංසි ඔය ඇඩිල්ල. දැන් ඔය මාස 6 ම අඩන්නද කල්පනාව.
මන් අවනත නැති මගේ හිතට මවිසින්ම තරවටු කරගත්ත.
ඒ වෙලාවේ ගුවන් සේවිකාවක් විසින් අපිට කන්න කෑම අරන් ආවා.ගත යුතු නිසා මන් එක ඇතට ගත්ත  මිසක් කෑමේ ආසාවක් මට තිබුනේ නෑ.
ඒත් බුදුහාමුදුරුවෝ දේශනා කරා වගේ  ජිවත් වීම පිණිස එක කන්න මන් තීරණය කරා..හ්ම් හ්ම් හ්ම්
මේ දුක් සුසුම් ඔය පැය 6 පුරාම තිබුන...ඒවා ඔක්කොම කියන්න ගියොත් මේ කතාව ඉවර වෙනකන්ම කියන්න පුළුවන්.ඉඩක් හම්බුනාම මන් ඒවා ඔයාලට කියන්නන්කෝ..
කොහමින් කොහමින් හරි flight එක ඔසී වලට ආවා..
අලුත් තැනක්. අලුත් පරිසරයක්. හැමදේම අලුත්

වෙලාව රැ 7.30 යි.එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා මන් එලියට එන කොට වෙලාව 9 ට විතර ලං වෙලා තිබ්බා.කලින් කතා කරා ගත්ත විදියට නිරංග අයය ඇවිත් හිටිය airport එකට..මේ නුහුරු නුපුරුදු පරිසරයේ දන්නා එකම කෙනා..එයාගේ නොනයි , බබල දෙන්නයි දැක්කම මොකක්දෝ හුරු පුරුදු ගතියක් හිතට දැනුන.අම්මට කෝල් එකක් දුන්න මන් ආවා කියල.අඩන්න බේරී කමට හීන වෙන්න අම්මගේ හැගීම් මට තේරුණා. එයාල  ගෙනාපු කෑම ටිකත් අරන් මන් මාව එක්කන් යන්න ඇවිත් හිටිය alf එක්ක මගේ කැම්පස් එකට යන්න පිටත් වුන..එයා ඒ යන ගමන් මට ගොඩක් දේවල් කියල දුන්න.පෙන්නුවා. මෙල්බන් නගරය..එකේ පාරවල් ගොඩක් දේවල් කියල දුන්න..මන් ගෙදරින් පිට වෙලා මේ වෙද්දී පැය 13ක් ගත වෙලයි තිබුනේ.ගමන් මහන්සිය මට තදින් දැනුන.ඒත් alf මාත් එක්ක දිගටම කතා කරා.මගේ පවුලේ විස්තර.මන් මෙහෙට ආවා හැටි ගොඩක් දේවල් ඇහුවා.නුහුරු නුපුරුදු දේශයක මට හමුවුන මේ  පළමු මිනිසා මට ගොඩක් කාරුණික වුන.වයසින් තුලතුනා වියේ හිටිය ඔහු මට දුවෙක් වගේ සැලකුවා.


මගේ අලුත් නවාතැන.hostel  මගේ එකට එද්දී වෙලාව 11 විතර වුණාමගේ බැග් ටිකත් අරන් මගේ room එක පෙන්නන් alf  මාත් එක්ක ආවා..මන් හිතුවට වඩා ඒ පරිසරය ගොඩක් ලස්සනයි.රැ අන්දකාරේ මැදින් ඒ නවාතැන මට පහන් හැගීමක් ගේනවා..

මගේ නවාතැන
තට්ටු තුනක් උඩ කැම්පස් එකේ මායිමට මුහුණ දාල මගේ room එක තිබුනේ..මගේ බඩු   තියන්න ඕන තැන්.කුස්සියේ මට අයිති තැන් ඒවා ඔක්කොම මට පෙන්නුවා .එට පස්සේ එයත් මට කැම්පස් එකෙන් දීල තිබුන කෑම ටිකත් දීල යන්න ගියා..
කාමරේ ටිකක් පොඩියි.ඒත් ලස්සනයි.බඩු පැක් කරන එක හෙටට කල් තියල නුඩ්ල්ස් එකක් කාල මන් නිදා ගත්ත.හෙට උදේම   grace හම්බවෙන්න යන්න තියෙන නිසා මන් නිදා ගත්තා. 


