Saturday, December 8, 2012

"එකමත් එක ආදර කතාවක් ....01"



ඒක වසන්ත කාලෙ නෙමේ .ජිවිතේ ගිම්හාන කාලේ ..උහුලන්න බැරි දාහයකින් මුළු ජීවිතේම පිච්චෙනවා.ජිවිතේ කියන්නේ මේක තමා.හැමදාම සතුටු මල් නැහැ...එත් ජිවත් වෙන්න තියන අන්තිම වතුර පොදත් චණ්ඩ හිරු හරිම නපුරු විදියට බි ගෙන ගියා .කරන්නම දෙයක් නැති තැන සුටික්කි හරිම අමාරුවෙන්  පුංචි වැහි  කෝඩයක්  එනකන් බලන් හිටිය.


  මහේෂ්  වෙනද වගේම වගේම සුටික්කි ගැන  ගොඩක් ලොකු ආදරයක්  හිතේ  තියාගෙන  සුටික්කි ගැනම කල්පනා කර කර  වැඩ කර. සුටික්කිව මතක් වුනත් ඉහටත්  උඩින් තිබ්බ වැඩ කන්දරාව නිසා සුටික්කිට  call එකක් වත් දෙන්න විදියක් තිබ්බේ නැහැ සුටික්කේ හැමදාම මේ වෙලාවට phone එක තියාගෙන මග බලන් ඉන්නේ මහේෂ්ගෙන් msg එකක්වත් එයි කියල හිතාගෙන ....එත් හැමදාම මේ වැඩ අස්සේ මහේෂ්ට ඒක  කරන්න බැරි වෙනවා  .පව් අසරණ සුටික්කි... එය කැම්පස් එකේ හිටියත් බලන් ඉන්නේ මේ වෙලාවට මහේෂ් කතා කරයි කියල...සුටික්කි කවදාවත් මහේෂ් නැතිව කෑම  කාවේ නැහැ...මහේෂ්ට කවදාවත් සුටික්කි එක්ක එකට  කන්න  හම්බවෙන්නෙත් නැහැ.පව් අසරණ කෙල්ල බලාගෙන ඇති.මහේෂ් phone  එක අතට ගත්ත සුටික්කිට msg එකක් දාන්න  කියල හිතාගෙන.

"මහේෂ් පොඩ්ඩක් එන්න,අලුත් site එකක් අවිත්පුළුවන් ඉක්මනටම මේක ඉවර කරන්න ඕන ..K?"


 හදිස්සියේ ආපු  වැඩක් නිසා මහේෂ්ට   කලින් ready වෙන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ.ඔලුව පිස්සුවෙන් වගේ මහේෂ් වැඩේ ඉක්මනට ඉවර කරන්න ඕන නිසා මුළු හිතම එකට යොදවන්න පටන් ගත්ත...සුටික්කිව මෝහතකට මහේෂ්ට අමතක වුන..නිරංග අයය එක්ක වාහනේට නැගල ගම්පහ යනකන්ම මහේෂ් ලැප් එකේ check කලේ එදා site  එකේ  විස්තර ගැන.ඒ වැඩේ ඉවර වෙලා ලැප් එක off කරන්න කලින් මහේෂ් නිකමට FB වුන..malls check කර..

මහේස්ගෙන් msg  එකක් එනකන් මග බලන් හිටිය සුටික්කි බැරිම තැන FB log වෙලා හිටියේ මේ වෙද්දී .... කන්නේ නැතිව මහේෂ් අයගෙන් msg එකක් එනකන් බලන් හිටියට මෙන්න ඒ පාර එයා  FB එකේ.සුටික්කිට දැනුනේ දරාගන්න බැරි තරං දුකක්..


 අද වැඩත්  නැහැ කිව්වා..මන් හිතුවේ මාත්  එක්ක අද lunch ගන්න එය එයි කියල...එත් එයට lunch ගානක් නැහැ...එය හොදට ඔහේ FB එකේ ඉන්නව ඒකෙ  යාලුවෝ   ඉන්නවනේ ඉතින් හට හුටහ මරක්.එයාල එක්ක චැට් කර කර ඇති...සුටික්කි බැරිම තැන මහේෂ්ට  call එකක් ගත්ත....
මහේෂ් මේ වෙද්දී site එක ගාවමයි  හිටියේ..ඒ නිසා සුටික්කිගේ call එකcut කල මහේෂ්.....සුටික්කෙට දැනුන දුක මෙච්චරයි කියල කියන්න බැහැ ඇයි  මහේෂ් අය්යා මෙහෙම  කරන්නේ මට.මන් මොකක්ද එයාට  කරපු වරද්ද.මන් කරන එකම වැරැද්ද එයාට  වැඩියෙන් ආදරේ කරන එක විතරයි.පුන්චි කදුළු බින්දු දෙකක් ආස  දෙකේ ගලාගෙන ආවත් සුටික්කි එකා   පිහදගත්ත කැම්පස් එකේ යාලුවෝ දකියි කියල බයෙන් .
අද උදේ එකේදී වෙච්ච සිද්දිය නිසාත් සුටික්කිගේ හිත පෑරිලයි  තිබ්බේ.


 මහේෂ් අය්යා  `කැමති නිසයි  අම්මට කියල අලුත් ගවුමක් මහන් ඇදන්  ආවෙ  සුටික්කි අද....වෙනදට කවුරු හරි ගෑනු  ළමයෙක් එහෙම අඩන්  ආවම   මහේෂ් අය්ය කියනවා එහෙම අන්දම ගැනු   ළමයින්ට ලස්සනයි කියල..       එත් අද සුටික්කිට මුකුත්ම කිව්වේ නැහැ...
 මං   දෙයක්  අලුතින් කරහම ඒක ඔයාට අලුත් දෙයක්  නෙමේ .....මං  අලුතින් ඇදුමක් ඇන්දම , කොන්ඩේ  අලුත් විදියකට පිරුවම , ඔයාට ඒක අලුත් දෙයක් නෙමේ ..මට එතකොට ඔයත් එක්ක තරහයි ...තරහ වැඩී  කමටම දුකයි .

 සුටික්කි phone එක අරන් මහේෂ්ට msg  එකක් යැව්වා




"ayi mata mehema karanne...man oya enakan balan innawa kiyala danne nadda baba..man me kanneth nathiwa balan innawa oya kanna enakan..oya hodata fb eke rawun gaha gaha chat karanawa...aduma tharame oyata msg ekakwath ewanna thibba neda?oyata fb iddi man call karama ansr karannawath barida??man nan harima awasanawanthayi..oya mata adare naha..kamak naha."





Friday, December 7, 2012

"එකමත් එක ආදර කතාවක් ...."



මං   දෙයක්  අලුතින් කරහම ඒක ඔයාට අලුත් දෙයක්  නෙමේ .....මං  අලුතින් ඇදුමක් ඇන්දම , කොන්ඩේ  අලුත් විදියකට පිරුවම , ඔයාට ඒක අලුත් දෙයක් නෙමේ ..ඉස්සර නං මට එතකොට ඔයත් එක්ක තරහයි ...තරහ වැඩිකමටම මට දුකයි....ඒත්  කාලයක් ගියාමයි මට තේරුනේ ඔයා ආදරේ කරන්නේ මගේ බාහිර දේවල් වලට නෙමේ කියලා ....ඔයාට මාව කොහමත් එකයි.ඔයා  ආදරේ කරන්නේ මට..ඒක තේරුන් ගන්න මට කාලයක් ගියා මහේෂ්...
|
|
|
|
|
|
|
|
|
-_____________________-
"එකමත් එක   ආදර  කතාවක් ...."


මේක කෙටි කතාවක්...
COMING SOON

Sunday, December 2, 2012

ආදරේ ඔබ කියන නාදේ .......

හුස්ම වදිනා මානයේ 
ඔබේ තුරුලේ
වේලි සිත් සේ 
තබා මාහිස්
ඔබේ පපුවේ 
අහන්නට ඇතිනම්,
ඔබේ හදවත 
ගැසෙන රාවේ  
අසන්නට  තිබුන මටත්
ආදරේ ඔබ කියන 
නාදේ 
|
|
|
|
|
|
|
|
|
|
|
ඔබේ හද පතුලින්..
 
 

Thursday, November 22, 2012

පත්තිරුව

කියෙව්වට තේරෙන්නේ නැති
නොකියෙව්වොත් තේරෙන්නෙම නැති
අමාරුවෙන් ටිකක්  විතර තේරෙන
නොතේරුනත් කියවන්නම හිතෙන 
|
|
|
|
|
|
|
|
|
|
|
|
රටා ඇදී 
පත්තිරුව
නුබ
මගේ ජිවිත තක්සලාවේ


Friday, August 24, 2012

පුංචි සාවී

ඔබේ දෑලේ
උණුසුම් සුසුම් රැලි
සොයා ආ මා ඔබේ පුංචි සාවී
ඔබේ උණුහුම දුරස් වී අද
මියේදෝ ඈ
සීතලෙන් 

පැහැසර සිත්තම් 09




විනාඩි 3 -4 කින් පහන් හන්සිගේ msg  එකට reply එකක් එව්වා. 

I'm seriously busy on these days hansi.even i didn't get a chance to come to fb. thanks for ur msg hansi.wt's up dr?"

හංසි ආයෙමත් පහන්ගේ msg  එකට reply එකක් යැව්වා.
"nothing much.just going pahan..i hope to cm to SL soon..hope to meet u there...no need to reply.it costs u much yalu..tc. budusaranay" 


"no need to reply "කිව්වට හංසි පහන්ගෙන් ආයේ msg  එකක් ඒවිද කියල හංසි බලන් හිටිය..එත් එවන්න එපා කිව්වම ආයේ reply  එකක් පහන් එවාවි ඇ..ඊ පාර හංසි හිත හදාගත්ත,දෙයක් එපා කියල එක හම්බවෙයි කියල බලන් ඉන්න තරං ගැහැණු හිත කොච්චර බොලදද කියල හන්සිට හිතුන...

එට පස්සේ දවස් 2 ක් 3 ක් හන්සිට පහන්ව fb  එකේ චැට් එකට හම්බවුන...හංසි අම්මලත් එක්ක කතා කරන් ඉක්මනට ලංකාවට එන්න කියල වැඩ ටික ready  කර ගත්තා.ඊලග සෙනසුරාදා ලංකාවට එන්න හංසි ticket  book  කර ගත්තා.


හංසි ඊලග දවසෙම ආයේ Melbourne වල නිලූ අක්කලාගේ ගෙදර ගියා..දැන් මේ ටිකේ හංසි ගෙදර එන්න බඩු ලෑස්ති කරගන්නවා.අත් දෙක වන වන ලංකාවට යන්න බැහැනේ.

මේ දවස් වල හන්සිගේ දවස් ගත වෙන්නේ shopping  centres  වල.කොහම හරි හංසි කට්ටියට බඩු ටික ලෑස්ති කරගත්ත..අම්මට , තාත්තට , නංගිට වගේම අනිත් නදයින්ටත් , යාලුවන්ටත් හංසි පුංචි පුංචි බඩු ගත්ත.හන්සිට කොහමත් මාල , වළලු , කරාබු , මුදු පිස්සුවක් තියෙනවා..ඕව තෝරන්න "DIVA" එකට ගිය වෙලාවේ දැක්ක දෙයින් හන්සිට එකපාරටම පහන්ව මතක් වුන.


 ලංකාවට ගිහිල්ල පහන්ව හම්බවුනොත් මේක එයට දෙන්න ඕනේ කියල හිතල හංසි එක අරගත්තා..පහන් ටිකක් ඔලුවෙන් ඉන්න කොල්ලෙක්ද කොහෙද ? හම්බවුනොත් විතරක් දෙනවා මේක.හන්සිට එක පාරටම හිනාවකුත් ගිය..මේ මොකද මේ මන් තනියම හිනා වෙන්නේ..."උබට පිස්සු බන් හංසි ..ඕක නං ලෙඩක් වෙන්නයි යන්නේ හොදේ."


සිකුරාදා රෑ නිලූ අක්කලාගේ ගෙදර මට "" party  එකක් තිබ්බ..එදා අපි තොසේ හැදුව.හන්සිමයි හැදුවේ ඒවා.ඔසී වල අන්තිම party එකේ photos හංසි ෆ්බ් එකේ දැම්ම. එදා අපි නිදගද්දී රෑ 12 ත් පහු වෙලා..ආයේ පහු වෙනිදා උදේ 9 ට airport  යන්නත් තියෙනවා..එදා රෑ හන්සිට නින්ද ගියේ නැහැ..ඇහැරන් හිටියේ.හන්සිට නිකමට වගේ fb  ලොග් වුන..මෙන්න පහන් on ලිනේ. මේ පහන්ව චැට් එකට හම්බවුනේ දවස්  4 කට විතර පස්සේ

"Hi hansi.kohamada?huga kalekin ne?
"hmm ow waradak naha pahan.kohamada oyata?
"math ohe innawa hansi.me dawas wala office ek wada iwaraak naha..epa wela inne hansi."
"hmm ehemada?ehema kiyala bahane pahan. wada karaganna epayi ne.?"
"" hmm ow hansi :) "

හැමදාම වගේ  අදත් ඔයා මට ජිවිතේ අමාරුම තැනකදී මට හයියක් වෙනවා හංසි...පහනට මෙහෙම හිතුනත් පහන් මේ ටික චැට් එකේ කිව්වේ නැහැ..


"eka neme .uba kawadda dan lankawata enne hansi."
"ewa ehema kiyala enawa e? man ena welawata ennanko.." 

හෙට ලංකාවට එනවා කියල පහන්ට කිව්වේ නැහැ කියල හන්සිට දැනුයි මතක් වුනේ..මෝඩය..මේ ටිකේ on line අවේ නැහැනේ කියන්න..පහන්ට කියන්නෙම නැතිව ලංකාවට ගිහින්ම එයට කියන්න ඕනේ කියල හන්සිට හිතුන..පරණ දේවල් අමතක කරලා දැන් හංසි පුංචි දග කරියෙක් වෙලා.....
"haako haako ..ube loku line ne..thiyagena ida ganin..uba awath ekayi nawath ekayi mata..:/ "

"ahhhh ehemada..innawako man awata passe waradilawath ubawa hambawenna eyida kiyala balapanko..."

 පහන්ට වගේම හන්සිටත් තමාගේ ජිවිත වල අමාරුම තැන වලදී හයියක් වුන තමන්ගේ නොදුටු යාළුවව බලන්න ලොකු ආසාවක් තිබ්බ..එත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් එක කිව්වේ නැහැ..දෙන්නම ඉතින් ආඩම්බරයිනේ..






