Wednesday, July 11, 2012

පැහැසර සිත්තම් 08

හංසි සිඩ්නි එද්දී වෙලාව හවස 3 ට විතර ඇති ..එහෙන්මම හංසි ගියේ අන්කල්ගේ ගෙදර...එතන හරිම ලස්සන තැනක්..හන්සිට ඉන්න හම්බුනේ ගෙදරටම මායිම්ව තිබුන වෙනම කාමරයක්..එකේ බිත්ති නෙමේ තිබ්බේ...විදුරු දොරවල්..හරිම ලස්සනයි.ඊට එහාපැත්තෙ මල් වත්තක් තිබ්බ..මේ සීත කාලයෙන් ග්‍රීෂ්ම කාලෙට එන කාලය..ගස් වල කොළ මල් පිපෙන්න පටන් ගන්න කාලේ.හංසි ඉස්සෙල්ලම කලේ බැග් අස් කරපු එක.ඊට පස්සේ කඩේට ගිහින් බඩු අරන් ආවා අන්කල් එක්ක...එදා රෑ මහන්සියටම හන්සිට නින්ද ගියා.
පහුවෙනිදා උදේම නැගිටලා හංසි කාමරේ අස් කලා.ගෙදරින් එද්දී අරන් ආව බුද්ද රූපේ තියල හංසි වත්තෙන් මල් කඩලා ඉටිපන්දමක් පත්තු කරලා ප්‍රාර්ථනාවක් කලා...
            "හැමදේම හොදම විදියට වෙන්න කියල.".






 බඩු අස් කරලා හංසි දවල්ට ඉව්ව ඇන්ටි  එක්ක එකතු වෙලා..ඇන්ටි නිලූ අක්ක තරන්ම ෆිට් නැහැ..එය ටිකක් වයසින් වැඩියිනේ..ඒ නිසා ඇන්ටිට ටිකක් අල්ලන්නේ නැහැ අපේ වැඩ..කොහම හරි මේ ටිකේ හන්සිට fb  එන්නත් බැරි වුන..ඩොන්ගල් එකේ අවුලක් ගිහින්...තරිදු අය්යටත් කතා කරන්න විදියක් තිබුනේ නැහැ..අය්යට එදා වෙලාවල් ගැලපෙන්නේ නැති නිසා මේක කරන්න තාත්ත අකමැතියි කිව්වම අය්යා හැසිරුණ විදිය මතක් වුනාම අදටත් හන්සිට පහන් හැගීමක් හිතට එන්නේ..ඒ දවස් ටිකේ අය්යට කතා කලේ phone  එකෙන්. ඒ නිසා වැඩි වෙලාවක් කතා කරන්න බැහැනේ.මොකක් හරි දෙයක් සිද්ද වෙමින් තියෙනවා කියල හන්සිට තේරුණා..ඒ තරිදු අයගේ හොදම යාළුවා රුක්ෂාන් එවපු msg එකක් නිසා...
"hansi, somone is lying to us.we dont know who is that.anywy no longer i cant help u nanga.sry.im with tharidu.tc bs" 
හංසි ගොඩක් වෙලාවට කලේ තනියම කාමරේට වෙලා අඩපු එක..එහෙම නැත්තන් කල්පනා කරපු එක..ඇයි දෙවියනේ ඇස් දෙකට පෙන්නේ නැති , කනට ඇහෙන්නේ නැති , අල්ලන්න බැරි වෙලාවක් නිසා කෙනෙක්ව අත අරින්න වෙන එක මොන තරං පාපයක්ද...මේ ගිය ආත්මේ කරපු පවක් වෙන්න ඇති කියල හංසි කලේ තව තවත්
මෛත්‍රී භාවනාව වඩපුඑක...ඇත්ත හන්සිට දැනුන වගේම තරිදු අය්යා වටේට හංසි නොහිතපු දෙයක් සිද්ද වෙමින් තිබ්බ;/...එයාගේ යාලුවෝ ටික අය්යා එක්ක හන්සිට හොදටම බැනල තිබ්බ..
" ඇයි මචන් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කලාම වෙලාවක් නිසා දාලා යනවනං එක මොන තරං බලු වැඩක්ද මචන්.. ජිවිතේ එකට යන්න පටන් ගත්තනං ඒක අතර මග දාලා යන එක කොච්චර වැරදිද ?"
ඇත්ත යාලුවෝ විදියට එයාල ඒ කියපු කතාව ඇත්ත..එත් දෙය්යනේ මන් අද මෙතන ඉන්නේ මගේ අම්ම තාත්ත නිසා...ඇයි ඒක මේ අයට තේරෙන්නේ නැත්තේ...
"අපේ ජිවිත වලට සහකරයෝ ඕන තරං හොයා ගන්න පුළුවන්..එත් දෙය්යනේ අම්මෙක් තාත්තෙක් ආයේ හොයා ගන්න බෑ. ජීවිතේටම ඉන්නේ එක අම්මයි..එක තාත්තයි."