කුචු කුචු ගාගෙන ඇවිත් කෝච්චිය පහන් ඉස්සරහ නතර වුණා..තමන්ගේ ජීවිතෙත් මේ වගේම කුචු කුචු ගාගෙන ඔහේ ගලාගෙන යනවා නේද කියල පහන්ට හිතුන.අද නිහාල් අන්කල් ඇවිත් නැ.එයට කෝච්චිය miss වෙන්න ඇති , වෙනදට එයාල ඉන්න නිසා පහන්ගේ කල්පනා ලෝකය කොලබට යනකන් නතර වෙනවා.ඒත් අද අන්කලුත් නැති නිසා අයෙත් පහන් කල්පනා ලෝකෙට ගියා.වෙනදට මෙතන එහා පැත්තට වෙලා කියව කියව එයාගේ උරහිසේ ඔලුව හංගගන්න සදලි අද නැනේ.එයාගේ කටහඩ දැනුත් ඇහෙනවා වගේ.දැනුත් පහන්ගේ උරහිසේ සදලි ඉන්නවා වගේ එයට දැනුන.වෙනදට සදලිට නින්ද යනකන් ඔලුව අත ගාන නිසා පුරුද්දට වගේ පහන්ගේ අත එයාගේ උරහිසට ගියා.වෙනද වගේ සදලිගේ එයා ගාව දැන් නැහැ කියල දැන් පහන්ට හොදටම තේරුණා.ජිවිතේ හැටි ඔහම තමා.අවුරුදු 3 හමාරක ආදරයේ සුවද මතක් කරන් පහන්ට නින්ද ගියා ඉබේටම..

  


කොහේදෝ ඉදල ආවා හංස පැටියෙක් ලස්සන විලක එහෙ මෙහෙ පීනනවා පහන් හීනෙන් දැක්ක..ඒ හංසි පටිය මොන මොනවදෝ පහන්ට කිව්වා..ඒත් ඒ කිසිම  දෙයක් පහන්ට තේරුනේ නැහැ.මොකදෝ නුහුරු නුපුරුදු සැනසීමක් හිතට දැනුන..ඒත් ටික වෙලාවකින් ඒ හංසි විලේ ඇතට පීනලා ගියා.
ශමින්දක අය්යා හිතේ දුක යන්න හදල දුන්න බ්ලොග් එකේ කවි ලියල එකේ පොස්ට් කරන එක දැන් පහන්ට පුරුද්දක් වෙලා.
හිතේ නැගෙන දුක අයෙමත් පද වැලක් වෙලා පහන්ගේ හිතට ආවා...

අත දිනයක හීන අමුනපු

සොදුරු සුන්දර හැගුම් මුමුණපු
මගේ දෙව්ලිය මාව සරසපු
...................


ඔහේ අපු පද වැල් වලින් පහන්ට ගැලප ගන්න පුළුවන් වුනේ එච්ච්චාරයි. කෝච්චිය බම්බලපිටියට ආවා නිසා කෝච්චියෙන් බැස්ස පහන්..

ජිවිතේ ඉස්සරහ දවසක මේ එක සොදුරු තෝතැන්නක් වෙයි කියල පන්හන්ගේ තුන් හිතකවත් තිබුනේ නැහැ.

එදා හංසි එක්ක කතා කර කර සෙනග අස්සේ හැංගිමුත්තන් කරපු දවසේ මේ දේවල් අයෙමත් පහන්ට මතක් වුණා..  

.
 

Saturday, June 16, 2012

පැහැසර සිත්තම් 02

16-06-2012
flight eka මැලේසියාවට  ආව .එතන පැය 3 ක් ඉන්න වෙනවා...එකේ හම්බ වුන lady එක්ක කයියක් දාන් හිමිට  ඊලග  flight එකට යන්න පාර හොයා ගත්ත..එයත් මගේ කතාව අහල ගොඩක් සතුටු වුන..එයා මට ගොඩක් උදව් කරා.ඊට  පස්සේ අමාරුවෙන් train එකේ නැගල ඊලග flight එක ලගට ආව.ඉතුරු පැය 4 මොනවා කරන්නද?අම්මට කෝල් එකක් දල කිව්වා මන් මැලේසියාවට  ආව කියල..ඉතුරු පැය 4 යනකන් මන් පිරිත් පොත අතට අර ගෙන කියවන්න හිතුවා.අද ඉදන් මගේ තනි නොතනියට ඉන්නේ මේ පිරිත් පොත තමා.
"පුතේ මොනවා වුනත් හැමදාම පිරිත් ටික කියන්න..අපි නැතත් දෙවියෝ මගේ පුතාව ආරක්ෂා කරයි."