"go to go pahan..harima mahansyi ada."
" ahh okk ...e mokada e mahansi"

"ada wada godak karane pahan..anika ada akkalage good bye party eka dunna...danuyi wada iwara wune.."
"ahhh e kiyanne uba heta lankawata enawa ne...ane ane uba mata kiwwewath nahane..kohamada man alla gaththa hati oya heta enawa kiyala..huuu huuu ::P :P :P :P "



හප්පා වස ලැජ්ජාව වුනේ..මේ මෝඩයගෙන් නං බේරෙන්නම බැහැ අප්පා..කමක් නැහැ ඉතින්..පහන් මගේ දුකට සැපට ඉන්න යාලුවනේ..

පහුවෙනිදා හංසි ඉන්දික අය්යාලට සමු දීලා එකෙන් ආවා..තවත් පැය 13 ක් ගෙවාගෙන හංසි ලංකාවට ආවා..අම්මගෙයි තාත්තගෙයි නන්ගිගේග්යි මුණු දැක්කම හිතට ඇති වුන සතුට පිට වුනේ හන්සිගේ ඇස දෙකෙන්....


ගෙදර ආවා ගමන් හංසි අම්මලත් එක්ක පන්සලට ගිය...එදා ඉරිදා දවසක්..පහු වෙනිදා සදුදා ඉදලම හන්සිට කැම්පස් යන්න වෙලා තිබුනේ..හංසි අම්මත් එක්ක ගෙනාපු බඩු අදිද්දී පහන්ට ගත්ත key tag එකත් දැක්ක..හංසි ඒක එහෙන්මම අරන් තමන්ගේ කැම්පස් එකේ යාලුවන්ගේ බඩු ගොඩට දා ගත්තා...
...පහු වෙනිදා හංසි උදේම නැගිටලා train එකට ගිය කැම්පස් යන්න... කට්ටියට ගෙනාපු බඩු ටික train එකේම බෙදල හන්සිට  වාඩි වෙන්න ඉඩක් ලැබුනේ station 3 -4 ක් ගියාට පස්සේ...හංසි නිකමට වගේ පහන්ට msg එකක් දැම්ම..
  


"eyi modaya.gm! i'm safely return to sl...will cm to uni today..i can meet u there if u free today."


මේ මෝඩයනන් phn එක අතේ තියාගෙනමද කොහෙද ඉන්නේ ?යවන පරක්කුවට පහනුත් හන්සිට reply එක එව්වා.


"ahh gm hansi..apiwa mathak wela thiyenne..on the way to ofis.will cm to uni to meet akka..c u there..will giva a call once i come to uni..bye then."

"ok bye pahana. c u" 





අනේ යාලුවනේ මන් පහුගිය ටිකේ ගෙදර හිටියේ නැහැ..ටිකක් අසනීප වෙලත් හිටියේ..පැහැසර සිත්තම් කියවන මගේ යාලුවෝ ගොඩක් fb  එකේ msg කරලා තිබ්බ  මන් පැහැසර සිත්තම් ලියන එක නතර කරලද කියල..ඔන්න අදත් ලිව්වා එකේ එක කොටසක්....කියවල බලන්නකෝ..මේකේ දන්නා පරක්කු වුන එකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා වගේම මේක කියවන්න ඔයාල බලන් හිටිය එකටත් ගොඩක් ස්තුතියි යාලුවනේ...

Sunday, August 19, 2012

මගේ දූ

වතු පිටි හරියන්නේ කිරි අත්තගේ පිනටයි
ගේ දොර හරි යන්නේ අත්තම්මගේ පිනටයි
පුතෙකු ලැබෙන්නේ අප්පච්චිගේ පිනටයි
දුවක ලැබෙන්නේ මුළු ලෝකෙම පිනටයි

 

 


 

Wednesday, July 11, 2012

පැහැසර සිත්තම් 08

හංසි සිඩ්නි එද්දී වෙලාව හවස 3 ට විතර ඇති ..එහෙන්මම හංසි ගියේ අන්කල්ගේ ගෙදර...එතන හරිම ලස්සන තැනක්..හන්සිට ඉන්න හම්බුනේ ගෙදරටම මායිම්ව තිබුන වෙනම කාමරයක්..එකේ බිත්ති නෙමේ තිබ්බේ...විදුරු දොරවල්..හරිම ලස්සනයි.ඊට එහාපැත්තෙ මල් වත්තක් තිබ්බ..මේ සීත කාලයෙන් ග්‍රීෂ්ම කාලෙට එන කාලය..ගස් වල කොළ මල් පිපෙන්න පටන් ගන්න කාලේ.හංසි ඉස්සෙල්ලම කලේ බැග් අස් කරපු එක.ඊට පස්සේ කඩේට ගිහින් බඩු අරන් ආවා අන්කල් එක්ක...එදා රෑ මහන්සියටම හන්සිට නින්ද ගියා.
පහුවෙනිදා උදේම නැගිටලා හංසි කාමරේ අස් කලා.ගෙදරින් එද්දී අරන් ආව බුද්ද රූපේ තියල හංසි වත්තෙන් මල් කඩලා ඉටිපන්දමක් පත්තු කරලා ප්‍රාර්ථනාවක් කලා...
            "හැමදේම හොදම විදියට වෙන්න කියල.".






 බඩු අස් කරලා හංසි දවල්ට ඉව්ව ඇන්ටි  එක්ක එකතු වෙලා..ඇන්ටි නිලූ අක්ක තරන්ම ෆිට් නැහැ..එය ටිකක් වයසින් වැඩියිනේ..ඒ නිසා ඇන්ටිට ටිකක් අල්ලන්නේ නැහැ අපේ වැඩ..කොහම හරි මේ ටිකේ හන්සිට fb  එන්නත් බැරි වුන..ඩොන්ගල් එකේ අවුලක් ගිහින්...තරිදු අය්යටත් කතා කරන්න විදියක් තිබුනේ නැහැ..අය්යට එදා වෙලාවල් ගැලපෙන්නේ නැති නිසා මේක කරන්න තාත්ත අකමැතියි කිව්වම අය්යා හැසිරුණ විදිය මතක් වුනාම අදටත් හන්සිට පහන් හැගීමක් හිතට එන්නේ..ඒ දවස් ටිකේ අය්යට කතා කලේ phone  එකෙන්. ඒ නිසා වැඩි වෙලාවක් කතා කරන්න බැහැනේ.මොකක් හරි දෙයක් සිද්ද වෙමින් තියෙනවා කියල හන්සිට තේරුණා..ඒ තරිදු අයගේ හොදම යාළුවා රුක්ෂාන් එවපු msg එකක් නිසා...
"hansi, somone is lying to us.we dont know who is that.anywy no longer i cant help u nanga.sry.im with tharidu.tc bs" 
හංසි ගොඩක් වෙලාවට කලේ තනියම කාමරේට වෙලා අඩපු එක..එහෙම නැත්තන් කල්පනා කරපු එක..ඇයි දෙවියනේ ඇස් දෙකට පෙන්නේ නැති , කනට ඇහෙන්නේ නැති , අල්ලන්න බැරි වෙලාවක් නිසා කෙනෙක්ව අත අරින්න වෙන එක මොන තරං පාපයක්ද...මේ ගිය ආත්මේ කරපු පවක් වෙන්න ඇති කියල හංසි කලේ තව තවත්
මෛත්‍රී භාවනාව වඩපුඑක...ඇත්ත හන්සිට දැනුන වගේම තරිදු අය්යා වටේට හංසි නොහිතපු දෙයක් සිද්ද වෙමින් තිබ්බ;/...එයාගේ යාලුවෝ ටික අය්යා එක්ක හන්සිට හොදටම බැනල තිබ්බ..
" ඇයි මචන් කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කලාම වෙලාවක් නිසා දාලා යනවනං එක මොන තරං බලු වැඩක්ද මචන්.. ජිවිතේ එකට යන්න පටන් ගත්තනං ඒක අතර මග දාලා යන එක කොච්චර වැරදිද ?"
ඇත්ත යාලුවෝ විදියට එයාල ඒ කියපු කතාව ඇත්ත..එත් දෙය්යනේ මන් අද මෙතන ඉන්නේ මගේ අම්ම තාත්ත නිසා...ඇයි ඒක මේ අයට තේරෙන්නේ නැත්තේ...
"අපේ ජිවිත වලට සහකරයෝ ඕන තරං හොයා ගන්න පුළුවන්..එත් දෙය්යනේ අම්මෙක් තාත්තෙක් ආයේ හොයා ගන්න බෑ. ජීවිතේටම ඉන්නේ එක අම්මයි..එක තාත්තයි."

ඕන දෙයක් කියල අන්තිමට හංසි හිත හදාගත්ත..මන් තරිදු අය්යට ආදරෙයි..එත් මන් මගේ දෙමව්පියන්ට ඊට වඩා ආදරෙයි.
හංසි මේ ටිකේ ගෙව්වේ අන්තිම නරක ජිවිතයක්. අඩන්න දුක බෙදාගන්න කිසිම කෙනෙක් නැහැ ..තනියම මේ දුක විද ගන්න හන්සිට පුළුවන් කමක් තිබ්බේ නැහැ..හංසි තනියම ඇවිදින්න ගිය වෙලාවල් වල වාහන වලට හැප්පෙන්න ගිය වාර ගාන අනන්තයි..එත් අන්තිමට හංසි සිහිය එලව ගත්ත..මගේ දෙමව්පියන්ට මගේ මලකද ලංකාවට යවන්න බැහැ.මන් කල්පනාවෙන් වඩා කරන්න ඕනේ.
තනියම ගෙදරට වෙලා ඉන්න කම්මැලි හින්දයි , මේ දුක තනියම විද ගන්න අමාරු නිසයි හංසි කල්පනා කලා අන්කල්ට කියල පුංචි ජොබ් එකක්  හොයා ගන්න..
අන්තිමට හන්සිට පුළුවන් කම හම්බවුන පුංචි ජොබ් එකක් හොයාගන්න..ඒක ලංකාවේම අය වැඩ කරන රෙස්ටුවරන්ට් එකක්..එතන වැඩිය වැඩක් තිබ්බේ නැහැ හන්සිට කරන්න..shift  එකටනේ එතන වැඩ. එතැනදී හන්සිට හොද යාලුවෙක් හම්බුනා..එයාගේ නම ජනිකි.එයා ඇත්තටම හොද යාලුවෙක්.එයා හන්සිගේ දුක අහන හිටිය.හන්සිට වැඩ කරන්න ඕන විදිය උපදෙස් දුන්න.ගොඩක් වෙලාවට හවසට වැඩ ඇරිලා හන්සියි , ජනිකියි shpping  center  එකකට ගිහින් ෆූඩ් කොර්ට් එකට වෙලා මොනවා හරි කකා කතා කර කර ඉන්නවා..
ඒක දවසක් වැඩ කරද්දී හන්සිට ජනිකිගෙන් කෝල් එකක් ආව..
හංසි ඔය කොහෙද ඉන්නේ..මන් වැඩ ජනිකි..ඇයි ? අද ටිකක් රෑ වෙනකන් වැඩ කරන්න වෙනවා..අද පොඩි party  එකක් ඒකයි.
අහ් හරි හංසි වැඩ ඇරිලා ගෙදර ගිය ගමන්ම මට කෝල් එකක් දෙන්න..


 එදා හංසි වැඩ ඇරිලා යද්දී වෙලාව 11 ට විතර ඇති රෑ..දැන් හංසි වැඩිය fb  යන්නේ නැහැ..මොකද දැන් එතනට යනවා කියන ඒක හරිම දුකක් නිසා..මොකද මේ වෙද්දීත් තරිදු අය්යා හන්සිව fb  එකෙන් remove කරලා තිබ්බේ..එත් හැමදාම පුරුද්දට වගේ හංසි එයාගේ profile එකට යනවා..එදා දැක්ක දෙයින් හංසි ගොඩක් පුදුම වුන..
තරිදු අය්යා in  a relationship  කියල දාලා තිබ්බ ගනු ළමයෙක්ගේ නමකුත් එක්ක..හන්සිට ගොඩක් ගොඩාක් දුක හිතුන..තමන් මෙච්චර කාලයක් වින්ද දුක මොකක්ද කියල හන්සිට හිතුන..තරිදු අය්යා මෙච්චර ඉක්මනට අමතක කරේ කොහමද කියල හංසි කල්පනා කලා..හංසි ජනිකිට කෝල් එකක් දුන්න..ජනිකි මන් දැක්ක ඒක..මට පොඩ්ඩක්වත් දුක නැහැ..අය්යා සතුටින් නං එච්චරයි මට ඕනේ ජනිකි..මට ඔය ගැන අඩම්බරයි හංසි..ඔහම ඔයාට හිතන්න පුළුවන් වෙච්ච ඒක ගැන.දැන්  wash දාල නිදා ගන්න අපි හෙට හම්බ වෙමුකෝ හොදේ.."
එත් හන්සිට තිබුනේ ලොකු දුකක්..හංසි ගොඩක් වෙලා එකම ඉරියව්වෙන් ඉදල කල්පනා කලා මොකක්ද මේ වුනේ කියල ..
 එදා අහම්බෙන් වගේ පහනුත් on  line  හිටිය fb  එකේ..හංසි පහන් එක්ක හුග කාලෙකට පස්සේ , ම් ම් මාස එකහමාරකට පස්සේ විතර..හංසි අද අදම පහන් එක්ක චැට් කලා..මුළු සිදිඉයම හංසි පහනට කිව්වා.
පහන් අහන ඉදල මෙච්චරයි කිව්වේ...ඔය වගේ කෙල්ලෙක් ගැන මට ආඩම්බරයි හංසි ..තමන්ගේ අම්ම තාත්ත ගැන හිතන අයට කවමදාවත් වරදින්නේ නැහැ..
දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ..උබ පුළුවන් ඉක්මනට ලංකාවට වරෙන් බන්.උබ ඔහේ තනියම දුක් විදින්න එපා..ඇවිත් අම්ම තාත්ත එක්ක හිටපන්.උබ රෑ තිස්සේ ඔහේ වැඩ කර කර පව් ගෙවන්නේ නැතිව මෙහෙ වරෙන් බන් හංසි.."
ඇත්ත හංසි අන්තිමට තීරණය කලා තනියම මෙහෙට වෙලා දුක් විදින්නේ නැතිව පුළුවන් ඉක්මනට ලංකාවට යන්න..
" අහ් පහන් මගේ exm  එකේ result  ඇවිල්ල..මට A  2 යි B  1 යි."
"වාව් නියමයිනේ බන්..එල එල..ඔය තියෙන්නේ ..උබට වරදින්නේ නැහැ බන්.මේ මගේ ෆොනේ no  ඒක..උබට අඩන්න ඕන වුන වෙලාවට මට කතා කරපන්..උබත් එක්ක අඩන්න නෙමේ බන්..උබ මාව නැගිට්ටෙව්ව වගේ උබව නැගිට්ටවන්න"
"අහ් මේ හංසි උබ ලංකාවට එද්දී මට කැන්ගරු පැටියෙක් අරන් වරෙන් හොදේ."
හේ හේ හේ හාකෝ හාකෝ හංසි එහෙමම log out වුන..ජිවිතේ ඔය වගේ යාලුවෙක් හම්බ වුනෙත් මගේ වෙලාවට පහන්..නැත්තන් මේ දුක දැන් මට දරාගන්න බැරි තරමට බර වැඩියි..ඇත්ත ඉක්මනට ලංකාවට යන්න ඕනේ කියල හංසි හිතුව එදා.පහන් ඇත්තටම හොද යාලුවෙක් කියල හන්සිට එදා තේරුණා. .
පහුවෙනිදා ඉදන් හංසි අයෙමත් හැමදාම fb  on line  ආව..ඒ අවේ තමන්ගේ දුක පහන් එක්ක බෙදා ගන්න..එත් පහන්ව දවස් දෙක තුනක්ම හංසි දැක්කේ නැහැ..කවදාවත් නොදුටු තමන්ගේ යාළුවා ගැන හන්සිට ලොකු බයක් දැනුන..පහනට මොනවා වෙලාද කියල..හංසි පහනට msg එකක් දැම්ම.  