ඕන දෙයක් කියල අන්තිමට හංසි හිත හදාගත්ත..මන් තරිදු අය්යට ආදරෙයි..එත් මන් මගේ දෙමව්පියන්ට ඊට වඩා ආදරෙයි.
හංසි මේ ටිකේ ගෙව්වේ අන්තිම නරක ජිවිතයක්. අඩන්න දුක බෙදාගන්න කිසිම කෙනෙක් නැහැ ..තනියම මේ දුක විද ගන්න හන්සිට පුළුවන් කමක් තිබ්බේ නැහැ..හංසි තනියම ඇවිදින්න ගිය වෙලාවල් වල වාහන වලට හැප්පෙන්න ගිය වාර ගාන අනන්තයි..එත් අන්තිමට හංසි සිහිය එලව ගත්ත..මගේ දෙමව්පියන්ට මගේ මලකද ලංකාවට යවන්න බැහැ.මන් කල්පනාවෙන් වඩා කරන්න ඕනේ.
තනියම ගෙදරට වෙලා ඉන්න කම්මැලි හින්දයි , මේ දුක තනියම විද ගන්න අමාරු නිසයි හංසි කල්පනා කලා අන්කල්ට කියල පුංචි ජොබ් එකක්  හොයා ගන්න..
අන්තිමට හන්සිට පුළුවන් කම හම්බවුන පුංචි ජොබ් එකක් හොයාගන්න..ඒක ලංකාවේම අය වැඩ කරන රෙස්ටුවරන්ට් එකක්..එතන වැඩිය වැඩක් තිබ්බේ නැහැ හන්සිට කරන්න..shift  එකටනේ එතන වැඩ. එතැනදී හන්සිට හොද යාලුවෙක් හම්බුනා..එයාගේ නම ජනිකි.එයා ඇත්තටම හොද යාලුවෙක්.එයා හන්සිගේ දුක අහන හිටිය.හන්සිට වැඩ කරන්න ඕන විදිය උපදෙස් දුන්න.ගොඩක් වෙලාවට හවසට වැඩ ඇරිලා හන්සියි , ජනිකියි shpping  center  එකකට ගිහින් ෆූඩ් කොර්ට් එකට වෙලා මොනවා හරි කකා කතා කර කර ඉන්නවා..
ඒක දවසක් වැඩ කරද්දී හන්සිට ජනිකිගෙන් කෝල් එකක් ආව..
හංසි ඔය කොහෙද ඉන්නේ..මන් වැඩ ජනිකි..ඇයි ? අද ටිකක් රෑ වෙනකන් වැඩ කරන්න වෙනවා..අද පොඩි party  එකක් ඒකයි.
අහ් හරි හංසි වැඩ ඇරිලා ගෙදර ගිය ගමන්ම මට කෝල් එකක් දෙන්න..


 එදා හංසි වැඩ ඇරිලා යද්දී වෙලාව 11 ට විතර ඇති රෑ..දැන් හංසි වැඩිය fb  යන්නේ නැහැ..මොකද දැන් එතනට යනවා කියන ඒක හරිම දුකක් නිසා..මොකද මේ වෙද්දීත් තරිදු අය්යා හන්සිව fb  එකෙන් remove කරලා තිබ්බේ..එත් හැමදාම පුරුද්දට වගේ හංසි එයාගේ profile එකට යනවා..එදා දැක්ක දෙයින් හංසි ගොඩක් පුදුම වුන..
තරිදු අය්යා in  a relationship  කියල දාලා තිබ්බ ගනු ළමයෙක්ගේ නමකුත් එක්ක..හන්සිට ගොඩක් ගොඩාක් දුක හිතුන..තමන් මෙච්චර කාලයක් වින්ද දුක මොකක්ද කියල හන්සිට හිතුන..තරිදු අය්යා මෙච්චර ඉක්මනට අමතක කරේ කොහමද කියල හංසි කල්පනා කලා..හංසි ජනිකිට කෝල් එකක් දුන්න..ජනිකි මන් දැක්ක ඒක..මට පොඩ්ඩක්වත් දුක නැහැ..අය්යා සතුටින් නං එච්චරයි මට ඕනේ ජනිකි..මට ඔය ගැන අඩම්බරයි හංසි..ඔහම ඔයාට හිතන්න පුළුවන් වෙච්ච ඒක ගැන.දැන්  wash දාල නිදා ගන්න අපි හෙට හම්බ වෙමුකෝ හොදේ.."
එත් හන්සිට තිබුනේ ලොකු දුකක්..හංසි ගොඩක් වෙලා එකම ඉරියව්වෙන් ඉදල කල්පනා කලා මොකක්ද මේ වුනේ කියල ..
 එදා අහම්බෙන් වගේ පහනුත් on  line  හිටිය fb  එකේ..හංසි පහන් එක්ක හුග කාලෙකට පස්සේ , ම් ම් මාස එකහමාරකට පස්සේ විතර..හංසි අද අදම පහන් එක්ක චැට් කලා..මුළු සිදිඉයම හංසි පහනට කිව්වා.
පහන් අහන ඉදල මෙච්චරයි කිව්වේ...ඔය වගේ කෙල්ලෙක් ගැන මට ආඩම්බරයි හංසි ..තමන්ගේ අම්ම තාත්ත ගැන හිතන අයට කවමදාවත් වරදින්නේ නැහැ..
දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ..උබ පුළුවන් ඉක්මනට ලංකාවට වරෙන් බන්.උබ ඔහේ තනියම දුක් විදින්න එපා..ඇවිත් අම්ම තාත්ත එක්ක හිටපන්.උබ රෑ තිස්සේ ඔහේ වැඩ කර කර පව් ගෙවන්නේ නැතිව මෙහෙ වරෙන් බන් හංසි.."
ඇත්ත හංසි අන්තිමට තීරණය කලා තනියම මෙහෙට වෙලා දුක් විදින්නේ නැතිව පුළුවන් ඉක්මනට ලංකාවට යන්න..
" අහ් පහන් මගේ exm  එකේ result  ඇවිල්ල..මට A  2 යි B  1 යි."
"වාව් නියමයිනේ බන්..එල එල..ඔය තියෙන්නේ ..උබට වරදින්නේ නැහැ බන්.මේ මගේ ෆොනේ no  ඒක..උබට අඩන්න ඕන වුන වෙලාවට මට කතා කරපන්..උබත් එක්ක අඩන්න නෙමේ බන්..උබ මාව නැගිට්ටෙව්ව වගේ උබව නැගිට්ටවන්න"
"අහ් මේ හංසි උබ ලංකාවට එද්දී මට කැන්ගරු පැටියෙක් අරන් වරෙන් හොදේ."
හේ හේ හේ හාකෝ හාකෝ හංසි එහෙමම log out වුන..ජිවිතේ ඔය වගේ යාලුවෙක් හම්බ වුනෙත් මගේ වෙලාවට පහන්..නැත්තන් මේ දුක දැන් මට දරාගන්න බැරි තරමට බර වැඩියි..ඇත්ත ඉක්මනට ලංකාවට යන්න ඕනේ කියල හංසි හිතුව එදා.පහන් ඇත්තටම හොද යාලුවෙක් කියල හන්සිට එදා තේරුණා. .
පහුවෙනිදා ඉදන් හංසි අයෙමත් හැමදාම fb  on line  ආව..ඒ අවේ තමන්ගේ දුක පහන් එක්ක බෙදා ගන්න..එත් පහන්ව දවස් දෙක තුනක්ම හංසි දැක්කේ නැහැ..කවදාවත් නොදුටු තමන්ගේ යාළුවා ගැන හන්සිට ලොකු බයක් දැනුන..පහනට මොනවා වෙලාද කියල..හංසි පහනට msg එකක් දැම්ම.  