අම්ම අන්තිමට කිව්වා කතාව මට මතක් වුණා.
එතන තිබ්බ පුටුවක වැඩි වෙලා බැග් එකෙන් පිරිත් පොත එලියට අරන් පොත පෙරලුව.මුල්ම පිටුවේ තිබ්බේ අපේ ගෙදර 4 දෙනාගේ ෆොටෝ එකක්.. හිතේ අන්තිම කොනේ හිර කරගෙන හිටපු කදුළු කැට හෝ හෝ ගාල කඩන් වැටුනා..මෙතන මගේ කදුළු කවුරු දකින්නද? මන් හිතේ දුක යනකන්ම ඇඩුවා.මන් හිතන්නේ පැයක් විතර මන් අඩන්න ඇති.රතු වෙලා තිබ්බ මුනේ ඉදිමුන ඇස දෙක වහගන්න හිතාගෙන මන් washroom එකට ගිහින් මුණ හෝද ගත්ත...
දැන් ඉතින් මොන පිරිත් ද? මන් එහෙන්මම පිරිත් පොත  ඇතුලට  දා ගත්තා..
කොහම කොහම හරි flight එකට නැග්ග මන්..මට හම්බ වුනේ මැද සීට් එකක්.එහා පැත්තේ හිටියේ ඔසී යන family එකක්..අම්මට තුරුල් වෙලා යන ළමයි දිහා මන් බලන් හිටියේ හරිම ලෝබ කමකින්..ආයේ මගේ අම්මට තුරුල් වෙන්න මට මස 6 ක් බලන් ඉන්න වෙනවා නේද කියල මතක් වෙද්දී උගුර හිර වෙනවා වගේ මට දැනුනා.පැය 7 ක් යනවා එතන ඉදල ඔසී යන්න...මන් ටිකක් නිදා ගන්න කියල හිතාගෙන ඇස දෙක පියන් බ්ලැන්කට් එකට ගුලි වුණා....




පහන් අයෙත් වැඩට යන්න පහුවදා නැගිට්ට..මුළු රෑම නිදි මරපු නිසා එයාගෙත් ඇස දෙකම ඉදිමිලයි තිබ්බේ..

"මොකද පුතේ .අසනිපයක්වත්ද.?මුනත් රතු වෙලා "
" නැ එහෙම දෙයක් නැ"
හිතට තරහක් ආවත් උදේ පාන්දරම අම්ම එක්ක එල්ලෙන්න බැරි නිසා පහන් වතුර වීදුරුවත් අරන් එහෙන්මම මිදුලට බැස්ස.හිතට කිසිම සැනසීමක් නැ..හිත සැහැල්ලු වෙනකන් කියල හිතාගෙන මිදුලේ එහෙ මෙහෙ ඇවිද්ද පහන්..
"පුතේ අද වැඩට යන්නේ නැද්ද?"

අයෙත් අම්ම අහද්දී තමා පහන් මෙලොව සිහියට අවේ.ඕනවට එපාවට දත් මැදගෙන වැඩට යන්න ලෑස්ති වුණා.
" ආ පුතේ බත් එක."

මොන බත්ද අම්මේ ..ඕක ගෙනිච්චට මන් කන්නේ නැ..කවුරු හරි හිගන්නේක්ගෙවත් බඩ පිරෙයි කියලයි  , මේ උදේම අම්මගේ හිත රිද්දන්න බැරි  නිසයි පහන් බත් එක අතට ගත්තා..පව් මන් කන්නෙත් නැ.අම්ම උදේ 3 ඉදන් නැගිටගෙන..පහන්ට මොහොතකට අම්ම ගැන පුංචි දුකක් ඇති වුණා.
අනේ මේ දරුවට මොනවා වෙලාද මන්ද?වුණා හැමදේම මන් දන්නවා මගේ රත්තරනේ..එත් මොකද කරන්නේ අපි.යන මිනිස්සුන්ට වැද වැටි වැටි ගෙන්න ගන්න තරං උනුත් මිනිස්සුද?මගේ රත්තරන් පුතාට වරදින්නේ නැ..පුතාගේ වෙලාව බලපු වෙලාවේ පන්සලේ හාමුදුරුවොත් කිව්වා.පුතාගේ හොද  කාලේ ඉස්සරහට එනවා කියල.මගේ පුතාව සුකිරි බටිල්ලෙක් වගේ බලාගන්න කෙල්ලෙක් මගේ රත්තරන් පුතාට හම්බවෙයි මගේ පුතේ.ඒ කෙලි එනකන් මගේ පුතා ඉවසන් ඉන්න.
"කතරගන් දෙවියන්ගේ පිහිටයි මගේ රත්තරන් පුතාට."
අම්ම හිතින් එහෙම කිව්වා.
වෙලාව 4.30 යි. කෝච්චියට යන්න පහන් හිමිට පාර දිගේ පිය මැන්න. station එකට යන්න ඕනේ ඉස්කෝලේ පහු කරල..station එකට යන්න වෙන පාරක් තිබ්බ නං කොච්චර හොදද කියල පහන්ට හිතුන වාර ගාන අනන්තයි, අප්‍රමානයි.මොකද මේ ඉස්කෝලේ සදලි එක්ක ගත කරපු ඒ අවුරුදු 3 හමාරම එක තප්පරයකින් පහන්ට මතක් වෙන නිසා.එතනින් පස්සේ මුළු දවසම එපා වෙනවා.