"hey pahan.I.m hansi.wts up? didnt c u on fb loong time.hope everything ok."

Tuesday, July 10, 2012

පැහැසර සිත්තම් 07

හංසි එදා රෑ වෙච්ච සිද්දියෙන් පස්සේ...ඇයි දෙය්යනේ මෙහෙම දේවල් ලෝකේ වෙන්නේ..හංසි එදා රෑ ගෙවපු විදිය හන්සිටවත් මතක නැහැ.මහා රෑ තනියම අඩන සද්දෙට හොස්ටෙල් එකේ අය ඇහැරෙයි කියල හංසි washroom  එකට ගිහින් ටැප් එක ඇරන් හොදටම ඉකි ගගහ අඩුව..එදා රෑ  වෙලාව කියන්නේ හොස්ටෙල් එකේ wifi  වැඩ කලෙත් නැහැ..අම්මට කතා කරන්නත් විදියක් තිබ්බේ නැහැ.අම්ම පණිවිඩේ කිව්වා විතරයි තාත්ත කියපු වචන දැනුත් හන්සිට ඇහෙනවා ඇහෙනවා වගේ....


"පුතේ මට ගොඩක් අය නැහැ..ඉන්නේ ඔයා විතරයි,..කරදරයක් වෙන්න තියෙනවා කියල දැන දැන මන් කොහමද පුතේ ඔයාව එතනට තල්ලු කරන්නේ?"


ඇත්ත තාත්තට මේ ලෝකෙම ඉන්නේ මන් විතරයි.හන්සිටත් එහෙමයි...හංසි හොදටම දන්නවා තාත්ත නංගිට වඩා හන්සිට ආදරෙයි කියල...හන්සිට මුණ දෙන්න වුනේ උබතෝකෝටික ප්‍රශ්නයකට...ඇත්ත..අම්ම කියන දේ අහන එක ඇරෙන්න හන්සිට වෙන විකල්පයක් තිබ්බේ නැහැ,..වෙලාවට කැම්පස් එකේ අන්තිම exam  එකත් ඒ වෙද්දී ඉවර වෙලා තිබ්බේ...එදා තමා හංසි හොස්ටෙල් ඉන්න අන්තිම දවස..නදුනි ඇන්ටි එක්ක එදා exam  ඉවර වෙලා හංසි පන්සලුත් ගියා...එක මහායාන පන්සලක්..එත් හිතට ලොකු නිදහසක් එතන තිබුන..එත් දෙය්යනේ හවස මෙච්චර දුකක් උහුලන්න වෙයි කියල කවුද හිතුවේ...හෙට හංසි හොස්ටෙල් එකෙන් යන නිසා ඉන්දික අය්ය එනවා කිව්වා එයාව එක්කන් යන්නන එයාගේ යාලුවෙක් එක්ක...එය වැටිලා අත තුවාල වෙලා..ඒ නිසා එය ආවේ යාලුවෙක් එක්ක..එයාලට කන්න දෙන්නත් එක්ක හංසි හවස ඉව්ව..වෙලාවට ඒ හැම දේම කරලා ඉවර වුනේ..එත් එක දෙයක් හන්සිට ඉවර කරගන්න බැරි වුන..ඒ එයාගේ bag  එක pack  කරගන්න එක...එකනං කමක් නැහැ..සිඩ්නි යන්නේ ඉන්දික අය්යලගේ ගෙදර දවසක් ඉදලනේ. නිලූ අක්කට කියල bag  pack  කරගන්න පුළුවන්නේ.හංසි එහෙම හිතල ආවා..එලි වෙලා හංසි දැනුනේම නැහැ,මුළු රම අඩපු එකයි හංසි කලේ.සීතලට හන්සිව හිරිවැටිලා තිබ්බේ..එහෙමම හංසි ඇදුන ටික කිසිම අරමුණක් නැතිව bag  එකට ඔබ ගත්ත.

පහුවෙනිදා උදේම ඉන්දික අය්යල ආවා..හන්සිව එක්කන් යන්න..හංසි ඒ අයට කන්න දුන්න.. කම ගොඩක් රහයි කියල ඒ දෙන්නම කිව්වා..හන්සිට ලැජ්ජත්  හිතුන  ..හංසි වැඩිය
 උයන්න දන්නේ  
නැහැ..එදා හංසි ඉව්වේ බතුයි , පරිප්පුයි , ගෝව මල් තෙල් දාලයි  , කැරට් සම්බෝලයක්  සැමන්  දාල .... හ්ම්  හ්ම්  කම ටික රහට තිබ්බනං  එච්චරයිනෙ .
හංසි එදා කලේ ලොකු
රගපෑමක් ..කවුරුත්  දන්නේ  නැති  ලොකු දුකක් හංසි එදා උහුලන්  හිටියේ..හිතේ  දුක  යන්න අඩන්න්න  එදා හංසි ගව  අම්මවත්  නැහැ..අම්මත්  ලංකාවට  වෙලා අඩනවා  කියල හංසි හොදටම දන්නවා..අම්ම විතරක්  නෙමේ ... ඇයි තාත්තත්  එහෙමයි..එත් කරන්නන  දෙයක් නැහැ..මේ තමා මගේ  ලැබීම ..හංසි එහෙම කියල හිතල හිත  හදාගත්ත ...

හොස්ටෙල් එකේ
දොර  වහල  යතුර  අතට  ගත්තම  හන්සිට ලොකු හුස්මක්  පිට  වුන...තරිදු  අය්යව  හම්බුනේ  මේ හොස්ටෙල් එකේදී ..අද  මන් හොස්ටෙල් එකෙන් යන කොට  එයාවත්  දාල  යන්න වෙනවා  කියල හංසි ගොඩක් දුක්  වුන..යතුර  බාර  දීල  හංසි ඉන්දික අය්යල එක එන්න  පිට වුනා .එන  ගමන්  හංසි ලොකු නින්දකට  වැටුන .ඇයි ඉතින්  ඊයේ  රෑම  එයා නිදි  නැහැනේ . හන්සිට ඇහැරුනේ  ඉන්දික අය්යලගේ ගෙදර ආවට පස්සෙයි...



බැග් ඔක්කොම  බාල හංසි  කුස්සියට  ආවා. නිලූ අක්ක  උයනවා . හංසි එයාට  උදව්  වුන උයන්න ..උයන  ගමන්  අක්ක  කිව්වා ,  "" හන්සිගේ husbandta  මන් කියනවා  හන්සිට රහට  උයන්න්න  පුළුවන් කියල."
ඇත්තමයි  ඉන්දික අය්යත්  කිව්වා හන්සිට රහට  උයන්න  පුළුවන් කියල...


හන්සිට ලජ්ජා හිතුන ඒක අහල..රෑ හැමෝම නිදා ගත්තට පස්සේ හාන්සි on line ඇවිත් තරිදු යයට කිව්වා තාත්ත කිව්වා දේ...අය්යත් පුදුම වුන..එත් අය්යා කිව්වේ අම්මල එපා කියන ඒවා කරන්න එපා කියල..එය ගැන හන්සිට ලොකු භක්තියක්  හිතුන. එදා හාන්සි අය්යා එක්ක ගොඩක් වෙලා අඩුව..පහු වෙනිදා හාන්සි සිඩ්නි යන්න ඕන  නිසා  හාන්සි උදේම නැගිට්ට..නැගිටින්න හාන්සි නිදා ගත්තේ  නැහැ  ඉතින්..හංසි airport  ඇවිත් 
සිඩ්නි ගියා...ජිවිතේ ගොඩක් දේවල් හංසි ඉගෙන ගත්තේ සිඩ්නි වලදී..

.........ජීවිතේට අලුත් මුල් පිටුවක් පෙරලුනේ සිඩ්නි වලදී.................

 


Sunday, July 8, 2012

පැහැසර සිත්තම් 06

හන්සිත් දවසේ වැඩි හරියක් fb  online  ඉන්නවනේ.lecters  ගිහින් ආවම වෙන මොනවා කරන්නද? අම්ම skype  එනකන් බලන් ඉන්නවා. ඒ ඇරුනම නදුනි අන්ටිලගේ ගෙදර යනවා.එහෙ චුටි නංගියි මල්ලියි නිසා හන්සිගේ හිතේ තිබ්බ පාළුව ගොඩක් අඩු වෙලා යනවා. මොකද හන්සි පොඩි ළමයින්ට ගොඩක් ආදරේ නිසා...ඒ කොහම වුනත් හැමදාම චැට් එකට පහන්ව හන්සිට හම්බවෙනවා.ගොඩක් වෙලාවට පහන් office  එකේ වැඩ වලට පිට යනවා.. ඉතින් ඒ ගිහාම පහනුත් ගොඩක් වෙලාවට online  ඉන්න නිසා දෙන්නවම චැට් එකට හම්බවෙනවා..දැන් පහනුයි හංසියි කවදාවත් නොදැක්ක එත් හොදම හොද යාලුවෝ..මොකද පහන් එයාගෙයි සදලිගෙයි කතාව කිව්වට පස්සේ දැන් ඒ දෙන්න ගොඩක් යාළුවෙලා..එත් දවසක් හන්සිට පහන්ගේ වැඩක් නිසා ගොඩක් තරහ ගිය.

"හංසි ඔයා දැක්කද මන් fb  එකේ share  කරපු video  එක."

හංසි ඒ වෙන කොටත් ඒ video  එක. බලල තිබ්බේ. එකේ තිබ්බේ එයා සදලිත් එක්ක ගිය trip  එකක photos  එකතු කරලා හදපු එකක්..එකේ පහන් එක්ක සදලි ඉන්න photo  2ක් තිබ්බ.එදා තමා හංසි පලවෙනි පාරට සදලිව දැක්කේ..අනේ මන්ද මේ මෝඩයට කිව්වට අහන්නෙම නැනේ..
"නෑ පහන් මන් ඒක දැක්කේ නැහැනේ."

හංසි තරහටම කිව්වා..ඊට  පස්සේ පහන් එකේ link  එක එව්වා හන්සිට. පහන් ගැන හන්සිට දුකත් හිතුන.
හංසි ඒක බැලුව කියල පහන්ට කිව්වට පස්සේ පහන් ලොකු කතාවක් කියන්න ගත්ත...

" හංසි  හරියටම 2008-09 20 . එදා අපි ස්කොලේ prifectla ට්‍රිප් එකක් ගිය නුවර..එදා තමා මේ හැමදේටම මුල් පොත් තියවුනේ..ඒක කවමදාවත් හිතල වෙච්ච දෙයක් නෙමේ.ඒක ඉබේම සිද්ද වුණා..එදා අපි ඔක්කොමල ට්‍රිප් ඒක යද්දී couple  තමා ගොඩක්ම ගියේ..එහෙම නැති අපි ටික දෙනෙක් පිටිපස්සට වෙලා full  ජොලියේ ගිය.මායි , සදලියි , දිලීකා අක්කයි තව කොල්ලෝ ක් විතරයි හිටිය. සදලි අපිට වඩා අවුරුදු ක් බාලයි..කොහම හරි මගෙත් break  නැති කටෙන් කියා වෙච්ච වචනයක් තමා මේ හැමදේටම මුල් වුනේ හංසි....
" මන් ඔයාට කොච්චරවත් ආදරෙයිනෙ  නංගියෝ "

ඒක මන් එදා විහිලුවට කිව්වට පස්සේ කාලෙක ඒක ඇත්තම වුණා හංසි.මන් මගේ පනටත් වඩා එයට ආදරේ කල.එත් මන් දන්නේ නැහැ එයි එයා වෙනස් වුනේ කියල..ඊට පස්සේ අපි ගොඩක් ආදරේ කලා. ස්කොලේ prefectla  වුණා අපිට අපේ ආදරේ එලි පිට කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. මට එහෙම කරන්න උවමනාවක් තිබුනෙත් නැහැ.මන් හැමතිස්සෙම හිතුවේ සදලි ගැණු ළමයෙක් කියන ඒක..ස්කොලේ කාටවත් නොදැනෙන්න අපි අවුරුදු 2ක් ආදරේ කලා. එත් එයා අදටත් මට හිතා ගන්න බැරි විදියට මාව දාල ගියා හංසි"

පහන් එච්චරයි කිව්වේ..ඊට පස්සේ   කතාව නතර කලා.හන්සිට පව් කියල හිතුන..එත් පහන් එක්ක අඩන ඒක මේකට විසදුම නෙමේ කියන ඒක හන්සිට තේරුණා.හංසි එයාගේ ලේච්ටෙර් එකක් cut  කරලා තමා මේ කතාව අහන හිටියේ.ඇයි ඉතින් ඔසී වලයි ලංකාවෙයි පැය 5 ක් වෙනස් නේ.හංසි ඔන්න කතාව පටන් ගත්ත,..