"hey pahan.I.m hansi.wts up? didnt c u on fb loong time.hope everything ok."

Tuesday, July 10, 2012

පැහැසර සිත්තම් 07

හංසි එදා රෑ වෙච්ච සිද්දියෙන් පස්සේ...ඇයි දෙය්යනේ මෙහෙම දේවල් ලෝකේ වෙන්නේ..හංසි එදා රෑ ගෙවපු විදිය හන්සිටවත් මතක නැහැ.මහා රෑ තනියම අඩන සද්දෙට හොස්ටෙල් එකේ අය ඇහැරෙයි කියල හංසි washroom  එකට ගිහින් ටැප් එක ඇරන් හොදටම ඉකි ගගහ අඩුව..එදා රෑ  වෙලාව කියන්නේ හොස්ටෙල් එකේ wifi  වැඩ කලෙත් නැහැ..අම්මට කතා කරන්නත් විදියක් තිබ්බේ නැහැ.අම්ම පණිවිඩේ කිව්වා විතරයි තාත්ත කියපු වචන දැනුත් හන්සිට ඇහෙනවා ඇහෙනවා වගේ....


"පුතේ මට ගොඩක් අය නැහැ..ඉන්නේ ඔයා විතරයි,..කරදරයක් වෙන්න තියෙනවා කියල දැන දැන මන් කොහමද පුතේ ඔයාව එතනට තල්ලු කරන්නේ?"


ඇත්ත තාත්තට මේ ලෝකෙම ඉන්නේ මන් විතරයි.හන්සිටත් එහෙමයි...හංසි හොදටම දන්නවා තාත්ත නංගිට වඩා හන්සිට ආදරෙයි කියල...හන්සිට මුණ දෙන්න වුනේ උබතෝකෝටික ප්‍රශ්නයකට...ඇත්ත..අම්ම කියන දේ අහන එක ඇරෙන්න හන්සිට වෙන විකල්පයක් තිබ්බේ නැහැ,..වෙලාවට කැම්පස් එකේ අන්තිම exam  එකත් ඒ වෙද්දී ඉවර වෙලා තිබ්බේ...එදා තමා හංසි හොස්ටෙල් ඉන්න අන්තිම දවස..නදුනි ඇන්ටි එක්ක එදා exam  ඉවර වෙලා හංසි පන්සලුත් ගියා...එක මහායාන පන්සලක්..එත් හිතට ලොකු නිදහසක් එතන තිබුන..එත් දෙය්යනේ හවස මෙච්චර දුකක් උහුලන්න වෙයි කියල කවුද හිතුවේ...හෙට හංසි හොස්ටෙල් එකෙන් යන නිසා ඉන්දික අය්ය එනවා කිව්වා එයාව එක්කන් යන්නන එයාගේ යාලුවෙක් එක්ක...එය වැටිලා අත තුවාල වෙලා..ඒ නිසා එය ආවේ යාලුවෙක් එක්ක..එයාලට කන්න දෙන්නත් එක්ක හංසි හවස ඉව්ව..වෙලාවට ඒ හැම දේම කරලා ඉවර වුනේ..එත් එක දෙයක් හන්සිට ඉවර කරගන්න බැරි වුන..ඒ එයාගේ bag  එක pack  කරගන්න එක...එකනං කමක් නැහැ..සිඩ්නි යන්නේ ඉන්දික අය්යලගේ ගෙදර දවසක් ඉදලනේ. නිලූ අක්කට කියල bag  pack  කරගන්න පුළුවන්නේ.හංසි එහෙම හිතල ආවා..එලි වෙලා හංසි දැනුනේම නැහැ,මුළු රම අඩපු එකයි හංසි කලේ.සීතලට හන්සිව හිරිවැටිලා තිබ්බේ..එහෙමම හංසි ඇදුන ටික කිසිම අරමුණක් නැතිව bag  එකට ඔබ ගත්ත.