කුචු කුචු ගාගෙන කෝච්චිය එනවා ඇහුන.

කෝච්චියට  වඩා ටිකක් ඉක්මනට පහන් station එකට ගියා

Friday, June 15, 2012

පැහැසර සිත්තම් 01

15-06-2012
 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අපේ ගෙදර කට්ටියම ආවා..ඔක්කොගෙම මුහුණු වල ලොකු සතුටක් හැංගිලා තිබ්බා..හැමෝම මන් ගැන ලොකු ආඩම්බරයකින් හිටියේ..මන් ඔක්කොටම දන ගහල වැඳ යන්න පිටත් වුණා..පුංචි , මහම්මි ඔක්කොටම වැන්දා.
"අනේ අපේ අම්මව බලාගන්න හොදේ මන් එනකන්.මන් ඒ  හැමෝගෙන්ම ඉල්ලුවේ එච්චරයි."


හැමෝටම සමු දීල මන් flight එකේ අන්තිම දොර ලගට ආවා.. කිත්තගේ තාත්තත් මට සමු දීල ගියා..දැන් මන් විතරමයි..ඇස් දෙකට ගලන්  ආපු කදුළු බිදු වලට ඔහේ ගලාගෙන යන්න මන් ඉඩ දුන්නා..මෙච්චර වෙලා හැංගිලා තිබ්බ කදුළු බිදු ඔහේ ගලන් ගියා..අදින් පස්සේ අමුතුම ලෝකයක්..අමුතුම දේශයක්..
හ්ම් හ්ම්  ම්හ් 
flight එකට තව වෙලාව තිබ්බ නිසා මන් phone එක අතට ගත්ත.මගේ හොදම යාළුවා චතුට මන් අන්තිම msg එක යැව්වා...එයා මට call එකක් දුන්න...
" අනේ හන්සියෝ ඔයාට මොනවා කියන්නද කියල මට තේරෙන්නේ නෑ.මට උබ ගැන ආඩම්බරයි.පරිස්සමෙන් ගිහින් වරෙන්..මේ අන්තිම වචන ටික.."
මන් මුකුත් කිව්වේ නෑ..ගලන කදුළු බින්දු අස්සේ කොහමද කතා කරන්නේ මන්..
"බුදුසරණයි චතු "
මන් එහෙන්මම phone එක තිබ්බා

හැමෝම කිව්වේ මන් හරිම වාසනාවන්තයෙක් කියල..මේ වගේ එකක් ලේසියෙන් කාටවත් හම්බවෙන්නේ නෑ කියල එයාලා සතුටු වුන..මගේ දෙමව්පියෝ...එයාලට ගොඩක් සතුටුයි..එත් මන් කොච්චර දුකෙන්ද හිටියේ,මට දාල යන්න බැරි  මැණික් තුනක් තිබ්බා මන් ගව..

ඒ මගේ අම්මයි තාත්තයි චුටියි...මොනවා කරන්නද ඕන දෙයක් කියල මන් හිත හදාගත්ත අන්තිමට.
එදා ඒ ශිශ්ශත්වය ලැබුන වෙලාවේ ඉදල අද වෙනකන් මගේ හිතට දැනුන හැගීම් , වෙච්ච හැම දෙයකම මට මැවි මැවි පෙන්න ගත්ත,,
කැම්පස් එකේ අයගෙන් ඇත් වෙන එක ගැනත් දුකක් නොතිබුණාම නෙමේ..එත් අන්තිමට මන් හිත හදාගත්ත..මගේ කැම්පස් එකට මගේ අම්මලට සතුටක් ගෙන්න අම්මගේ ලොක්කි තව ටිකකින් මේ රටෙන් යනවා අම්මේ..
MH178  flight එකේ අයට දොරටුවෙන් ඇතුල් වෙන්න කිව්වා..අවසාන මොහතෙත් මන් අම්මට කතා කරන්න video call කෝල් එකක් ගත්ත...
" අම්මේ අපිට එන්න කිව්වා..මන් යනවා එහෙනං.."
"අපි මේ එක පෙන තැනමයි ඉන්නේ..ඔය යද්දී අපිට පේනවා.."
. අම්ම කිව්වේ සතුටක් වෙව්ලන කටහඩට එකතු කරන්..
අම්ම කදුළු බින්දු හංගන්න එක තාත්තට දීල එතනින් ගියා..
"හරි එහෙනං flight එකට නැගල කෝල් එකක් දෙන්න පුතේ.."
තාත්ත එහෙම කියල එක තිබ්බා ..
මන් මුළු හිතේම දහිරිය අගට අරන් පුටුවෙන් නැගිටලා දොර ගාවට යන්න පටන් ගත්ත..එත් ඒ ටික දුර යන්න මට මහා ලොකු වෙලාවක් ගත වුණා.
මන් ඔස්ට්‍රලියව බලා පිටත් වුණා