" පහන් උබටනන් පිස්සු හොදටම.මන් දැන් කි දවසක් කිව්වද ඔයාට..ඔයා අහන්නෙම නෑ නේ..මේ පහන් මන් කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් විදියට කියන්නේ., ආදරේ බලෙන් ගන්න බැහැ. ආදරේ කරන්න පුළුවන් කලේ ඔයාල ආදරේ කලානේ..එත් දැන් එහෙම නැහැ..දෙන්නෙක් ආදරේ කරලා ඊට පස්සේ ඒක ඒකපාර්ශවික වුනාම දුක දරාගන්න හරිම අමාරුයි බන්. මන් මේ කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් විදියට උබට කියන්නේ..උබ තෙරුන් ගනින් මෝඩයෝ දැන් ඔහොම අඩුව ඇති..ඉන්න බරින් එයා ගියදෙන්..
සතුටුවෙන්න එයට අහිමි වුනේ එයට ගොඩක් ආදරේ කෙනෙක්..එත් ඔයාට නැති වුනේ ඔයාට ආදරේ නැති කෙනෙක්...තේරුනාද...උබට තේරුනාද මන් කියපු දේ..මන් මේ දේවල් උබට කියන්නේ මටත් කොල්ලෙක් ඉන්න නිසා..උබ  යේ ඔහොම දුක හිතෙන කවි සදලිට ලියල තිබ්බොත් එහෙම මන් උබත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ..ok ...තේරුනාද උබට...මටත් කොල්ලෙක් ඉන්නවා බන්..ඒ නිසයි මන් උබට මෙහෙම කියන්නේ.."

"හංසි ජිවිතේ කවමදාවත් මට කවුරුත් ඔහොම කියල නැහැ..මගේ දුක අහගෙන එයාලත් අඩපු එකමයි කලේ.උබට ගොඩක් පින් බන්..මගේ හිත ටිකක් හරි වෙනස් දේකට යොමු කලට..මන් උබ කිව්වා විදියට හිතන්න try  එකක් දෙන්නන් බන්..."


ඔය වගේම තමා හංසි අදත් ඔයා මගේ හිතෙන මට  වෙනස් විදියට හිතන්න මට උදව් කරනවා.ඔයා මට වෙලාවකට අම්මෙක් වගේ මාව බලාගන්නේ.ආදරෙයි මගේ හන්සියෝ හැමදාමත්"



හංසි කතාව කියල ඉවර වෙලා lecters  යනවා කියල fb  offline  ගියා..එත් ඇත්තටම ඕන වුනේ හන්සිට පහන්ට හිතන්න වෙලාවක් දෙන්න..අද දවසටම තිබ්බේ එකම ඒක ලේච්ටෙර් එකයි..එකත් cut  වුණා..දැන් මොනවා කරන්නද fb  යන්නත් බැහැ.පහන් online  ඉන්නවනේ..එත් හංසි අයෙමත් කල්පනා කලා එයා පහන්ට මොනවද කිව්වේ කියල...අම්මේ හංසි පහන්ට advice  කරනවට වඩා කියල තියෙන්නේ "මන් මේ කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් විදියට කියන්නනේ" කියන එකනේ..හන්සිට තනියම හිනා ගියා..හන්සිට ඇති කොල්ලෙක් නැහැ..එත් පහන් වැරදි වැටහීමක් ඇති කරගනියි කියලයි හංසි එහෙම කිව්වේ..මොකද හංසි පහන්ව අදුරන්නේ නැහැනේ ඉතින්..හංසි තනියම හිනා වේවි පහලට ගිහින් දවල්ට ඉව්ව...හන්සිට තනියම හිනා..ඇත්තටම හන්සිට කොල්ලෙක් හිටියනං......???? හන්සිට තරිදු අය්යව මතක් වුනේ ඉබේටම..එයා ඉතින් හැමදාම කතා කරනවා චැට් කරනවා තමා..එත් කවුද ඉතින් දන්නේ එයා මට අදරෙමද කියල...he  he  he

හන්සිට අයෙමත් තනියම හිනා..කවුරු හරි දැක්කනං හිතනවා හන්සිට පිස්සු කියල..එත් මේ ලංකාව නෙමේනේ..මෙහෙ මිනිස්සුන්ට අනිත් මිනිස්සු තනියම හිනා වෙන ඒක ප්‍රශ්නයක් නෙමේ...දෙවියන්වහන්සේට ස්තුති වේවා...අයෙත් තනියම හිනා වේවි හංසි රූම් එකට ගියා දවල්ට කන්න..

තරිදු අය්යත් දැන් කතා කරනවා වැඩියි කියල හන්සිට හිතුන..එයා ඉන්නෙත් රට..එහෙ ඉගෙන ගන්නවා..එත් මේ ආදරෙමද කියල හන්සිට තේරුනේ නැහැ..හංසි ආදරේට කිරිකෝඩුයි නේ.අම්මත් දන්නවා තරිදු අය්ය ගැන.හංසි අම්මට හැමදේම කියනවනේ..එත් අම්මාන් කියන්නේ පරිස්සන් වෙලා ඉන්න ඒක හොදයි කියල..

එත් තරිදු අය්ය එන්නේ වෙන දෙකට කියල මේ වෙද්දී හන්සිට තේරිලා තිබ්බේ...මේ කතාව අම්ම දන්නවා එකයි අම්ම කිව්වේ මොනවා කරන්නත් කලින් එයාගේ වෙලාව බලන්න ඕන කියල...

පහන් රෑ වෙලා ආයෙත් චැට් ආව.

"හංසි ඔයාගේ මහත්තය ගොඩක් වාසනාවන්තයි ඔය වගේ කෙනෙක්ව ලබන්න තරo..ඔයාට ගොඩක් පින් හංසි මන් වෙන මාතෘකාවකින් කවි ලියන්න try  එකක් දෙන්නන්..අමාරුයි..ගොඩක් අමාරුයි.එත් මන් ඒක කරන්නන් හංසි..."
මගේ වස්තුවේ එදා නිකමටවත් අපිට හිතුනේ නැහැනේ හංසි වගේ කෙනෙක් ලබන්න වාසනාව තිබ්බේ ඇත්තටම කාටද කියල...හරිම පුදුමයි නේද?
?
" ඇති යන්තන් දැන්වත් ඔයාට මන් කියන ඒක තේරුණා..අඩන්න එපා පහන් යේ කවමදාවත්..හැමදාම හිනා වෙලා ඉන්න..ඔයාට අලුත් යුඅලුවෙක් ඉන්නවනේ...ඒක ගැන හිතල සතුටු වෙන්න..හොදේ පහන්..""

පහන්ට තරිදු අය්ය ගැන කියන්න ඕනේ කියල හන්සිට හිතුන ..ඇයි දන්නේ නැහැ..දැන් පහන් එයාගේ හොදම යාලුවෙක් වෙලා ඉවරයි. ඒ නිසා වෙන්න ඇති..

" පහන් මේ ඉන්නේ මගේ boyfriend .."
හංසි පහන්ට එයාගේ profile එකේ  ලින්ක් ඒක යැව්වා.
" මන් දනන් හිටිය හංසි."
පහන්ගේ උත්තරෙන් හංසි පුදුම වුණා..
"අහ් ඔය කොහමද දැනගත්තේ?"
"එහෙම තමා හංසි , හොද යාළුවන්ට හැමදේම දැනෙනවනේ.."
පහන් හිනා මුනකුත් දාල කිව්වා...
හේ හේ හේ හාකෝ හාකෝ
හංසි හිනා වුණා..


එත් ඊට  පස්සේ වුණා හංසි කවමදාවත් හිතුවේ නැති දෙයක්..දෙය්යනේ ඇයි මෙහෙම වෙන්නේ??
?



Tuesday, July 3, 2012

පැහැසර සිත්තම් 05

පහන් ගෙදර ඇවිත් නිදා ගත්ත.එත් නින්ද පහන්ගේ අහලකටවත් අවේ නැහැ. නින්දෙන් ඇහැරුණු පහන් කම්මැලි කම යන්නත් එක්ක fb  log  වුනා . පහන් දාන කවි වලට වැටිලා තියෙන comment , like  බලන්න පහන් හරිම අසයි.අද උදෙත් දාපු කවිය දිහා පහන් බැලුවේ නිකමට වගේ.තමන්ගේ හිතේ තිබ්බ දුක මේ ලෝකේ අනිත් අය එක්ක බෙදාගන්නයි පහන්ට ඕන වුනේ.සදලිට අංශුමාත්‍රයක් තරන්වත් නොතේරුන ඒ දුක මේ ලෝකේ අනිත් හැමෝටම දැනුන එකයි පුදුමේ. "සදලිය" කවියට ඔසී වල ඉන්න කෙනෙකුත් like එකක් දාලා. පහන්ට ආසා හිතුන තමන්ගේ කවි කියවන්නේ ලංකාව් අය විතරක් නෙමේ කියල .තමන්ගේ පාටක පිරිස වැඩි වෙච්ච එක ගැන පහන්ට හරිම ආසාවක් ඇති වුනේ. 2012-03-26 දවසේ පහන් හදපු එයාගේ බ්ලොග් එක නිසා අඩන හිතට නැවතුමක් හම්බවෙයි කියල කවමදාවත් පහන් හිතුවේ නැහැ . ජිවිතේ කියන්නේ හරිම පුදුම තැනක්. අහඹු සිදුවීම් එකතු වෙලා තමා ජිවිතේ ගොඩනැගෙන්නේ .

"ජිවිතේ කියන්නේ අසම්පුර්ණ මිනිසුන්ගෙන් හා දේවල් වලින් පිරුණු තැනක්.ජිවත් වෙනවා කියන්නේ මේ අසම්පුර්ණ දේවල් අපි අපිට පුළුවන් තරමින් සම්පුර්ණ කරගන්න උත්සහ කරන එකයි "


හ්ම් හ්ම් හ්ම් මේ රෑ නින්ද යන්නේ නැති නිසා පහන් දිගටම fb  on  line හිටිය.නිකමට වගේ තමන්ගේ අලුත් ඔසී  යාලුවට friend request එකක් දාන්න ඕනේ කියල පහන්ට හිතුනා. එයාගේ profile එකට ගියත් එකේ කිසිම දෙයක් පහන්ට බලන්න පුළුවන් කමක් නැහැ..එයා එකේ privacy දාල.මේ අලුත් යාළුවා එක්ක යාලු කමක් ඇති කරගන්නයි , තමන්ගේ ලියන කවි වල අඩු පාඩු අහගන්නයි එක්ක තමා පහන්  request එකක් දැම්ම .එත් කවුද දෙවියනේ දනන් හිටියේ තමගේ තුරුලේ නිදන මේ හා පැංචි එයා වෙයි කියල..ඔයා මට සිහිනයක්ම තමා හංසි.


පහුවෙනිදා උදේම හංසි නැගිට්ට.එත් තමා කට්ටිය නිදි. මේ ගෙවෙන්නේ winter  එක නිසා වැඩ පටන් ගන්නේ දවල් වෙලා.එත් හන්සිට ගෙදර පුරුද්දට තාම උදේම ඇහැරෙනවා.හංසි නැගිට්ට ගමන් කරන්නේ fb  එක පැත්තේ රවුම් ගහන එක. මේ පාලු කාමරේ ඇතුලට වෙලා වෙන මොනවා කරන්නද නැත්තන් දෙය්යනේ.ඊයේ සදලියේ කවිය ලියපු කෙනා පහන් , හන්සිට request  එකක් දාල තිබ්බ හංසි දැක්ක.හංසි පොඩ්ඩක් එයාගේ profile  එක search  කරලා බැලුව. හ්ම් හ්ම් හ්ම් එයා ටිකක් දුර කෙනෙක් . ඒ නිසාම එයාව දන්නා අදුනන කවුරුත් හංසි දනන් හිටියේ නැහැ..ඒ නිසාම එක දවසින් පහන්ගේ request එක accept කරන්න හන්සිට හිතුනේ නැහැ. එත් පහන්ගේ profile  pic එක දක්කමනං ඒ මුනේ හිනාව අස්සේ හැංගිලා තිබුන දුක හන්සිට හොදට තේරුණා.පව් අසරණය.. ජිවිතේ උපන්නට ජිවත් වෙනවා.මෙයාව යාලුවෙක් කරන එයාගේ හිත හැදෙන්න දෙයක් කියලවත් එයාට නැගිටින්න උදව්වක් කරන්න ඕනේ කියල හන්සිට හිතුනා.

හ්ම් හ්ම් හ්ම් දෙපාරක් හිතල හංසි පහන්ව friend  කෙනෙක් කරගත්ත. ඒ වෙලාවේ පහන් online  හිටිය.පහන් හංසි එක්ක චැට් කලේ නැහැ.හංසි පහන්ගේ මුළු බ්ලොග් එකම කියෙව්වා...අම්මේ පහන් ලියල තියන කවි ඔක්කොක්ම සදලි ගැනමනේ..හන්සිට දුක හිතුනා. අද වෙද්දී හංසි පහන්ගේ බ්ලොග් එක  සිය වතාවකට වඩා කියවල තියෙනවා.එත් අද වෙනකන් මන් දනන් හිටියේ නැහැ මහත්තයෝ ඔයා බ්ලොග් එක පටන් අරන් තියෙන්නේ මගේ උපන්දිනය දවසේ කියල..මන් තනියම සමරපු මගේ උපන්දිනයට දෙවියෝ මගේ ජිවිතේ වටිනාම තෑග්ග මවලා...එත් ඒ තෑග්ග මට හම්බවුනේ හුගක් කාලෙකට පස්සේ.ඒ තෑග්ග හැමදාම මන් ගාව තියාගන්න මට පුළුවන් වුනොත් ??? මේ මුකුත් නොදන්නා හංසි එදා තිබ්බ lectures  ගියා.

 දවස් දෙක තුනක් පුරුදු විදියට කාලේ ගතවුණා .දවසක් හවස් වරුවක හන්සිට , පහන්ව සෙට් වුණා චැට් එකේදී.මේ පහන්ව චැට් කරන්න හම්බවුන පලවෙනි පාරනේ .හාන්සි ටිකක් ආඩම්බරෙන් තමා කතා කළේ..එහෙන මෙහෙන් වගතුග අහද්දී හන්සිත් කපටි විදියට ඒවාට උත්තර දුන්න.හන්සිත් පහන්ගෙන් ඔය අනන් මනං ඇහුව කට වහන්ම ඉන්න එක හොද නැති නිසා....
හ්ම් පහන් හොද යාලුවෙක් වගේ.දවස් දෙක තුනක් ඔහොම චැට් කල.

"හංසි අර "සදලිය" කවි පන්තිය ගැන ඔය මොකද හිතන්නේ....