පහුවෙනිදා උදේම ඉන්දික අය්යල ආවා..හන්සිව එක්කන් යන්න..හංසි ඒ අයට කන්න දුන්න.. කම ගොඩක් රහයි කියල ඒ දෙන්නම කිව්වා..හන්සිට ලැජ්ජත්  හිතුන  ..හංසි වැඩිය
 උයන්න දන්නේ  
නැහැ..එදා හංසි ඉව්වේ බතුයි , පරිප්පුයි , ගෝව මල් තෙල් දාලයි  , කැරට් සම්බෝලයක්  සැමන්  දාල .... හ්ම්  හ්ම්  කම ටික රහට තිබ්බනං  එච්චරයිනෙ .
හංසි එදා කලේ ලොකු
රගපෑමක් ..කවුරුත්  දන්නේ  නැති  ලොකු දුකක් හංසි එදා උහුලන්  හිටියේ..හිතේ  දුක  යන්න අඩන්න්න  එදා හංසි ගව  අම්මවත්  නැහැ..අම්මත්  ලංකාවට  වෙලා අඩනවා  කියල හංසි හොදටම දන්නවා..අම්ම විතරක්  නෙමේ ... ඇයි තාත්තත්  එහෙමයි..එත් කරන්නන  දෙයක් නැහැ..මේ තමා මගේ  ලැබීම ..හංසි එහෙම කියල හිතල හිත  හදාගත්ත ...

හොස්ටෙල් එකේ
දොර  වහල  යතුර  අතට  ගත්තම  හන්සිට ලොකු හුස්මක්  පිට  වුන...තරිදු  අය්යව  හම්බුනේ  මේ හොස්ටෙල් එකේදී ..අද  මන් හොස්ටෙල් එකෙන් යන කොට  එයාවත්  දාල  යන්න වෙනවා  කියල හංසි ගොඩක් දුක්  වුන..යතුර  බාර  දීල  හංසි ඉන්දික අය්යල එක එන්න  පිට වුනා .එන  ගමන්  හංසි ලොකු නින්දකට  වැටුන .ඇයි ඉතින්  ඊයේ  රෑම  එයා නිදි  නැහැනේ . හන්සිට ඇහැරුනේ  ඉන්දික අය්යලගේ ගෙදර ආවට පස්සෙයි...



බැග් ඔක්කොම  බාල හංසි  කුස්සියට  ආවා. නිලූ අක්ක  උයනවා . හංසි එයාට  උදව්  වුන උයන්න ..උයන  ගමන්  අක්ක  කිව්වා ,  "" හන්සිගේ husbandta  මන් කියනවා  හන්සිට රහට  උයන්න්න  පුළුවන් කියල."
ඇත්තමයි  ඉන්දික අය්යත්  කිව්වා හන්සිට රහට  උයන්න  පුළුවන් කියල...


හන්සිට ලජ්ජා හිතුන ඒක අහල..රෑ හැමෝම නිදා ගත්තට පස්සේ හාන්සි on line ඇවිත් තරිදු යයට කිව්වා තාත්ත කිව්වා දේ...අය්යත් පුදුම වුන..එත් අය්යා කිව්වේ අම්මල එපා කියන ඒවා කරන්න එපා කියල..එය ගැන හන්සිට ලොකු භක්තියක්  හිතුන. එදා හාන්සි අය්යා එක්ක ගොඩක් වෙලා අඩුව..පහු වෙනිදා හාන්සි සිඩ්නි යන්න ඕන  නිසා  හාන්සි උදේම නැගිට්ට..නැගිටින්න හාන්සි නිදා ගත්තේ  නැහැ  ඉතින්..හංසි airport  ඇවිත් 
සිඩ්නි ගියා...ජිවිතේ ගොඩක් දේවල් හංසි ඉගෙන ගත්තේ සිඩ්නි වලදී..

.........ජීවිතේට අලුත් මුල් පිටුවක් පෙරලුනේ සිඩ්නි වලදී.................

 


Sunday, July 8, 2012

පැහැසර සිත්තම් 06

හන්සිත් දවසේ වැඩි හරියක් fb  online  ඉන්නවනේ.lecters  ගිහින් ආවම වෙන මොනවා කරන්නද? අම්ම skype  එනකන් බලන් ඉන්නවා. ඒ ඇරුනම නදුනි අන්ටිලගේ ගෙදර යනවා.එහෙ චුටි නංගියි මල්ලියි නිසා හන්සිගේ හිතේ තිබ්බ පාළුව ගොඩක් අඩු වෙලා යනවා. මොකද හන්සි පොඩි ළමයින්ට ගොඩක් ආදරේ නිසා...ඒ කොහම වුනත් හැමදාම චැට් එකට පහන්ව හන්සිට හම්බවෙනවා.ගොඩක් වෙලාවට පහන් office  එකේ වැඩ වලට පිට යනවා.. ඉතින් ඒ ගිහාම පහනුත් ගොඩක් වෙලාවට online  ඉන්න නිසා දෙන්නවම චැට් එකට හම්බවෙනවා..දැන් පහනුයි හංසියි කවදාවත් නොදැක්ක එත් හොදම හොද යාලුවෝ..මොකද පහන් එයාගෙයි සදලිගෙයි කතාව කිව්වට පස්සේ දැන් ඒ දෙන්න ගොඩක් යාළුවෙලා..එත් දවසක් හන්සිට පහන්ගේ වැඩක් නිසා ගොඩක් තරහ ගිය.

"හංසි ඔයා දැක්කද මන් fb  එකේ share  කරපු video  එක."

හංසි ඒ වෙන කොටත් ඒ video  එක. බලල තිබ්බේ. එකේ තිබ්බේ එයා සදලිත් එක්ක ගිය trip  එකක photos  එකතු කරලා හදපු එකක්..එකේ පහන් එක්ක සදලි ඉන්න photo  2ක් තිබ්බ.එදා තමා හංසි පලවෙනි පාරට සදලිව දැක්කේ..අනේ මන්ද මේ මෝඩයට කිව්වට අහන්නෙම නැනේ..
"නෑ පහන් මන් ඒක දැක්කේ නැහැනේ."

හංසි තරහටම කිව්වා..ඊට  පස්සේ පහන් එකේ link  එක එව්වා හන්සිට. පහන් ගැන හන්සිට දුකත් හිතුන.
හංසි ඒක බැලුව කියල පහන්ට කිව්වට පස්සේ පහන් ලොකු කතාවක් කියන්න ගත්ත...