පහන් පුරුදු විදියට වැඩ ඇරිලා ආවා..වෙනද වගේම තෙහෙට්ටුවක් අදත් අගට දැනුනා..හරිම අමාරුවෙන් ඇග හෝදන් ඇවිත් අම්ම දුන්න බත් එක අතට ගත්ත..එත් එකෙන් කටවල් 3 , 4 කට වඩා කන්න බැරි  වුණා .ඇයි මෙහෙම දෙයක් වුනේ කියල තාමත් එයාට හිතා ගන්න බැ.වෙනද පුරුදු විදියට සදලිට  කතා කරන්න කියල එක අතට ගත්තත් ඒ ආසාව බොහම අමාරුවෙන් මැඩ ගත්ත පහන්...facebook එකේ එහෙ මෙහෙ ගිහින් ටිකක් බල බල ඉදල එහෙන්මම නින්ද ගියා පහන්ට..අම්ම ඇවිත් ඇදට ගිහින් නිදා ගන්න කිව්වම හෙට වැඩටත් යන්න තියෙන නිසා පහන් අමාරුවෙන් ඇදට ගියා..එත් නින්ද අහලකවත් නෑ.සදලිගේ මුහුණ එයාට වද දුන්නා

Thursday, June 14, 2012

පැහැසර සිත්තම්

"අනේ මන්ද පහන්...මගේ හිතට දැන් ඔය කිසිම හැගීමක් දැනෙන්නේ නැහැ...අනේ මන්ද එයි කියල මටම තේරෙන්නේ නැහැ..."

"අය්යෝ තව පොඩ්ඩක් ඉවසන්න දරුවෝ..තව පැය කියද? අපි හෙට හම්බ වෙලාම කතා කරමුකෝ..මේ හැමදෙයක් ගැනම මන් ඔයාට කියල දෙන්නන්කෝ..හොදේ."


"මට මේ ඔක්කොම දාල
ගිහින් මහන වෙන්න හිතෙනවා අනේ..ඇත්තමයි..මේ ජිවිතේ හැම දෙයක්ම දුකක්...හැම බැදීමක් ම "
"මන් හැම තිස්සෙම කියන්නේ මන් ඔයාට ගැලපෙන්නේ නෑ කියලා"
"එයි මෝඩි මොකද මෙහෙම කියන්නේ.මන් එහෙම කිව්වද?? නැනේ???
  "හෙට එන්නකෝ ..ඔය හැමදේකටම උත්තර මන් දෙන්නන් හෙට..මගෙන් අහල දැන ගන්නකො..හෙට මන් කියලා දෙන්නන්කෝ හන්සියෝ..."
 

දැන් ඔයා වැඩ කරන්නේ නැද්ද??

මන් මේ assignment කරනවා.

මටත් office වැඩක් තියෙනවා.අපි දෙන්නම දැන් වැඩ කරමුකෝ.
 

එහෙම කිව්වට මට එක දිගට වචන 5 කට වැඩ කරගන්න බේරී වුන..අයෙමත් මන් skype එකට ගිහින් පහන් එක්ක චැට් කරා.
 

"අනේ මන්ද ඔයාගේ ජිවිතේ මන් නිසා කාලකන්නි වෙයි පහන්.."
"කවදාවත් නෑ.ඔයා මගේ ජිවිතේ හදාගන්න හයියක් වෙයි..ඒක මට දැනෙනවා." 

හ්ම් හ්ම් හ්ම්

මේ පොඩි අවුලක් වුන හන්සියෝ,,මට රැවුල කපන්න අමතක වුන එත්.කමක් නැනේ...
 

හෙට එන  කොට රැවුල කපාගෙන එන්න කියලා මන් කිව්වා කියලා මටත් මතක් වුනේ ඒ වෙලාවේ..
 

මන් දන්නවා බොරු කියන්නේ කියලා...
නෑ අත්තමය්..අද නැන්දලගේ ගෙදර ගියානේ..වෙලාවක් නැති වුන..
ඒය් එන්න එපා හෙට එහෙනං...අනිද්දට එන්න...මන් අස නෑ රැවුල වවන්

ඕක අහන්න හංසි..නැත්තන් නින්ද යයි ඔයාට වැඩ කරද්දී......

තරු කැටයක් වී රෑ  අහසේ දිලෙන
ඔබ එන මග සරසන්නන් එලිය වෙලා .........
http://www.youtube.com/watch?v=dBJn8be6vWU

හන්සියෝ මේ ඒක බලන්න..ඇයි මොකෝ ??