"ම් ම් ම් වැරද්දක් නැහැ...එත් එකේ ටිකක් දුක කියල තියෙනවා වැඩියි වගේ.එකේ අර "මු" අකුරෙන් ඉවරකරලා තියෙන පදය හොදයි..එත් ඔය තව පද හොයාගත්තොත් ලස්සනය් "මු" අකුරෙන් ඉවර වෙන ඒවා.
"මේකනේ හංසි මන් A /L කළේ maths නේ. අනේ ඉතින් අපි ඕව දන්නේ නැහැ"
"දන්නේ නැති නිසා තම මෝඩයෝ කියල දුන්නේ"

ඔය විදියට මගේ හංසි පැටියා මට මගේ ජීවිතෙත් කියල දෙන්න මන් ගාවට එයි කියල මන් හිතුවේ නැ මගේ වස්තුවේ.


දවසක් පහන් අපේ පරණ කතා මතක් කර කර  කි
ව්වා හන්සිට අද වගේ මතකයි.


අපේ පලවෙනි චැට් එක පටන් ගත්තේ ඔහොමයි .ඊට පස්සේ පුරුද්දක් විදියට පහන් හැමදාම හංසි එක්ක චැට් කලා.ඒවාට ගොඩක් පාදක වුනේ ඉතින් පහන්ගේ කවිම තමා.

"හංසි ඔයා මගේ බ්ලොග් එකේ comment  එකක් දාන්නකෝ ඉතින්."
පහන් දවසක් කිව්වා.ඔන්න ඔහොම  තමා හංසි පහන්ගේ බ්ලොග් එකේ රසිකාවියක් වුනේ.

ඊයේ  පෙරේද දවසක පහන්ට තරහ ගිහින් හන්සිව fb  එකේ un friend කරපු දවසේ හන්සිට මේ සිද්දිය අයෙත් මතක් වුණා.කමක් නැහැ. මේ හැමදේම වෙන්නේ වෙන්න තියෙන හොදම විදියට කියල හංසි හිත හදාගත්ත අන්තිමට..


ජිවිතේ කවමදාවත් තමන්ට ඕන දේවල් එක    පාරින්

හන්සිට හම්බවෙලා තිබ්බේ නැහැ.පහනුත් එහෙම වෙන්න ඇති කියල හංසි හිතුව.

හ්ම් හ්ම් හ්ම්

හංසි හැමදාම පහන්ගේ බ්ලොග් එකේ බලනවා.හැමදාම පහන් එකම මාතෘකාවෙන් කවි ලියන එක ගැන හංසි පහන්ගෙන් ඇහුව.
"මොකද බන් හැමදාම මේ අඩා ගත්ත  ගමන්ම කවි ලියන්නේ. වෙන topic  එකක් ඇත්තෙම නැද්ද උබට කවි ලියන්න."
"හ්ම්ම්ම් මචෝ  ජිවිතේ වින්ද දේවල් , විදින දේවල් කවි වලට නගන්න හරිම ලේසියි..එකයි  හැමදාම එකම  කවි ලියන්නේ."
"අනේ බන් මන් උබේ කතාව දන්නේ නං නැහැ. එත් ඔහොම ලියනවට නං මන් ආස නැහැ..ජිවිතේ මිනිස්සු අපි ගාවට එනවා,ඉන්න පුළුවන් අය අපි ගාව නතර වෙනවා.එහෙම ඉන්න බැරි  අය අපිව දාල යනවා.කෙනෙක් දාල යනවා කියල දැනෙනවනන් , අපිට ඒ කෙනාව තව දුරටත් ඕනේ නං එයාව ඒ වෙලාවේ නතර කරගන්න ඕනේ..එත් කෙනෙක් යන්නේ අපි එක්ක ඉන්න බැරි නිසා..එයාල ආයේ ආවත් අපිව තව පාරක් දාල යන එක අමාරු නැහැ..ඒ නිසා ගිය අයට යන්න දෙන්න..නතර වෙලා ඉන්න අය එක්ක සතුටින් ඉන්න."

හන්සිත් ඉදල ඉදල පණ්ඩිත කතාවක් කිව්වා පහන්ට.    

පහනුත් අහන හිටිය වචනයක්වත් කියන්නේ නැතිව.
"හ්ම් ඔව් මචන් ඒ කතාව නං ඇත්ත."
එදා පහන් කිව්වේ  එච්චරයි.

හැමදාම මේ වගේ තමන්ගේ ලගින් ඉන්න අය එක්ක සතුටින්  ඉන්න පහන්..අදටත් හන්සිගේ ප්‍රාර්ථනය  එච්චරයි.



මේ ඔක්කොමත් හරි.ඊට ටික දවසකට පස්සේ තමා හොදම සිද්දිය වුනේ...


 මගේ යාලුවනේ. මේ ටිකේ ටිකක් වැඩ වැඩි වුන නිසා මේ පැත්තේ එන්න බැරි වුණා. ඒ නිසා පැහැසර සිත්තමුත් සිත්තම් වෙන්න ටිකක් කල් ගිය.පහනුයි හාන්සියි එනකන් බලන් ඉන්න වුනාට මට සමාවෙන්න ඔන්න හොදේ..අදත් කතාව කියවල comment දාන්නකෝ ඔයාලා


 

Friday, June 22, 2012

පැහැසර සිත්තම් 04

පහන් බම්බලපිටියෙන් බැහැල office එකට යනගමන් පාරේ හිටිය හිගන්නෙකුට අම්ම දීපු බත් එක දුන්න.ඒ මනුස්සය පින් දිදී එක ගත්ත හැටි දැකල පහනට සතුටු හිතුන.කෝච්චියේ මතක් වුණා පද පේලියේ ඉතුරු පද ටික පහන් office එකේ මේසේ ඔලුව හන්ගන් ලිව්වා 

මගේ සදලිය


ඈත දිනයක හීන අමුනපු

සොදුරු සුන්දර හැගුම් මුමුණපු
මගේ දෙව්ලිය මාව සනසපු
මා දමා ඈ ඇත පියබපු

පෙරදාක මා හිතේ  සැගවුණු

මගේ හැම හැගුමක්ම පුබුදපු
දකින්නට බැරි දිනක් ගතවුණු
මා දමා ඈ ඇත ඉගිලුණු

සසර මා පතු එකම කුමරිය

සදලි ඔබ මගේ එකම දෙව්ලිය
කිම්ද අද මා මෙලස තනිවුන
මා සොයා යලි එන්න මගේ සදලිය 
         

    පුරුදු විදියට කවිය ලියල ඒක FB  එකේ දැම්ම පහන්.එයාගේ බ්ලොග් එකෙත් ඒක දාල පහන් එදා දවසේ තිබ්බ වැඩ ටික ඉවර කළා ඔරලෝසුවේ කටු මෙච්චර හිමිට කැරකෙන්නේ  ඇයි කියල මහන කල්පනා කරා.ඉස්සර සදලි එක්ක ඉද්දි හරිම ඉක්මනට කැරකෙන  කටු අද හරිම හිමින්.සදලි නැති දුක ඔරලෝසුවත් දැනිල වගේ.දවසේ වැඩ ඉවර කරලා අයෙත් ගෙදර යන්න පහන් station  එකට ගියා .කෝච්චිය පන ඇද ඇද වගේ ආව. තමන්ගේ පනත් ඇදෙන්නේ මිට  වඩා වෙනස් නෑ කියල දැනුන පහනට.ජිවිතේ දුක් විදින එකම කෙනා තමන් කියල අනිත් අය දුක වහගෙන බොරුවට මවාපාන හිනාව ලග පහනට හිතුන.ජිවිතේ හැටි ඔහම තම.ජිවත් වෙන්න තියෙන අන්තිම බලාපොරොත්තුවත් මේ වෙද්දී පහන්ගේ හිතෙන ඉගිලිලා තිබ්බේ.සදලි ඉගිලිලා තිබ්බේ පහන්ගේ ජීවිතෙත් අරන්. මොකද ඒ තරමටම පහන් සදලිට ආදරේ කළා
  උපන්නාට ජිවත් වෙනවා මිසක් ජීවිතේට ආසාවකින් නෙමේ පහන් ඉන්නේ දැන්.අයෙමත් පුරුදු අපාය.පහනට දැන් ගෙදර ඇපයක් වගේ.මොකද office එකේ හිර කරන ඉන්න දුක පිට කරගන්න ගෙදරදිවත් ඉඩක් හම්බවෙන්න නැති නිසා.පහන් විදින දුක ඔක්කොටම වැඩියෙන් පහන්ගේ තාත්ත දැනන් හිටියා.තාත්තත් ඔය වයස පහුකරලානේ අවේ.එත් ආදරෙන් ලග ඉදන් ඔලුව අත ගෑවට පහනට සදලිව අමතක කරවන්න බෑ කියල තාත්ත දැනන් හිටියා.
"උබට ඕනේ ඒ ගෑනි නං පලයන් ගෙයින් එලියට.නාහෙන් අඩන එවුන්ට මේ ගෙදර ඉඩ නෑ.ඇයි වදේ අපි ළමයි හැදුවේ කොහෙවත් ඉන්න කෙල්ලෝ නිසා අඩ අඩ ඉන්නද? උබට ඕනේ ඒ ගෑනි මෙන්න දොර ඇරලා තියෙනවා.පලයන් ගෙයින් එලියට."

පහන්ගේ හිතට මේක යකඩෙන් හිතට අනිනවා වගේ.දුක දරාගන්න බැරි කමටම පහන් රෑට කාවෙත් නෑ.කාමරේට ගිහින් ඉකි ගගහ ඇඩුවා.
"කොල්ලට බාන්නට මගේ හිතට හරි නෑ හාමිනේ.පව් කොලුවා උහුලන දුක මට තේරෙනවා.පුළුවන් කමක් තිබුනන් මන් ගිහින් ඒකිව එක්කන් එනවා.එත් ඕකි නැතිවුනෙම අපේ එකාගේ වාසනාවට.එහෙම කියල තාත්ත ඇහැට ආව කදුල අම්මටත් හොරෙන් පිහදගත්ත.
 
  



ගමන් මහන්සියට නින්ද ගිහින් හංසි නැගිටින කොට වෙලාව 9 ත් පහුවෙලා .. අද හංසි කැම්පස් යන පලවෙනි දවස. අලුත් තැන .ටිකක් නුපුරුදුයි කියල හිතුනට හංසි හිමිට හිමිට ගියා හොස්ටල් එකේ පහලට.කවුරුත් පෙන්න හිටියේ නැහැ.අනිත් අය ලේක්චස් යන්න ඇති කියලයි හංසි හිතුවේ.
හංසි තේ එකකුත් හදාගෙන උඩට ඇවිත් ලෑස්ති වුණා.අද කැම්පස් යන පලවෙනි දවස.ගෙදර හිටියනං අම්ම කිරිබත් හදල අලුත් ඇදුමක් අරන් දීල මාව ඉබල ගෙදරින් පිටත් කරන හැටි මතක් වෙලා ඇස් දෙකට කදුළු ඉනුවා.මන් ගෙනාපු බුද්ද පින්තුරේ බිත්තියේ ගහල ගංගාරාමෙ බෝ ගහ ගාව ඉන්නවා කියල හිතන් වන්දගංගාරාමෙ ජිවිතේ තවත් එක කඩ ඉමක් විසදුන සොදුරු තෝතැන්නක් වෙයි කියල හංසි එදා නිකමටවත් හිතුවේ නෑ.
ලංකාවේ පුරුද්දට ඩෙනිමකුයි , ටි එකකුයි දැන් එලියට බැස්සට එලිය හරිම සීතලයි. හංසි අයෙත් ඇවිත් අම්ම අරන් දුන්න winter  clothes ඇදගත්තා.මේකනං වදයක් කියල හන්සිට හිතුන.ඊයේ alf  කිව්ව පාර දිගේ හිමින් හිමින් හංසි කැම්පස් එකට ගියා..alf කිව්වත් හන්සිට පාර හරියටම ෂුවර් එකක් තිබ්බේ නෑ දෙය්යෝ බුදුන් දැක්ක වගේ මහතම මහත ගනු ළමයෙක් සිගරට් එකකුත් බිබී පාර දිගේ එනවා දැක්ක හංසි.හිතට ටිකක් පිළිකුලත් දැනුනත් හංසි එයා එක්ක කතා කලා. international  unit එකට යන පාර එයාගෙන් ඇහුවම අපරාදේ කියන්න බෑ එයා යන ගමන නතර කරලා මාව එතනට එක්කන් ගියා.යන ගමන් අනන් මනං විස්තර කතා කර කර ගියේ අපි..එයා ඇහුවේ මන් indian ද කියල. මන් ලංකාවේ කිව්වම කැම්පස් එකේ හොදම යාලුවත් එයාගේ ලංකාවේ එක්කෙනෙක් කියල ඒ යාලුවට දෙන්න කියල මගේ e -mail  address  එකත් එයා ඉල්ලා ගත්තා. මාව international  unit  එකට එක්ක ගාවින් දල අයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් අපි දෙන්න සමුගත්ත.මොකද ඒ වෙනකොටත් එයාගේ lecture එකට පරක්කුවෙලයි තිබුනේ..
මන් international  unit  එකේ දොර ඇරපු ගමන් robin ඇහුවේ මන් හංසිද කියල.මන් එන්නත් කලින් මාව එයාල දැනන් ඉදල. අහ් නැහැනේ මීට කලින් අපි e mail  හුවමාරු කරගත්තනෙ.එත් ඒ පිළිගැනීමට මන් ගොඩක් ආස වුණා.හරිම සුහදශීලියි.මේ රටේ මට හම්බවුන හැම කෙනෙක්ම ගොඩක් මිථ්රශීයි. එදා සිකුරාදා දවසක්.ආයේ මට lectures  තියෙන්නේ සදුදා.ඒ වෙනකන් මට කරන්න විශේෂ දෙයක් තිබුනේ නෑ.කැම්පස් එකේ මගේ lecturesla හම්බවෙලා මන් shooping  complex  එකට යන පාර දිගේ map  එකත් දිග අරන් මන් ඔහේ ගියා.අහ් මගේ phone එකේ battry හොදටම බැහැල තිබුනේ. එත් charge  කරගන්න විදියක් තිබුනේ නෑ. එහෙ තියෙන්නේ වෙනම කොටු පින් එකනේ.මන් strath  village එකට ගියා.එක තම එහෙ තිබුන ලොකුම ෂොපින් සෙන්ටර් එක. මගේ ඔසී ජිවිතේ ගොඩක් කාලයක් මේ strath  එකේ ගෙවුන.මට දුක හිතුන, පාලු හිතුන ,සතුටු හිතුන  ගොඩක් දවස්වල මන් කලේ ගත කලේ strath එකේ.
කලින් මන් නදුනි ඇන්ටිගේ no  එක ඉල්ලන් අවේ මන්ජුලා ඇන්ටිගෙන්.ෆොනේ එකේ අන්තිම battry  කට්ටෙන් මන් නදුනි ඇන්ටිට කෝල් කලා.ඇන්ටිත් හරිම සුහදයි.ඒ වෙලාවේ ඇන්ටි බබලව ඉස්කෝලේ දන්නා යනගමන්.ඒ ගමන්ම මවත් city  එකට එක්කන් යන්නන් කියල ඇන්ටි මට strath  එක ගාව ඉන්න කිව්ව.විනාඩි 5 ක් යන්න කලින් ඇන්ටි ආවා.ජිවිතේ මිට කලින් කවදාවත් දැකල නැති මේ මිනිසා මන් කැම්පස් එකේ ඉන්නකන්ම මගේ අම්ම වගේ හිටියේ.රටින් පිට අම්ම තාත්ත නංගී නැතිව මන් සමරපු මගේ උපන්දිනේ  දවසේ කේක් එකක් ගෙනල්ල කිරිබත් හදල මට surprise party  එකක් දෙන්න තරං එයා මට අම්මෙක් වගේ සැලකුව.
කොහම හරි city  එකට ගිහින් මගේ බඩුත් අරන් අයෙමත් මන් ඇන්ටි එක්ක අන්ටිලගේ ගෙදර ගියා.පුංචි පුතා කවිඳු මට ඇන්ටි කියල කතා කරද්දී ලජ්ජත් හිතුන.හංසි එච්චර වයසද කියල.එදා දවසට දවල්ටත් කාල , රෑටත් කාල හවස් වෙලා මන් අයෙත් හොස්ටල් එකට ආවා.අරන් ආපු බඩු ඔක්කොම  තාම   බැග් වල. ඒවා අස් කරන්න ගත්තා හංසි.රෑටත් කාල ආව නිසා ආයේ කම හදන්න ඕන වුනේ නෑ .බඩු අස් කරලා අම්ම එක්ක skype කතා කාල.රෑ මට චන්දිමා අක්ක mail  එකක් දාල තිබුන අක්කගේ ෆොනේ no එකත් එක්ක.fb එකෙත් රවුමක් ගැහුවා.එත් යාලුවෝ ගොඩක් ඒ වෙලාවේ on line නැහැ.මොකද ඉතින් ඔසී වල වෙලාව ලංකාවට වැඩ පැය 5 ක් වෙනස් නේ . කවි පැදුර පැත්තේ රවුමක් ගියාම ලස්සන කවි පන්තියක් තිබුන.පුරුද්දක් විදියට හංසි හැමදාම මේ පැත්තේ එනවා. 
                 " මගේ සදලිය "
ලස්සන කවි පන්තියක්.හංසි හරිම අසාවෙන් එක කියෙව්වා.කවි ලියන්න එයට දිරිමත් කරන්න කියල හිතාගෙන හංසි එකට like එකක් දැම්ම.එත් එක කවිපන්තියක්ම විතරක්ම නෙමේ කියල හන්සිට තේරුණා.  පව් කවුරු හරි ගොඩක් දුකෙන් මේක ලියල තියෙන්නේ කියල හන්සිට හිතුන.පව් ඒ සිතට ඉක්මනට සුවය ලැබෙන්න කියල හිතල හංසි lap  එක off  කළා.