" හංසි  හරියටම 2008-09 20 . එදා අපි ස්කොලේ prifectla ට්‍රිප් එකක් ගිය නුවර..එදා තමා මේ හැමදේටම මුල් පොත් තියවුනේ..ඒක කවමදාවත් හිතල වෙච්ච දෙයක් නෙමේ.ඒක ඉබේම සිද්ද වුණා..එදා අපි ඔක්කොමල ට්‍රිප් ඒක යද්දී couple  තමා ගොඩක්ම ගියේ..එහෙම නැති අපි ටික දෙනෙක් පිටිපස්සට වෙලා full  ජොලියේ ගිය.මායි , සදලියි , දිලීකා අක්කයි තව කොල්ලෝ ක් විතරයි හිටිය. සදලි අපිට වඩා අවුරුදු ක් බාලයි..කොහම හරි මගෙත් break  නැති කටෙන් කියා වෙච්ච වචනයක් තමා මේ හැමදේටම මුල් වුනේ හංසි....
" මන් ඔයාට කොච්චරවත් ආදරෙයිනෙ  නංගියෝ "

ඒක මන් එදා විහිලුවට කිව්වට පස්සේ කාලෙක ඒක ඇත්තම වුණා හංසි.මන් මගේ පනටත් වඩා එයට ආදරේ කල.එත් මන් දන්නේ නැහැ එයි එයා වෙනස් වුනේ කියල..ඊට පස්සේ අපි ගොඩක් ආදරේ කලා. ස්කොලේ prefectla  වුණා අපිට අපේ ආදරේ එලි පිට කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. මට එහෙම කරන්න උවමනාවක් තිබුනෙත් නැහැ.මන් හැමතිස්සෙම හිතුවේ සදලි ගැණු ළමයෙක් කියන ඒක..ස්කොලේ කාටවත් නොදැනෙන්න අපි අවුරුදු 2ක් ආදරේ කලා. එත් එයා අදටත් මට හිතා ගන්න බැරි විදියට මාව දාල ගියා හංසි"

පහන් එච්චරයි කිව්වේ..ඊට පස්සේ   කතාව නතර කලා.හන්සිට පව් කියල හිතුන..එත් පහන් එක්ක අඩන ඒක මේකට විසදුම නෙමේ කියන ඒක හන්සිට තේරුණා.හංසි එයාගේ ලේච්ටෙර් එකක් cut  කරලා තමා මේ කතාව අහන හිටියේ.ඇයි ඉතින් ඔසී වලයි ලංකාවෙයි පැය 5 ක් වෙනස් නේ.හංසි ඔන්න කතාව පටන් ගත්ත,..


" පහන් උබටනන් පිස්සු හොදටම.මන් දැන් කි දවසක් කිව්වද ඔයාට..ඔයා අහන්නෙම නෑ නේ..මේ පහන් මන් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් විදියට කියන්නේ., ආදරේ බලෙන් ගන්න බැහැ. ආදරේ කරන්න පුළුවන් කලේ ඔයාල ආදරේ කලානේ..එත් දැන් එහෙම නැහැ..දෙන්නෙක් ආදරේ කරලා ඊට පස්සේ ඒක ඒකපාර්ශවික වුනාම දුක දරාගන්න හරිම අමාරුයි බන්. මන් මේ කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් විදියට උබට කියන්නේ..උබ තෙරුන් ගනින් මෝඩයෝ දැන් ඔහොම අඩුව ඇති..ඉන්න බරින් එයා ගියදෙන්..
සතුටුවෙන්න එයට අහිමි වුනේ එයට ගොඩක් ආදරේ කෙනෙක්..එත් ඔයාට නැති වුනේ ඔයාට ආදරේ නැති කෙනෙක්...තේරුනාද...උබට තේරුනාද මන් කියපු දේ..මන් මේ දේවල් උබට කියන්නේ මටත් කොල්ලෙක් ඉන්න නිසා..උබ  යේ ඔහොම දුක හිතෙන කවි සදලිට ලියල තිබ්බොත් එහෙම මන් උබත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ..ok ...තේරුනාද උබට...මටත් කොල්ලෙක් ඉන්නවා බන්..ඒ නිසයි මන් උබට මෙහෙම කියන්නේ.."

"හංසි ජිවිතේ කවමදාවත් මට කවුරුත් ඔහොම කියල නැහැ..මගේ දුක අහගෙන එයාලත් අඩපු එකමයි කලේ.උබට ගොඩක් පින් බන්..මගේ හිත ටිකක් හරි වෙනස් දේකට යොමු කලට..මන් උබ කිව්වා විදියට හිතන්න try  එකක් දෙන්නන් බන්..."


ඔය වගේම තමා හංසි අදත් ඔයා මගේ හිතෙන මට  වෙනස් විදියට හිතන්න මට උදව් කරනවා.ඔයා මට වෙලාවකට අම්මෙක් වගේ මාව බලාගන්නේ.ආදරෙයි මගේ හන්සියෝ හැමදාමත්"