හ්ම් හ්ම් මට තේරුණා
මන් නීති දානවා කියලා හිතන්න එපා...එත් මන් ඒවාට
ආසා  නෑ හන්සියෝ.
facebook එකේ   මගේ profile picture එකක් පහන් share කරලා තිබ්බේ

"හරි හරි.."
"මන් ඔයාට ඇනයක් වුන නේ.."
"අපොයි ඔව්.කෙලින්ම බෝල්ට් ඇනයක් අනේ..."

ඔබ මට ආදරෙයි කියා මට දැනෙනවා

ඔබ මට ආදරෙයි නොකිය  නොදන්නවා වගේ ඉන්නවා.

http://www.youtube.com/watch?v=K7I9sUjawF0&feature=related

අනේ මන්ද මේ පිස්සා කොහෙන් මේ සින්දු හොයා ගන්නවද මන්ද..ඒ වුනාට කිව්වේ නං office එකේ වැඩ කියලා..මාරම පිස්සෙක්...


"කියා දෙන්න ජිවිතේ තරං..................."


කියලා දෙන්නන් සුදු..එත් ගොඩක් hopes තියාගන්න එපා...මට එහෙම හිතුනට ඒවා වචන වලට පෙරලුනේ නෑ...


ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවුන සැම දේ තවමත් මගේ මතකයේ රැදෙ

නෙත් යුග මා දෙස යොම මගේ මියුලැසියේ
කුමක් කියන්නටදෝ සැරසුනේ

www.youtube.com/watch?v=H79XYlJA4Yk&feature=related

"අනේ ශෝක්...ආදරෙයි ගොඩක් මන්..මුකුත් කියන්න එපා එත් ඔයා...."

 



පහන් කිව්වේ එච්ච්ච්රයි ....................


අපි දෙන්න මුණ ගැහෙන පලවෙනි දවස හෙට නෙමේ..එත් හෙට දවස ගැන අපි මොකක්දෝ දෙයක් ගිවිස ගෙන තිබ්බ...එකට නමක් දෙන්න අපි දෙන්නම තාම දන්නේ නැහැ...එත් හෙට මොකක් හරි දෙයක් වෙයි කියල විතරක් අපිට තේරුණා........




හෙට දවස මොකක් වෙයිද??
.....පුංචි නව කතාවක් ලියන්න ඕන කියලා හිතුන...මේ එකේ ආරම්බය..ආදරය පිරිණු හිත් දෙකක කතාවක්..
..අද ඉදල කියවල බලන්න මගේ යාලුවෝ...comment එකක් දාන්නත් අමතක කරන්න එපා...

Thursday, June 7, 2012

සතුට නුබ කොහෙද?

රැයේ සිට නිදි වරා
ටිකෙන් ටික අමුණලා
වචන ටික ගලපලා
ගෙත්තමක් මන් කලා

උදේ සිට මග බලා
සිටියේ මන් එන තුරා
ඔබේ මුව මට කියන
දහස් දේ අසනටා

ආදරය විදිමි මම
මහා මෙරක් සේ ඔබෙන්
නමුදු කල්පිත දෙයක්
ගැලපුවෙමි මන් මෙසේ

කතාවේ අවසානේ දුක බව මම දනිමි
එය කතාවක්ම පමණකි මම කියමි
තරහ වන්ට වුනු වරද නොමදනිමි
සතුට ඉරි තලා ගිය වග දැනිණි
 
 

Tuesday, June 5, 2012

අදුර නුබ කිම්ද ????

සැදෑ අඳුර කෙමෙන් කෙමෙන් හාත්පස වසාගනිමින් පවතී.දෙදිනක් පුරා නිවසේ එකම හිස් ගොඩකි..එනමුදු නිහඩ බවත් , අතරින් පතර එකිනෙකා මුමුණන හඩත් හැරුණු විට එකම නිහඩ බවකි..ඊටත් වඩා සිත , ගත පුර හාරා පාරා  වද  දෙන වේදනාව මහා මෙරක් තරම් වේ.


හිටි හැටියේ මේ වුනේ මොකක්දැයි මට තවමත් සිත ගත නොහැක්කකි.සිහිනයෙන් අවදි වුවෙකු මෙන් මා තවමත් කටයුතු කරන්නේ උමතුවෙනි.මේ සිදුවීම මට අදහා ගත නොහැක්කකි.






 "නිලංග මචන් මේ කොළ ටික කොහෙද ගහන්න ඕනේ කියපන් "

"ම් ම් අනේ මන්ද බන්.අපේ අය්යගෙන් අහල බලපන්.එය කියයි."

"හා හා අපි අහන්නන්.උබ කලද ඉන්නේ ...නැඟී නිලංගට සුප් ටිකක් ගෙනත් දෙනවද?"

"මට එපා බන්. මට බොන්න බෑ.උබල ඔය වැඩේ කරලා වරෙන්කො.තව මොනවට හරි සල්ලි ඕනේ නං අය්යගෙන්  ඉල්ලා ගනින් "



"රංසි පැටි , ඔයාට මේ හැමදේම තෙරුන් ගන්න පුළුවන් කියල මන් දන්නවා.ඔයා මට හම්බවුනේ මගේ වාසනාවකට රන්සියෝ."