පෙම

සිව්මහ නදී මහා මුහුදට ගලන වැනි
එකදා නියන් මහා වැස්සෙන් මැකෙන වැනි
යුගදුරු පව්ව පිසදා නල හමන වැනි
ඔබ වෙනුවෙන් ගලනා පෙම දරනු බැරි 




Wednesday, June 20, 2012

පැහැසර සිත්තම් 03

20-06-2012

මන් ලොකු නින්දක් නිදාගෙන ඇහැරුනා..ඒත් තවම ගත වෙලා තිබ්බේ පැයක් විතරයි. මන් මොනවා කරන්නද ? ගමනාන්තයට තව පැය 6 ක් තියෙනවා..මගේ එහා පැත්තේ අම්ම එයාගේ ළමයි ටික තුරුළු කරන් ඉන්න හැටි දැක්කම මගේ පපුව හෝස් ගල යනවා.මගේ අම්ම ..මෝහතකට අයෙමත් මගේ හිත හද වැටුන...
මොකක්ද හංසි ඔය ඇඩිල්ල. දැන් ඔය මාස 6 ම අඩන්නද කල්පනාව.
මන් අවනත නැති මගේ හිතට මවිසින්ම තරවටු කරගත්ත.
ඒ වෙලාවේ ගුවන් සේවිකාවක් විසින් අපිට කන්න කෑම අරන් ආවා.ගත යුතු නිසා මන් එක ඇතට ගත්ත  මිසක් කෑමේ ආසාවක් මට තිබුනේ නෑ.
ඒත් බුදුහාමුදුරුවෝ දේශනා කරා වගේ  ජිවත් වීම පිණිස එක කන්න මන් තීරණය කරා..හ්ම් හ්ම් හ්ම්
මේ දුක් සුසුම් ඔය පැය 6 පුරාම තිබුන...ඒවා ඔක්කොම කියන්න ගියොත් මේ කතාව ඉවර වෙනකන්ම කියන්න පුළුවන්.ඉඩක් හම්බුනාම මන් ඒවා ඔයාලට කියන්නන්කෝ..
කොහමින් කොහමින් හරි flight එක ඔසී වලට ආවා..
අලුත් තැනක්. අලුත් පරිසරයක්. හැමදේම අලුත්

වෙලාව රැ 7.30 යි.එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා මන් එලියට එන කොට වෙලාව 9 ට විතර ලං වෙලා තිබ්බා.කලින් කතා කරා ගත්ත විදියට නිරංග අයය ඇවිත් හිටිය airport එකට..මේ නුහුරු නුපුරුදු පරිසරයේ දන්නා එකම කෙනා..එයාගේ නොනයි , බබල දෙන්නයි දැක්කම මොකක්දෝ හුරු පුරුදු ගතියක් හිතට දැනුන.අම්මට කෝල් එකක් දුන්න මන් ආවා කියල.අඩන්න බේරී කමට හීන වෙන්න අම්මගේ හැගීම් මට තේරුණා. එයාල  ගෙනාපු කෑම ටිකත් අරන් මන් මාව එක්කන් යන්න ඇවිත් හිටිය alf එක්ක මගේ කැම්පස් එකට යන්න පිටත් වුන..එයා ඒ යන ගමන් මට ගොඩක් දේවල් කියල දුන්න.පෙන්නුවා. මෙල්බන් නගරය..එකේ පාරවල් ගොඩක් දේවල් කියල දුන්න..මන් ගෙදරින් පිට වෙලා මේ වෙද්දී පැය 13ක් ගත වෙලයි තිබුනේ.ගමන් මහන්සිය මට තදින් දැනුන.ඒත් alf මාත් එක්ක දිගටම කතා කරා.මගේ පවුලේ විස්තර.මන් මෙහෙට ආවා හැටි ගොඩක් දේවල් ඇහුවා.නුහුරු නුපුරුදු දේශයක මට හමුවුන මේ  පළමු මිනිසා මට ගොඩක් කාරුණික වුන.වයසින් තුලතුනා වියේ හිටිය ඔහු මට දුවෙක් වගේ සැලකුවා.


මගේ අලුත් නවාතැන.hostel  මගේ එකට එද්දී වෙලාව 11 විතර වුණාමගේ බැග් ටිකත් අරන් මගේ room එක පෙන්නන් alf  මාත් එක්ක ආවා..මන් හිතුවට වඩා ඒ පරිසරය ගොඩක් ලස්සනයි.රැ අන්දකාරේ මැදින් ඒ නවාතැන මට පහන් හැගීමක් ගේනවා..

මගේ නවාතැන
තට්ටු තුනක් උඩ කැම්පස් එකේ මායිමට මුහුණ දාල මගේ room එක තිබුනේ..මගේ බඩු   තියන්න ඕන තැන්.කුස්සියේ මට අයිති තැන් ඒවා ඔක්කොම මට පෙන්නුවා .එට පස්සේ එයත් මට කැම්පස් එකෙන් දීල තිබුන කෑම ටිකත් දීල යන්න ගියා..
කාමරේ ටිකක් පොඩියි.ඒත් ලස්සනයි.බඩු පැක් කරන එක හෙටට කල් තියල නුඩ්ල්ස් එකක් කාල මන් නිදා ගත්ත.හෙට උදේම   grace හම්බවෙන්න යන්න තියෙන නිසා මන් නිදා ගත්තා. 


කුචු කුචු ගාගෙන ඇවිත් කෝච්චිය පහන් ඉස්සරහ නතර වුණා..තමන්ගේ ජීවිතෙත් මේ වගේම කුචු කුචු ගාගෙන ඔහේ ගලාගෙන යනවා නේද කියල පහන්ට හිතුන.අද නිහාල් අන්කල් ඇවිත් නැ.එයට කෝච්චිය miss වෙන්න ඇති , වෙනදට එයාල ඉන්න නිසා පහන්ගේ කල්පනා ලෝකය කොලබට යනකන් නතර වෙනවා.ඒත් අද අන්කලුත් නැති නිසා අයෙත් පහන් කල්පනා ලෝකෙට ගියා.වෙනදට මෙතන එහා පැත්තට වෙලා කියව කියව එයාගේ උරහිසේ ඔලුව හංගගන්න සදලි අද නැනේ.එයාගේ කටහඩ දැනුත් ඇහෙනවා වගේ.දැනුත් පහන්ගේ උරහිසේ සදලි ඉන්නවා වගේ එයට දැනුන.වෙනදට සදලිට නින්ද යනකන් ඔලුව අත ගාන නිසා පුරුද්දට වගේ පහන්ගේ අත එයාගේ උරහිසට ගියා.වෙනද වගේ සදලිගේ එයා ගාව දැන් නැහැ කියල දැන් පහන්ට හොදටම තේරුණා.ජිවිතේ හැටි ඔහම තමා.අවුරුදු 3 හමාරක ආදරයේ සුවද මතක් කරන් පහන්ට නින්ද ගියා ඉබේටම..

  


කොහේදෝ ඉදල ආවා හංස පැටියෙක් ලස්සන විලක එහෙ මෙහෙ පීනනවා පහන් හීනෙන් දැක්ක..ඒ හංසි පටිය මොන මොනවදෝ පහන්ට කිව්වා..ඒත් ඒ කිසිම  දෙයක් පහන්ට තේරුනේ නැහැ.මොකදෝ නුහුරු නුපුරුදු සැනසීමක් හිතට දැනුන..ඒත් ටික වෙලාවකින් ඒ හංසි විලේ ඇතට පීනලා ගියා.
ශමින්දක අය්යා හිතේ දුක යන්න හදල දුන්න බ්ලොග් එකේ කවි ලියල එකේ පොස්ට් කරන එක දැන් පහන්ට පුරුද්දක් වෙලා.
හිතේ නැගෙන දුක අයෙමත් පද වැලක් වෙලා පහන්ගේ හිතට ආවා...

අත දිනයක හීන අමුනපු

සොදුරු සුන්දර හැගුම් මුමුණපු
මගේ දෙව්ලිය මාව සරසපු
...................


ඔහේ අපු පද වැල් වලින් පහන්ට ගැලප ගන්න පුළුවන් වුනේ එච්ච්චාරයි. කෝච්චිය බම්බලපිටියට ආවා නිසා කෝච්චියෙන් බැස්ස පහන්..

ජිවිතේ ඉස්සරහ දවසක මේ එක සොදුරු තෝතැන්නක් වෙයි කියල පන්හන්ගේ තුන් හිතකවත් තිබුනේ නැහැ.

එදා හංසි එක්ක කතා කර කර සෙනග අස්සේ හැංගිමුත්තන් කරපු දවසේ මේ දේවල් අයෙමත් පහන්ට මතක් වුණා..  

.
 

Saturday, June 16, 2012

පැහැසර සිත්තම් 02

16-06-2012
flight eka මැලේසියාවට  ආව .එතන පැය 3 ක් ඉන්න වෙනවා...එකේ හම්බ වුන lady එක්ක කයියක් දාන් හිමිට  ඊලග  flight එකට යන්න පාර හොයා ගත්ත..එයත් මගේ කතාව අහල ගොඩක් සතුටු වුන..එයා මට ගොඩක් උදව් කරා.ඊට  පස්සේ අමාරුවෙන් train එකේ නැගල ඊලග flight එක ලගට ආව.ඉතුරු පැය 4 මොනවා කරන්නද?අම්මට කෝල් එකක් දල කිව්වා මන් මැලේසියාවට  ආව කියල..ඉතුරු පැය 4 යනකන් මන් පිරිත් පොත අතට අර ගෙන කියවන්න හිතුවා.අද ඉදන් මගේ තනි නොතනියට ඉන්නේ මේ පිරිත් පොත තමා.
"පුතේ මොනවා වුනත් හැමදාම පිරිත් ටික කියන්න..අපි නැතත් දෙවියෝ මගේ පුතාව ආරක්ෂා කරයි."

අම්ම අන්තිමට කිව්වා කතාව මට මතක් වුණා.
එතන තිබ්බ පුටුවක වැඩි වෙලා බැග් එකෙන් පිරිත් පොත එලියට අරන් පොත පෙරලුව.මුල්ම පිටුවේ තිබ්බේ අපේ ගෙදර 4 දෙනාගේ ෆොටෝ එකක්.. හිතේ අන්තිම කොනේ හිර කරගෙන හිටපු කදුළු කැට හෝ හෝ ගාල කඩන් වැටුනා..මෙතන මගේ කදුළු කවුරු දකින්නද? මන් හිතේ දුක යනකන්ම ඇඩුවා.මන් හිතන්නේ පැයක් විතර මන් අඩන්න ඇති.රතු වෙලා තිබ්බ මුනේ ඉදිමුන ඇස දෙක වහගන්න හිතාගෙන මන් washroom එකට ගිහින් මුණ හෝද ගත්ත...
දැන් ඉතින් මොන පිරිත් ද? මන් එහෙන්මම පිරිත් පොත  ඇතුලට  දා ගත්තා..
කොහම කොහම හරි flight එකට නැග්ග මන්..මට හම්බ වුනේ මැද සීට් එකක්.එහා පැත්තේ හිටියේ ඔසී යන family එකක්..අම්මට තුරුල් වෙලා යන ළමයි දිහා මන් බලන් හිටියේ හරිම ලෝබ කමකින්..ආයේ මගේ අම්මට තුරුල් වෙන්න මට මස 6 ක් බලන් ඉන්න වෙනවා නේද කියල මතක් වෙද්දී උගුර හිර වෙනවා වගේ මට දැනුනා.පැය 7 ක් යනවා එතන ඉදල ඔසී යන්න...මන් ටිකක් නිදා ගන්න කියල හිතාගෙන ඇස දෙක පියන් බ්ලැන්කට් එකට ගුලි වුණා....