හංසි කතාව කියල ඉවර වෙලා lecters  යනවා කියල fb  offline  ගියා..එත් ඇත්තටම ඕන වුනේ හන්සිට පහන්ට හිතන්න වෙලාවක් දෙන්න..අද දවසටම තිබ්බේ එකම ඒක ලේච්ටෙර් එකයි..එකත් cut  වුණා..දැන් මොනවා කරන්නද fb  යන්නත් බැහැ.පහන් online  ඉන්නවනේ..එත් හංසි අයෙමත් කල්පනා කලා එයා පහන්ට මොනවද කිව්වේ කියල...අම්මේ හංසි පහන්ට advice  කරනවට වඩා කියල තියෙන්නේ "මන් මේ කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් විදියට කියන්නනේ" කියන එකනේ..හන්සිට තනියම හිනා ගියා..හන්සිට ඇති කොල්ලෙක් නැහැ..එත් පහන් වැරදි වැටහීමක් ඇති කරගනියි කියලයි හංසි එහෙම කිව්වේ..මොකද හංසි පහන්ව අදුරන්නේ නැහැනේ ඉතින්..හංසි තනියම හිනා වේවි පහලට ගිහින් දවල්ට ඉව්ව...හන්සිට තනියම හිනා..ඇත්තටම හන්සිට කොල්ලෙක් හිටියනං......???? හන්සිට තරිදු අය්යව මතක් වුනේ ඉබේටම..එයා ඉතින් හැමදාම කතා කරනවා චැට් කරනවා තමා..එත් කවුද ඉතින් දන්නේ එයා මට අදරෙමද කියල...he  he  he

හන්සිට අයෙමත් තනියම හිනා..කවුරු හරි දැක්කනං හිතනවා හන්සිට පිස්සු කියල..එත් මේ ලංකාව නෙමේනේ..මෙහෙ මිනිස්සුන්ට අනිත් මිනිස්සු තනියම හිනා වෙන ඒක ප්‍රශ්නයක් නෙමේ...දෙවියන්වහන්සේට ස්තුති වේවා...අයෙත් තනියම හිනා වේවි හංසි රූම් එකට ගියා දවල්ට කන්න..

තරිදු අය්යත් දැන් කතා කරනවා වැඩියි කියල හන්සිට හිතුන..එයා ඉන්නෙත් රට..එහෙ ඉගෙන ගන්නවා..එත් මේ ආදරෙමද කියල හන්සිට තේරුනේ නැහැ..හංසි ආදරේට කිරිකෝඩුයි නේ.අම්මත් දන්නවා තරිදු අය්ය ගැන.හංසි අම්මට හැමදේම කියනවනේ..එත් අම්මාන් කියන්නේ පරිස්සන් වෙලා ඉන්න ඒක හොදයි කියල..

එත් තරිදු අය්ය එන්නේ වෙන දෙකට කියල මේ වෙද්දී හන්සිට තේරිලා තිබ්බේ...මේ කතාව අම්ම දන්නවා එකයි අම්ම කිව්වේ මොනවා කරන්නත් කලින් එයාගේ වෙලාව බලන්න ඕන කියල...

පහන් රෑ වෙලා ආයෙත් චැට් ආව.

"හංසි ඔයාගේ මහත්තය ගොඩක් වාසනාවන්තයි ඔය වගේ කෙනෙක්ව ලබන්න තරo..ඔයාට ගොඩක් පින් හංසි මන් වෙන මාතෘකාවකින් කවි ලියන්න try  එකක් දෙන්නන්..අමාරුයි..ගොඩක් අමාරුයි.එත් මන් ඒක කරන්නන් හංසි..."
මගේ වස්තුවේ එදා නිකමටවත් අපිට හිතුනේ නැහැනේ හංසි වගේ කෙනෙක් ලබන්න වාසනාව තිබ්බේ ඇත්තටම කාටද කියල...හරිම පුදුමයි නේද?
?
" ඇති යන්තන් දැන්වත් ඔයාට මන් කියන ඒක තේරුණා..අඩන්න එපා පහන් යේ කවමදාවත්..හැමදාම හිනා වෙලා ඉන්න..ඔයාට අලුත් යුඅලුවෙක් ඉන්නවනේ...ඒක ගැන හිතල සතුටු වෙන්න..හොදේ පහන්..""

පහන්ට තරිදු අය්ය ගැන කියන්න ඕනේ කියල හන්සිට හිතුන ..ඇයි දන්නේ නැහැ..දැන් පහන් එයාගේ හොදම යාලුවෙක් වෙලා ඉවරයි. ඒ නිසා වෙන්න ඇති..

" පහන් මේ ඉන්නේ මගේ boyfriend .."
හංසි පහන්ට එයාගේ profile එකේ  ලින්ක් ඒක යැව්වා.
" මන් දනන් හිටිය හංසි."
පහන්ගේ උත්තරෙන් හංසි පුදුම වුණා..
"අහ් ඔය කොහමද දැනගත්තේ?"
"එහෙම තමා හංසි , හොද යාළුවන්ට හැමදේම දැනෙනවනේ.."
පහන් හිනා මුනකුත් දාල කිව්වා...
හේ හේ හේ හාකෝ හාකෝ
හංසි හිනා වුණා..


එත් ඊට  පස්සේ වුණා හංසි කවමදාවත් හිතුවේ නැති දෙයක්..දෙය්යනේ ඇයි මෙහෙම වෙන්නේ??
?



Tuesday, July 3, 2012

පැහැසර සිත්තම් 05

පහන් ගෙදර ඇවිත් නිදා ගත්ත.එත් නින්ද පහන්ගේ අහලකටවත් අවේ නැහැ. නින්දෙන් ඇහැරුණු පහන් කම්මැලි කම යන්නත් එක්ක fb  log  වුනා . පහන් දාන කවි වලට වැටිලා තියෙන comment , like  බලන්න පහන් හරිම අසයි.අද උදෙත් දාපු කවිය දිහා පහන් බැලුවේ නිකමට වගේ.තමන්ගේ හිතේ තිබ්බ දුක මේ ලෝකේ අනිත් අය එක්ක බෙදාගන්නයි පහන්ට ඕන වුනේ.සදලිට අංශුමාත්‍රයක් තරන්වත් නොතේරුන ඒ දුක මේ ලෝකේ අනිත් හැමෝටම දැනුන එකයි පුදුමේ. "සදලිය" කවියට ඔසී වල ඉන්න කෙනෙකුත් like එකක් දාලා. පහන්ට ආසා හිතුන තමන්ගේ කවි කියවන්නේ ලංකාව් අය විතරක් නෙමේ කියල .තමන්ගේ පාටක පිරිස වැඩි වෙච්ච එක ගැන පහන්ට හරිම ආසාවක් ඇති වුනේ. 2012-03-26 දවසේ පහන් හදපු එයාගේ බ්ලොග් එක නිසා අඩන හිතට නැවතුමක් හම්බවෙයි කියල කවමදාවත් පහන් හිතුවේ නැහැ . ජිවිතේ කියන්නේ හරිම පුදුම තැනක්. අහඹු සිදුවීම් එකතු වෙලා තමා ජිවිතේ ගොඩනැගෙන්නේ .