 මම බොහෝ විට රැකියාව නිසා කාර්ය බහුල වීමි..අපි අපේ අනාගතය වෙනුවෙන් කැප වී වැඩ කලෙමි.අපේ සුවිසල් නිවසත් මේ සියලුම යන වාහනත් මේ හැමදෙයක්ම අපි ලගා  කරගත්තේ මගේ කැප වීමෙනි. ඒ සදහා මට සහය වුයේ මගේ රන්සියි.එයා ගොඩක් වෙලාවට තනියම හැම දේම කරගත්තා.මට මගේ වැඩ කරගන්න එයා ගොඩක් උදව් වුණා. මේ හැම දෙයකම කරගන්න එයා ගොඩක් මහන්සි වුණා.එයාගේ ජිවිතේ කිසිම දෙයකින් අඩුවක් තිබුනේ  නෑ.එයාට ඕන දෙයක් හිතන පරක්කුවට කරගන්න එයාට හැම පහසු කමක්ම  මන් මගේ රන්සිට කරලා දීල තිබුනේ.එයාට කොහේ හරි යන්න ඕනේ වුනාම යන්න වහනයක් තිබුන එයාට.වෙන ඕනෑම දෙයක් කරන්න තරං එයාට සල්ලි තිබුන.ඒ හැම දේමත් තියෙද්දිත් මේ දේ වුනේ කොහමද කියල මට තාමත් හිත ගන්න බෑ.




 "නිලංග හාමුදුරුවෝ වඩිනවා කිව්වේ කීයටද?"
මන් සිතුවිලි දැහැනින් මිදුනෙමි..
"4 ටද කොහෙද...අනේ අය්යගෙන් අහපන් බන්.මට කල්පනාවක් නෑ" 


 රංසි එක්ක මන් මට පුළුවන් හැම වෙලාවේම හිටියා..එය එක්ක මන් ගොඩක් තැන වලට ඇවිදින්න ගියා..ඒ  තැන් වලින් රංසි ගොඩක් කැමති ගෝල්ෆේස් එකට.මට ගොඩක් වෙලාව තිබුනේ නෑ. එත් එක දවසක් එය පුංචි ළමයෙක් වගේ මගේ උර හිසේ ඔලුව තියාගෙන මාව බදාගෙන හිටපු හැටි මට දැනුත් දෙනෙනවා වගේ....රංසි හැමතිස්සෙම කියපු දෙයක් තිබුන..


 " මන් දන්නවා ඔය මට ගොඩක් ආදරෙයි කියල...එත් මට ඒ ආදරේ දෙන්න..මට දැනෙන්න ආදරේ කරන්නකෝ.."
" හරි හරි රන්සියෝ මන් ඔයා ගාව ඉන්නවා හැමදාම...ආදරෙයි ගොඩක් හොදේ"

 රන්සිගේ නළලේ රස්නය දැනුත් මගේ දෙතොලට දැනුණි.

 දින සති ගත වෙලා ගියා..ගෙවල් වලින් කැමැත්ත අරන් අපි අපේම කියල කුරුළු කුඩුවකට ආවා...අපි යාලු වෙලා දැනට අවුරුදු 8 ක් විතර වෙනවා.මන් සතුටු වුන මාව තෙරුන් අරන් රංසි මන් ගාව හිටිය එකට.අපි අතරේ රණ්ඩු සරුවල් ඇති නොවුනම නෙමේ..එත් අපි ආදරෙන් හිටියා..ගොඩක් වෙලාවට රංසි ගෙදර තනියම හිටියට මන් හැම වෙලාවේම එය ගැන හොයල බැලුවා.
මන් හිතුවේ එය සතුටින් කියල.

 මාව දල යන්නේ නෑ කියල මන් ගාවින් හුරතල් වුන මගේ කෙල්ල අද මාව දල ගිහින්./////
ඇයි රන්සියෝ ඔයාගේ මහත්තයා මෙහෙම තනි කරලා ගියේ..ඇයි  මගේ වස්තුවේ.............

 මට මතක එපමණයි...හාත්පස කළුවර වෙනු මට දැනුනි..මගේ මිතුරන් කිහිප දෙනෙකු මාව වත්තන් කරන් යනු මට යන්තමට මෙන් මතකයි.


 මේ මගේ පලවෙනි කෙටි කතාව...මන් ස්කොලේ යන කාලේ ඉගෙන ගත්ත විදියට කෙටි කතාවේ ලක්ෂණ එකතු කරන් මේක ලිව්වා...මේකේ ගුණ දොස් කොහමද කියල මට කියන්න.ඒ වගේම රංසි , නිලන්ගාව දල ගියෙත් ඇයි කියල ඔයාල හිතන දේවල් මට කියන්න.....