පහන් අයෙත් වැඩට යන්න පහුවදා නැගිට්ට..මුළු රෑම නිදි මරපු නිසා එයාගෙත් ඇස දෙකම ඉදිමිලයි තිබ්බේ..

"මොකද පුතේ .අසනිපයක්වත්ද.?මුනත් රතු වෙලා "
" නැ එහෙම දෙයක් නැ"
හිතට තරහක් ආවත් උදේ පාන්දරම අම්ම එක්ක එල්ලෙන්න බැරි නිසා පහන් වතුර වීදුරුවත් අරන් එහෙන්මම මිදුලට බැස්ස.හිතට කිසිම සැනසීමක් නැ..හිත සැහැල්ලු වෙනකන් කියල හිතාගෙන මිදුලේ එහෙ මෙහෙ ඇවිද්ද පහන්..
"පුතේ අද වැඩට යන්නේ නැද්ද?"

අයෙත් අම්ම අහද්දී තමා පහන් මෙලොව සිහියට අවේ.ඕනවට එපාවට දත් මැදගෙන වැඩට යන්න ලෑස්ති වුණා.
" ආ පුතේ බත් එක."

මොන බත්ද අම්මේ ..ඕක ගෙනිච්චට මන් කන්නේ නැ..කවුරු හරි හිගන්නේක්ගෙවත් බඩ පිරෙයි කියලයි  , මේ උදේම අම්මගේ හිත රිද්දන්න බැරි  නිසයි පහන් බත් එක අතට ගත්තා..පව් මන් කන්නෙත් නැ.අම්ම උදේ 3 ඉදන් නැගිටගෙන..පහන්ට මොහොතකට අම්ම ගැන පුංචි දුකක් ඇති වුණා.
අනේ මේ දරුවට මොනවා වෙලාද මන්ද?වුණා හැමදේම මන් දන්නවා මගේ රත්තරනේ..එත් මොකද කරන්නේ අපි.යන මිනිස්සුන්ට වැද වැටි වැටි ගෙන්න ගන්න තරං උනුත් මිනිස්සුද?මගේ රත්තරන් පුතාට වරදින්නේ නැ..පුතාගේ වෙලාව බලපු වෙලාවේ පන්සලේ හාමුදුරුවොත් කිව්වා.පුතාගේ හොද  කාලේ ඉස්සරහට එනවා කියල.මගේ පුතාව සුකිරි බටිල්ලෙක් වගේ බලාගන්න කෙල්ලෙක් මගේ රත්තරන් පුතාට හම්බවෙයි මගේ පුතේ.ඒ කෙලි එනකන් මගේ පුතා ඉවසන් ඉන්න.
"කතරගන් දෙවියන්ගේ පිහිටයි මගේ රත්තරන් පුතාට."
අම්ම හිතින් එහෙම කිව්වා.
වෙලාව 4.30 යි. කෝච්චියට යන්න පහන් හිමිට පාර දිගේ පිය මැන්න. station එකට යන්න ඕනේ ඉස්කෝලේ පහු කරල..station එකට යන්න වෙන පාරක් තිබ්බ නං කොච්චර හොදද කියල පහන්ට හිතුන වාර ගාන අනන්තයි, අප්‍රමානයි.මොකද මේ ඉස්කෝලේ සදලි එක්ක ගත කරපු ඒ අවුරුදු 3 හමාරම එක තප්පරයකින් පහන්ට මතක් වෙන නිසා.එතනින් පස්සේ මුළු දවසම එපා වෙනවා.

කුචු කුචු ගාගෙන කෝච්චිය එනවා ඇහුන.

කෝච්චියට  වඩා ටිකක් ඉක්මනට පහන් station එකට ගියා

Friday, June 15, 2012

පැහැසර සිත්තම් 01

15-06-2012
 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අපේ ගෙදර කට්ටියම ආවා..ඔක්කොගෙම මුහුණු වල ලොකු සතුටක් හැංගිලා තිබ්බා..හැමෝම මන් ගැන ලොකු ආඩම්බරයකින් හිටියේ..මන් ඔක්කොටම දන ගහල වැඳ යන්න පිටත් වුණා..පුංචි , මහම්මි ඔක්කොටම වැන්දා.
"අනේ අපේ අම්මව බලාගන්න හොදේ මන් එනකන්.මන් ඒ  හැමෝගෙන්ම ඉල්ලුවේ එච්චරයි."


හැමෝටම සමු දීල මන් flight එකේ අන්තිම දොර ලගට ආවා.. කිත්තගේ තාත්තත් මට සමු දීල ගියා..දැන් මන් විතරමයි..ඇස් දෙකට ගලන්  ආපු කදුළු බිදු වලට ඔහේ ගලාගෙන යන්න මන් ඉඩ දුන්නා..මෙච්චර වෙලා හැංගිලා තිබ්බ කදුළු බිදු ඔහේ ගලන් ගියා..අදින් පස්සේ අමුතුම ලෝකයක්..අමුතුම දේශයක්..
හ්ම් හ්ම්  ම්හ් 
flight එකට තව වෙලාව තිබ්බ නිසා මන් phone එක අතට ගත්ත.මගේ හොදම යාළුවා චතුට මන් අන්තිම msg එක යැව්වා...එයා මට call එකක් දුන්න...
" අනේ හන්සියෝ ඔයාට මොනවා කියන්නද කියල මට තේරෙන්නේ නෑ.මට උබ ගැන ආඩම්බරයි.පරිස්සමෙන් ගිහින් වරෙන්..මේ අන්තිම වචන ටික.."
මන් මුකුත් කිව්වේ නෑ..ගලන කදුළු බින්දු අස්සේ කොහමද කතා කරන්නේ මන්..
"බුදුසරණයි චතු "
මන් එහෙන්මම phone එක තිබ්බා

හැමෝම කිව්වේ මන් හරිම වාසනාවන්තයෙක් කියල..මේ වගේ එකක් ලේසියෙන් කාටවත් හම්බවෙන්නේ නෑ කියල එයාලා සතුටු වුන..මගේ දෙමව්පියෝ...එයාලට ගොඩක් සතුටුයි..එත් මන් කොච්චර දුකෙන්ද හිටියේ,මට දාල යන්න බැරි  මැණික් තුනක් තිබ්බා මන් ගව..

ඒ මගේ අම්මයි තාත්තයි චුටියි...මොනවා කරන්නද ඕන දෙයක් කියල මන් හිත හදාගත්ත අන්තිමට.
එදා ඒ ශිශ්ශත්වය ලැබුන වෙලාවේ ඉදල අද වෙනකන් මගේ හිතට දැනුන හැගීම් , වෙච්ච හැම දෙයකම මට මැවි මැවි පෙන්න ගත්ත,,
කැම්පස් එකේ අයගෙන් ඇත් වෙන එක ගැනත් දුකක් නොතිබුණාම නෙමේ..එත් අන්තිමට මන් හිත හදාගත්ත..මගේ කැම්පස් එකට මගේ අම්මලට සතුටක් ගෙන්න අම්මගේ ලොක්කි තව ටිකකින් මේ රටෙන් යනවා අම්මේ..
MH178  flight එකේ අයට දොරටුවෙන් ඇතුල් වෙන්න කිව්වා..අවසාන මොහතෙත් මන් අම්මට කතා කරන්න video call කෝල් එකක් ගත්ත...
" අම්මේ අපිට එන්න කිව්වා..මන් යනවා එහෙනං.."
"අපි මේ එක පෙන තැනමයි ඉන්නේ..ඔය යද්දී අපිට පේනවා.."
. අම්ම කිව්වේ සතුටක් වෙව්ලන කටහඩට එකතු කරන්..
අම්ම කදුළු බින්දු හංගන්න එක තාත්තට දීල එතනින් ගියා..
"හරි එහෙනං flight එකට නැගල කෝල් එකක් දෙන්න පුතේ.."
තාත්ත එහෙම කියල එක තිබ්බා ..
මන් මුළු හිතේම දහිරිය අගට අරන් පුටුවෙන් නැගිටලා දොර ගාවට යන්න පටන් ගත්ත..එත් ඒ ටික දුර යන්න මට මහා ලොකු වෙලාවක් ගත වුණා.
මන් ඔස්ට්‍රලියව බලා පිටත් වුණා


පහන් පුරුදු විදියට වැඩ ඇරිලා ආවා..වෙනද වගේම තෙහෙට්ටුවක් අදත් අගට දැනුනා..හරිම අමාරුවෙන් ඇග හෝදන් ඇවිත් අම්ම දුන්න බත් එක අතට ගත්ත..එත් එකෙන් කටවල් 3 , 4 කට වඩා කන්න බැරි  වුණා .ඇයි මෙහෙම දෙයක් වුනේ කියල තාමත් එයාට හිතා ගන්න බැ.වෙනද පුරුදු විදියට සදලිට  කතා කරන්න කියල එක අතට ගත්තත් ඒ ආසාව බොහම අමාරුවෙන් මැඩ ගත්ත පහන්...facebook එකේ එහෙ මෙහෙ ගිහින් ටිකක් බල බල ඉදල එහෙන්මම නින්ද ගියා පහන්ට..අම්ම ඇවිත් ඇදට ගිහින් නිදා ගන්න කිව්වම හෙට වැඩටත් යන්න තියෙන නිසා පහන් අමාරුවෙන් ඇදට ගියා..එත් නින්ද අහලකවත් නෑ.සදලිගේ මුහුණ එයාට වද දුන්නා

Thursday, June 14, 2012

පැහැසර සිත්තම්

"අනේ මන්ද පහන්...මගේ හිතට දැන් ඔය කිසිම හැගීමක් දැනෙන්නේ නැහැ...අනේ මන්ද එයි කියල මටම තේරෙන්නේ නැහැ..."

"අය්යෝ තව පොඩ්ඩක් ඉවසන්න දරුවෝ..තව පැය කියද? අපි හෙට හම්බ වෙලාම කතා කරමුකෝ..මේ හැමදෙයක් ගැනම මන් ඔයාට කියල දෙන්නන්කෝ..හොදේ."


"මට මේ ඔක්කොම දාල
ගිහින් මහන වෙන්න හිතෙනවා අනේ..ඇත්තමයි..මේ ජිවිතේ හැම දෙයක්ම දුකක්...හැම බැදීමක් ම "
"මන් හැම තිස්සෙම කියන්නේ මන් ඔයාට ගැලපෙන්නේ නෑ කියලා"
"එයි මෝඩි මොකද මෙහෙම කියන්නේ.මන් එහෙම කිව්වද?? නැනේ???
  "හෙට එන්නකෝ ..ඔය හැමදේකටම උත්තර මන් දෙන්නන් හෙට..මගෙන් අහල දැන ගන්නකො..හෙට මන් කියලා දෙන්නන්කෝ හන්සියෝ..."
 

දැන් ඔයා වැඩ කරන්නේ නැද්ද??

මන් මේ assignment කරනවා.

මටත් office වැඩක් තියෙනවා.අපි දෙන්නම දැන් වැඩ කරමුකෝ.
 

එහෙම කිව්වට මට එක දිගට වචන 5 කට වැඩ කරගන්න බේරී වුන..අයෙමත් මන් skype එකට ගිහින් පහන් එක්ක චැට් කරා.
 

"අනේ මන්ද ඔයාගේ ජිවිතේ මන් නිසා කාලකන්නි වෙයි පහන්.."
"කවදාවත් නෑ.ඔයා මගේ ජිවිතේ හදාගන්න හයියක් වෙයි..ඒක මට දැනෙනවා." 

හ්ම් හ්ම් හ්ම්

මේ පොඩි අවුලක් වුන හන්සියෝ,,මට රැවුල කපන්න අමතක වුන එත්.කමක් නැනේ...
 

හෙට එන  කොට රැවුල කපාගෙන එන්න කියලා මන් කිව්වා කියලා මටත් මතක් වුනේ ඒ වෙලාවේ..
 

මන් දන්නවා බොරු කියන්නේ කියලා...
නෑ අත්තමය්..අද නැන්දලගේ ගෙදර ගියානේ..වෙලාවක් නැති වුන..
ඒය් එන්න එපා හෙට එහෙනං...අනිද්දට එන්න...මන් අස නෑ රැවුල වවන්

ඕක අහන්න හංසි..නැත්තන් නින්ද යයි ඔයාට වැඩ කරද්දී......

තරු කැටයක් වී රෑ  අහසේ දිලෙන
ඔබ එන මග සරසන්නන් එලිය වෙලා .........
http://www.youtube.com/watch?v=dBJn8be6vWU

හන්සියෝ මේ ඒක බලන්න..ඇයි මොකෝ ??

හ්ම් හ්ම් මට තේරුණා
මන් නීති දානවා කියලා හිතන්න එපා...එත් මන් ඒවාට
ආසා  නෑ හන්සියෝ.
facebook එකේ   මගේ profile picture එකක් පහන් share කරලා තිබ්බේ

"හරි හරි.."
"මන් ඔයාට ඇනයක් වුන නේ.."
"අපොයි ඔව්.කෙලින්ම බෝල්ට් ඇනයක් අනේ..."

ඔබ මට ආදරෙයි කියා මට දැනෙනවා

ඔබ මට ආදරෙයි නොකිය  නොදන්නවා වගේ ඉන්නවා.

http://www.youtube.com/watch?v=K7I9sUjawF0&feature=related

අනේ මන්ද මේ පිස්සා කොහෙන් මේ සින්දු හොයා ගන්නවද මන්ද..ඒ වුනාට කිව්වේ නං office එකේ වැඩ කියලා..මාරම පිස්සෙක්...


"කියා දෙන්න ජිවිතේ තරං..................."


කියලා දෙන්නන් සුදු..එත් ගොඩක් hopes තියාගන්න එපා...මට එහෙම හිතුනට ඒවා වචන වලට පෙරලුනේ නෑ...


ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවුන සැම දේ තවමත් මගේ මතකයේ රැදෙ

නෙත් යුග මා දෙස යොම මගේ මියුලැසියේ
කුමක් කියන්නටදෝ සැරසුනේ

www.youtube.com/watch?v=H79XYlJA4Yk&feature=related

"අනේ ශෝක්...ආදරෙයි ගොඩක් මන්..මුකුත් කියන්න එපා එත් ඔයා...."