"ජිවිතේ කියන්නේ අසම්පුර්ණ මිනිසුන්ගෙන් හා දේවල් වලින් පිරුණු තැනක්.ජිවත් වෙනවා කියන්නේ මේ අසම්පුර්ණ දේවල් අපි අපිට පුළුවන් තරමින් සම්පුර්ණ කරගන්න උත්සහ කරන එකයි "


හ්ම් හ්ම් හ්ම් මේ රෑ නින්ද යන්නේ නැති නිසා පහන් දිගටම fb  on  line හිටිය.නිකමට වගේ තමන්ගේ අලුත් ඔසී  යාලුවට friend request එකක් දාන්න ඕනේ කියල පහන්ට හිතුනා. එයාගේ profile එකට ගියත් එකේ කිසිම දෙයක් පහන්ට බලන්න පුළුවන් කමක් නැහැ..එයා එකේ privacy දාල.මේ අලුත් යාළුවා එක්ක යාලු කමක් ඇති කරගන්නයි , තමන්ගේ ලියන කවි වල අඩු පාඩු අහගන්නයි එක්ක තමා පහන්  request එකක් දැම්ම .එත් කවුද දෙවියනේ දනන් හිටියේ තමගේ තුරුලේ නිදන මේ හා පැංචි එයා වෙයි කියල..ඔයා මට සිහිනයක්ම තමා හංසි.


පහුවෙනිදා උදේම හංසි නැගිට්ට.එත් තමා කට්ටිය නිදි. මේ ගෙවෙන්නේ winter  එක නිසා වැඩ පටන් ගන්නේ දවල් වෙලා.එත් හන්සිට ගෙදර පුරුද්දට තාම උදේම ඇහැරෙනවා.හංසි නැගිට්ට ගමන් කරන්නේ fb  එක පැත්තේ රවුම් ගහන එක. මේ පාලු කාමරේ ඇතුලට වෙලා වෙන මොනවා කරන්නද නැත්තන් දෙය්යනේ.ඊයේ සදලියේ කවිය ලියපු කෙනා පහන් , හන්සිට request  එකක් දාල තිබ්බ හංසි දැක්ක.හංසි පොඩ්ඩක් එයාගේ profile  එක search  කරලා බැලුව. හ්ම් හ්ම් හ්ම් එයා ටිකක් දුර කෙනෙක් . ඒ නිසාම එයාව දන්නා අදුනන කවුරුත් හංසි දනන් හිටියේ නැහැ..ඒ නිසාම එක දවසින් පහන්ගේ request එක accept කරන්න හන්සිට හිතුනේ නැහැ. එත් පහන්ගේ profile  pic එක දක්කමනං ඒ මුනේ හිනාව අස්සේ හැංගිලා තිබුන දුක හන්සිට හොදට තේරුණා.පව් අසරණය.. ජිවිතේ උපන්නට ජිවත් වෙනවා.මෙයාව යාලුවෙක් කරන එයාගේ හිත හැදෙන්න දෙයක් කියලවත් එයාට නැගිටින්න උදව්වක් කරන්න ඕනේ කියල හන්සිට හිතුනා.

හ්ම් හ්ම් හ්ම් දෙපාරක් හිතල හංසි පහන්ව friend  කෙනෙක් කරගත්ත. ඒ වෙලාවේ පහන් online  හිටිය.පහන් හංසි එක්ක චැට් කලේ නැහැ.හංසි පහන්ගේ මුළු බ්ලොග් එකම කියෙව්වා...අම්මේ පහන් ලියල තියන කවි ඔක්කොක්ම සදලි ගැනමනේ..හන්සිට දුක හිතුනා. අද වෙද්දී හංසි පහන්ගේ බ්ලොග් එක  සිය වතාවකට වඩා කියවල තියෙනවා.එත් අද වෙනකන් මන් දනන් හිටියේ නැහැ මහත්තයෝ ඔයා බ්ලොග් එක පටන් අරන් තියෙන්නේ මගේ උපන්දිනය දවසේ කියල..මන් තනියම සමරපු මගේ උපන්දිනයට දෙවියෝ මගේ ජිවිතේ වටිනාම තෑග්ග මවලා...එත් ඒ තෑග්ග මට හම්බවුනේ හුගක් කාලෙකට පස්සේ.ඒ තෑග්ග හැමදාම මන් ගාව තියාගන්න මට පුළුවන් වුනොත් ??? මේ මුකුත් නොදන්නා හංසි එදා තිබ්බ lectures  ගියා.

 දවස් දෙක තුනක් පුරුදු විදියට කාලේ ගතවුණා .දවසක් හවස් වරුවක හන්සිට , පහන්ව සෙට් වුණා චැට් එකේදී.මේ පහන්ව චැට් කරන්න හම්බවුන පලවෙනි පාරනේ .හාන්සි ටිකක් ආඩම්බරෙන් තමා කතා කළේ..එහෙන මෙහෙන් වගතුග අහද්දී හන්සිත් කපටි විදියට ඒවාට උත්තර දුන්න.හන්සිත් පහන්ගෙන් ඔය අනන් මනං ඇහුව කට වහන්ම ඉන්න එක හොද නැති නිසා....
හ්ම් පහන් හොද යාලුවෙක් වගේ.දවස් දෙක තුනක් ඔහොම චැට් කල.