Monday, June 4, 2012

අනන්තය තෙක් ............

දහස් දෙනකගේ නුවන් අතරේ මා සෙවූ නිල් මැණික ඔබමය
සසර වසන තුරු මේ බවය තුල මගේ ඉටු දෙවියාද ඔබමය
අද දිනද මෙන් නුපදින හෙට මගේ ලෝකයේ පහන ඔබමය
ඉවසීම සිත දරා සෙනෙහස පුදන්නට හුරු කලේ ඔබමය


හෙට දිනේ ඔබ යන්න සැරසෙන ඔබේ නව මන් ජය පතා
දෑස තෙත් වන කදුළු බිදු  මන් හිරකරන්නන් දුක දරා  
ඈත හෙට දින මගේ කිරුළත් අරන් ඔබ යලි එන තුරා
ආදරෙන් මන් බලා ඉන්නන් යන්න කිසි සැකයන් නැතා 


යසෝදරාවන් එදා ගියේ නම් තමන් සිදුහත් හිමි සොයා
අදත් ලොව්තුරු බුදු කෙනෙක් නැහැ තවම අපි අසරණ වෙලා
ඒ ගමන් මග තව ඈත  වුව ඔබත් මට සිදුහත් නිසා
ඔබේ පසුපස ඔබට සවියක් වෙන්නෙමි මන් ඔබ පතා 





මගේ යාලුවෙක්ගෙ අත්දැකීමක් මේ..එයාගේ රස්සාවේ හැටියට එයාට මස එකහමාරක් දුර වැඩට යන්න වෙලා..අම්පාරේ..ඉතින් එයාට දුකයි එයාගේ පෙම්වතිය දාලා ඒ දුර ගමන යන්න..මොකද අද කාලෙ හැටියට තප්පරයත් ඇති නේ කෙනෙකුට තවත් කෙනෙක් නැති වෙන්න..කෙනෙක් නොමග යන්න..වැරදි වැටහීමක් වෙන්න...ඉතින් ඒ වගේ වෙලාවක එයාගේ ආදරවන්තියට මෙහෙම හිතෙන්න ඇති කියල මට හිතුන.පෙම්වතාත් දුකෙන් එයාව දාලා යන්න වෙනවට..මට මතක් වුනේ යසෝදරා දේවියගේ චරිතේ..ආදරේ ගැන තවත් පැත්තක් ලිව්වා ඔන්න අදත් යාලුවෙක්ගෙ අත්දැකීමක් පරිකල්පනය කරලා...අදත් වෙනද වගේම මේකේ ගුණ දොස් කියන්න බලන්න මගේ යාලුවනේ..මන් කැමතියි ඔයාල මේ අදහස ගැන වගේම මගේ නිර්මනේ අඩු පාඩුත් කියනවනං..ඒක මගේ ඉස්සරහ නිර්මාණ වලට ලොකු හය්යක් වෙයි......... :)

Saturday, June 2, 2012

ප්‍රේහෙලිකාව

හීන කතන්දර නුබ ගොතා
පලදවන්නේ හිස තබා
පුදන ආදරේ වැටහුනා
සසර පෙර පුරුදක් නිසා




දෑසේ මනේ පායලා
කයද සිත මෙන් ලංවෙලා
නමුදු ආදරේ සිත දරා
ඉන්නේ කෙලෙසද ඉවසලා




 අතක් දුර හිද හිනැහිලා
සිතක් වටකර පෙම් කරා 
සනසවන්නේ නුබ මෙමා
රකින ලෙස මා ලොව්තුරා 


 ආදරෙන් බැදුණු ප්‍රේමතුර වූ ප්‍රේමවන්තයින් දෙපලකට නිහඩ නිසල පරිසරයක හුදෙකලා වන්නට ලැබුනොත් ඔවුන් කෙසේ හැසිරෙනු ඇත්ද ???නමුත් තමන්ට ඇති උතුම්ම වස්තුවක් රකින නාග රාජයෙක් එය රකින්නේ යම්සේද එසේ ඒ ආදරය රකින්නට , පරිස්සන් කරන්නට යමෙකුට හැකිවෙනන් එය ඔවුන්ගේ අතම දමනය මතම සිදුවන්නකි.නමුත් අද බොහෝ විට මග තොට , බස් එකක අපිට දකින්න හම්බෙන්නේ එහෙම ආත්ම දමනයක් නැති පෙම්වතුන්...ඒ අතරේ තමන්ගේ පෙම්වතියගේ ආත්ම ගරුත්වය රකින ප්‍රේම වන්තයෙක් ගැනයි මේ අදහස.... වෙනද වගේම ඔයාලගේ ගුණ දොස් comment කරන්න.....