"හංසි අර "සදලිය" කවි පන්තිය ගැන ඔය මොකද හිතන්නේ....

"ම් ම් ම් වැරද්දක් නැහැ...එත් එකේ ටිකක් දුක කියල තියෙනවා වැඩියි වගේ.එකේ අර "මු" අකුරෙන් ඉවරකරලා තියෙන පදය හොදයි..එත් ඔය තව පද හොයාගත්තොත් ලස්සනය් "මු" අකුරෙන් ඉවර වෙන ඒවා.
"මේකනේ හංසි මන් A /L කළේ maths නේ. අනේ ඉතින් අපි ඕව දන්නේ නැහැ"
"දන්නේ නැති නිසා තම මෝඩයෝ කියල දුන්නේ"

ඔය විදියට මගේ හංසි පැටියා මට මගේ ජීවිතෙත් කියල දෙන්න මන් ගාවට එයි කියල මන් හිතුවේ නැ මගේ වස්තුවේ.


දවසක් පහන් අපේ පරණ කතා මතක් කර කර  කි
ව්වා හන්සිට අද වගේ මතකයි.


අපේ පලවෙනි චැට් එක පටන් ගත්තේ ඔහොමයි .ඊට පස්සේ පුරුද්දක් විදියට පහන් හැමදාම හංසි එක්ක චැට් කලා.ඒවාට ගොඩක් පාදක වුනේ ඉතින් පහන්ගේ කවිම තමා.

"හංසි ඔයා මගේ බ්ලොග් එකේ comment  එකක් දාන්නකෝ ඉතින්."
පහන් දවසක් කිව්වා.ඔන්න ඔහොම  තමා හංසි පහන්ගේ බ්ලොග් එකේ රසිකාවියක් වුනේ.

ඊයේ  පෙරේද දවසක පහන්ට තරහ ගිහින් හන්සිව fb  එකේ un friend කරපු දවසේ හන්සිට මේ සිද්දිය අයෙත් මතක් වුණා.කමක් නැහැ. මේ හැමදේම වෙන්නේ වෙන්න තියෙන හොදම විදියට කියල හංසි හිත හදාගත්ත අන්තිමට..


ජිවිතේ කවමදාවත් තමන්ට ඕන දේවල් එක    පාරින්

හන්සිට හම්බවෙලා තිබ්බේ නැහැ.පහනුත් එහෙම වෙන්න ඇති කියල හංසි හිතුව.

හ්ම් හ්ම් හ්ම්

හංසි හැමදාම පහන්ගේ බ්ලොග් එකේ බලනවා.හැමදාම පහන් එකම මාතෘකාවෙන් කවි ලියන එක ගැන හංසි පහන්ගෙන් ඇහුව.
"මොකද බන් හැමදාම මේ අඩා ගත්ත  ගමන්ම කවි ලියන්නේ. වෙන topic  එකක් ඇත්තෙම නැද්ද උබට කවි ලියන්න."
"හ්ම්ම්ම් මචෝ  ජිවිතේ වින්ද දේවල් , විදින දේවල් කවි වලට නගන්න හරිම ලේසියි..එකයි  හැමදාම එකම  කවි ලියන්නේ."
"අනේ බන් මන් උබේ කතාව දන්නේ නං නැහැ. එත් ඔහොම ලියනවට නං මන් ආස නැහැ..ජිවිතේ මිනිස්සු අපි ගාවට එනවා,ඉන්න පුළුවන් අය අපි ගාව නතර වෙනවා.එහෙම ඉන්න බැරි  අය අපිව දාල යනවා.කෙනෙක් දාල යනවා කියල දැනෙනවනන් , අපිට ඒ කෙනාව තව දුරටත් ඕනේ නං එයාව ඒ වෙලාවේ නතර කරගන්න ඕනේ..එත් කෙනෙක් යන්නේ අපි එක්ක ඉන්න බැරි නිසා..එයාල ආයේ ආවත් අපිව තව පාරක් දාල යන එක අමාරු නැහැ..ඒ නිසා ගිය අයට යන්න දෙන්න..නතර වෙලා ඉන්න අය එක්ක සතුටින් ඉන්න."

හන්සිත් ඉදල ඉදල පණ්ඩිත කතාවක් කිව්වා පහන්ට.    

පහනුත් අහන හිටිය වචනයක්වත් කියන්නේ නැතිව.
"හ්ම් ඔව් මචන් ඒ කතාව නං ඇත්ත."
එදා පහන් කිව්වේ  එච්චරයි.

හැමදාම මේ වගේ තමන්ගේ ලගින් ඉන්න අය එක්ක සතුටින්  ඉන්න පහන්..අදටත් හන්සිගේ ප්‍රාර්ථනය  එච්චරයි.



මේ ඔක්කොමත් හරි.ඊට ටික දවසකට පස්සේ තමා හොදම සිද්දිය වුනේ...


 මගේ යාලුවනේ. මේ ටිකේ ටිකක් වැඩ වැඩි වුන නිසා මේ පැත්තේ එන්න බැරි වුණා. ඒ නිසා පැහැසර සිත්තමුත් සිත්තම් වෙන්න ටිකක් කල් ගිය.පහනුයි හාන්සියි එනකන් බලන් ඉන්න වුනාට මට සමාවෙන්න ඔන්න හොදේ..අදත් කතාව කියවල comment දාන්නකෝ ඔයාලා