 



පහන් කිව්වේ එච්ච්ච්රයි ....................


අපි දෙන්න මුණ ගැහෙන පලවෙනි දවස හෙට නෙමේ..එත් හෙට දවස ගැන අපි මොකක්දෝ දෙයක් ගිවිස ගෙන තිබ්බ...එකට නමක් දෙන්න අපි දෙන්නම තාම දන්නේ නැහැ...එත් හෙට මොකක් හරි දෙයක් වෙයි කියල විතරක් අපිට තේරුණා........




හෙට දවස මොකක් වෙයිද??
.....පුංචි නව කතාවක් ලියන්න ඕන කියලා හිතුන...මේ එකේ ආරම්බය..ආදරය පිරිණු හිත් දෙකක කතාවක්..
..අද ඉදල කියවල බලන්න මගේ යාලුවෝ...comment එකක් දාන්නත් අමතක කරන්න එපා...

Thursday, June 7, 2012

සතුට නුබ කොහෙද?

රැයේ සිට නිදි වරා
ටිකෙන් ටික අමුණලා
වචන ටික ගලපලා
ගෙත්තමක් මන් කලා

උදේ සිට මග බලා
සිටියේ මන් එන තුරා
ඔබේ මුව මට කියන
දහස් දේ අසනටා

ආදරය විදිමි මම
මහා මෙරක් සේ ඔබෙන්
නමුදු කල්පිත දෙයක්
ගැලපුවෙමි මන් මෙසේ

කතාවේ අවසානේ දුක බව මම දනිමි
එය කතාවක්ම පමණකි මම කියමි
තරහ වන්ට වුනු වරද නොමදනිමි
සතුට ඉරි තලා ගිය වග දැනිණි
 
 

Tuesday, June 5, 2012

අදුර නුබ කිම්ද ????

සැදෑ අඳුර කෙමෙන් කෙමෙන් හාත්පස වසාගනිමින් පවතී.දෙදිනක් පුරා නිවසේ එකම හිස් ගොඩකි..එනමුදු නිහඩ බවත් , අතරින් පතර එකිනෙකා මුමුණන හඩත් හැරුණු විට එකම නිහඩ බවකි..ඊටත් වඩා සිත , ගත පුර හාරා පාරා  වද  දෙන වේදනාව මහා මෙරක් තරම් වේ.


හිටි හැටියේ මේ වුනේ මොකක්දැයි මට තවමත් සිත ගත නොහැක්කකි.සිහිනයෙන් අවදි වුවෙකු මෙන් මා තවමත් කටයුතු කරන්නේ උමතුවෙනි.මේ සිදුවීම මට අදහා ගත නොහැක්කකි.






 "නිලංග මචන් මේ කොළ ටික කොහෙද ගහන්න ඕනේ කියපන් "

"ම් ම් අනේ මන්ද බන්.අපේ අය්යගෙන් අහල බලපන්.එය කියයි."

"හා හා අපි අහන්නන්.උබ කලද ඉන්නේ ...නැඟී නිලංගට සුප් ටිකක් ගෙනත් දෙනවද?"

"මට එපා බන්. මට බොන්න බෑ.උබල ඔය වැඩේ කරලා වරෙන්කො.තව මොනවට හරි සල්ලි ඕනේ නං අය්යගෙන්  ඉල්ලා ගනින් "



"රංසි පැටි , ඔයාට මේ හැමදේම තෙරුන් ගන්න පුළුවන් කියල මන් දන්නවා.ඔයා මට හම්බවුනේ මගේ වාසනාවකට රන්සියෝ."


 මම බොහෝ විට රැකියාව නිසා කාර්ය බහුල වීමි..අපි අපේ අනාගතය වෙනුවෙන් කැප වී වැඩ කලෙමි.අපේ සුවිසල් නිවසත් මේ සියලුම යන වාහනත් මේ හැමදෙයක්ම අපි ලගා  කරගත්තේ මගේ කැප වීමෙනි. ඒ සදහා මට සහය වුයේ මගේ රන්සියි.එයා ගොඩක් වෙලාවට තනියම හැම දේම කරගත්තා.මට මගේ වැඩ කරගන්න එයා ගොඩක් උදව් වුණා. මේ හැම දෙයකම කරගන්න එයා ගොඩක් මහන්සි වුණා.එයාගේ ජිවිතේ කිසිම දෙයකින් අඩුවක් තිබුනේ  නෑ.එයාට ඕන දෙයක් හිතන පරක්කුවට කරගන්න එයාට හැම පහසු කමක්ම  මන් මගේ රන්සිට කරලා දීල තිබුනේ.එයාට කොහේ හරි යන්න ඕනේ වුනාම යන්න වහනයක් තිබුන එයාට.වෙන ඕනෑම දෙයක් කරන්න තරං එයාට සල්ලි තිබුන.ඒ හැම දේමත් තියෙද්දිත් මේ දේ වුනේ කොහමද කියල මට තාමත් හිත ගන්න බෑ.




 "නිලංග හාමුදුරුවෝ වඩිනවා කිව්වේ කීයටද?"
මන් සිතුවිලි දැහැනින් මිදුනෙමි..
"4 ටද කොහෙද...අනේ අය්යගෙන් අහපන් බන්.මට කල්පනාවක් නෑ" 


 රංසි එක්ක මන් මට පුළුවන් හැම වෙලාවේම හිටියා..එය එක්ක මන් ගොඩක් තැන වලට ඇවිදින්න ගියා..ඒ  තැන් වලින් රංසි ගොඩක් කැමති ගෝල්ෆේස් එකට.මට ගොඩක් වෙලාව තිබුනේ නෑ. එත් එක දවසක් එය පුංචි ළමයෙක් වගේ මගේ උර හිසේ ඔලුව තියාගෙන මාව බදාගෙන හිටපු හැටි මට දැනුත් දෙනෙනවා වගේ....රංසි හැමතිස්සෙම කියපු දෙයක් තිබුන..


 " මන් දන්නවා ඔය මට ගොඩක් ආදරෙයි කියල...එත් මට ඒ ආදරේ දෙන්න..මට දැනෙන්න ආදරේ කරන්නකෝ.."
" හරි හරි රන්සියෝ මන් ඔයා ගාව ඉන්නවා හැමදාම...ආදරෙයි ගොඩක් හොදේ"

 රන්සිගේ නළලේ රස්නය දැනුත් මගේ දෙතොලට දැනුණි.

 දින සති ගත වෙලා ගියා..ගෙවල් වලින් කැමැත්ත අරන් අපි අපේම කියල කුරුළු කුඩුවකට ආවා...අපි යාලු වෙලා දැනට අවුරුදු 8 ක් විතර වෙනවා.මන් සතුටු වුන මාව තෙරුන් අරන් රංසි මන් ගාව හිටිය එකට.අපි අතරේ රණ්ඩු සරුවල් ඇති නොවුනම නෙමේ..එත් අපි ආදරෙන් හිටියා..ගොඩක් වෙලාවට රංසි ගෙදර තනියම හිටියට මන් හැම වෙලාවේම එය ගැන හොයල බැලුවා.
මන් හිතුවේ එය සතුටින් කියල.

 මාව දල යන්නේ නෑ කියල මන් ගාවින් හුරතල් වුන මගේ කෙල්ල අද මාව දල ගිහින්./////
ඇයි රන්සියෝ ඔයාගේ මහත්තයා මෙහෙම තනි කරලා ගියේ..ඇයි  මගේ වස්තුවේ.............

 මට මතක එපමණයි...හාත්පස කළුවර වෙනු මට දැනුනි..මගේ මිතුරන් කිහිප දෙනෙකු මාව වත්තන් කරන් යනු මට යන්තමට මෙන් මතකයි.


 මේ මගේ පලවෙනි කෙටි කතාව...මන් ස්කොලේ යන කාලේ ඉගෙන ගත්ත විදියට කෙටි කතාවේ ලක්ෂණ එකතු කරන් මේක ලිව්වා...මේකේ ගුණ දොස් කොහමද කියල මට කියන්න.ඒ වගේම රංසි , නිලන්ගාව දල ගියෙත් ඇයි කියල ඔයාල හිතන දේවල් මට කියන්න.....

Monday, June 4, 2012

අනන්තය තෙක් ............

දහස් දෙනකගේ නුවන් අතරේ මා සෙවූ නිල් මැණික ඔබමය
සසර වසන තුරු මේ බවය තුල මගේ ඉටු දෙවියාද ඔබමය
අද දිනද මෙන් නුපදින හෙට මගේ ලෝකයේ පහන ඔබමය
ඉවසීම සිත දරා සෙනෙහස පුදන්නට හුරු කලේ ඔබමය


හෙට දිනේ ඔබ යන්න සැරසෙන ඔබේ නව මන් ජය පතා
දෑස තෙත් වන කදුළු බිදු  මන් හිරකරන්නන් දුක දරා  
ඈත හෙට දින මගේ කිරුළත් අරන් ඔබ යලි එන තුරා
ආදරෙන් මන් බලා ඉන්නන් යන්න කිසි සැකයන් නැතා 


යසෝදරාවන් එදා ගියේ නම් තමන් සිදුහත් හිමි සොයා
අදත් ලොව්තුරු බුදු කෙනෙක් නැහැ තවම අපි අසරණ වෙලා
ඒ ගමන් මග තව ඈත  වුව ඔබත් මට සිදුහත් නිසා
ඔබේ පසුපස ඔබට සවියක් වෙන්නෙමි මන් ඔබ පතා 





මගේ යාලුවෙක්ගෙ අත්දැකීමක් මේ..එයාගේ රස්සාවේ හැටියට එයාට මස එකහමාරක් දුර වැඩට යන්න වෙලා..අම්පාරේ..ඉතින් එයාට දුකයි එයාගේ පෙම්වතිය දාලා ඒ දුර ගමන යන්න..මොකද අද කාලෙ හැටියට තප්පරයත් ඇති නේ කෙනෙකුට තවත් කෙනෙක් නැති වෙන්න..කෙනෙක් නොමග යන්න..වැරදි වැටහීමක් වෙන්න...ඉතින් ඒ වගේ වෙලාවක එයාගේ ආදරවන්තියට මෙහෙම හිතෙන්න ඇති කියල මට හිතුන.පෙම්වතාත් දුකෙන් එයාව දාලා යන්න වෙනවට..මට මතක් වුනේ යසෝදරා දේවියගේ චරිතේ..ආදරේ ගැන තවත් පැත්තක් ලිව්වා ඔන්න අදත් යාලුවෙක්ගෙ අත්දැකීමක් පරිකල්පනය කරලා...අදත් වෙනද වගේම මේකේ ගුණ දොස් කියන්න බලන්න මගේ යාලුවනේ..මන් කැමතියි ඔයාල මේ අදහස ගැන වගේම මගේ නිර්මනේ අඩු පාඩුත් කියනවනං..ඒක මගේ ඉස්සරහ නිර්මාණ වලට ලොකු හය්යක් වෙයි......... :)

Saturday, June 2, 2012

ප්‍රේහෙලිකාව

හීන කතන්දර නුබ ගොතා
පලදවන්නේ හිස තබා
පුදන ආදරේ වැටහුනා
සසර පෙර පුරුදක් නිසා




දෑසේ මනේ පායලා
කයද සිත මෙන් ලංවෙලා
නමුදු ආදරේ සිත දරා
ඉන්නේ කෙලෙසද ඉවසලා




 අතක් දුර හිද හිනැහිලා
සිතක් වටකර පෙම් කරා 
සනසවන්නේ නුබ මෙමා
රකින ලෙස මා ලොව්තුරා 


 ආදරෙන් බැදුණු ප්‍රේමතුර වූ ප්‍රේමවන්තයින් දෙපලකට නිහඩ නිසල පරිසරයක හුදෙකලා වන්නට ලැබුනොත් ඔවුන් කෙසේ හැසිරෙනු ඇත්ද ???නමුත් තමන්ට ඇති උතුම්ම වස්තුවක් රකින නාග රාජයෙක් එය රකින්නේ යම්සේද එසේ ඒ ආදරය රකින්නට , පරිස්සන් කරන්නට යමෙකුට හැකිවෙනන් එය ඔවුන්ගේ අතම දමනය මතම සිදුවන්නකි.නමුත් අද බොහෝ විට මග තොට , බස් එකක අපිට දකින්න හම්බෙන්නේ එහෙම ආත්ම දමනයක් නැති පෙම්වතුන්...ඒ අතරේ තමන්ගේ පෙම්වතියගේ ආත්ම ගරුත්වය රකින ප්‍රේම වන්තයෙක් ගැනයි මේ අදහස.... වෙනද වගේම ඔයාලගේ ගුණ දොස් comment කරන්න.....  

Thursday, May 24, 2012

පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදි

අපේ ජිවිතේ අපිට මිහිපිට ඉන්න දෙවිවරු දෙන්නෙක් ඉන්නවා.. ඒ අපේ අම්මයි , තාත්තයි. ජිවිතේ හැම දෙයක් පිටිපස්සෙන්ම ඉන්නේ ඒ දෙන්න..කෙනෙක් මත එක්ක එකග නොවෙන්නත් පුළුවන්..එත් හැම අම්ම කෙනෙක්ම හැම තාත්ත කෙනෙක්ම තමන්ගේ ළමයින්ට ගොඩක් ආදරෙයි.ඒක පෙන්නන  විදිය , දනවන විදිය වෙනස් වෙන්න පුළුවන්.



මට අද මෙතන කියන්න ඕන වුනේ වෙනස් දෙයක්...

ඇත්ත ,,,, අපේ ජිවිතේ අපිත් එක්ක නිතරම ගැටෙන්නේ ( ඒ කියන්නේ ගනු දෙනු කරන්නේ) අපේ අම්ම..ඒ නිසා වැඩිපුර ආදරේ වෙන්නෙත් , වැඩිපුර තරහ වෙන්නෙත් අපි අම්ම එක්ක..අපේ තාත්තට අපි ඒ කලේ තිබ්බේ බයක්.ඒ නිසා වැඩ ඇරිලා තාත්ත ගෙදර එන වෙලාවට අපි ටිකක් බයෙන් ඉන්නේ.අම්ම එදා දවසේ වෙච්ච ඔක්කොම දේවල් තාත්තට කියන්නේ ඒ වෙලාවේදී,..ඉතින් දග වැඩ කරලා , රණ්ඩු කරලා ඉන්න අය ටිකක් බයෙන් ඉන්නේ ඒ වෙලාවට...


එත් තාත්ත දඩුවන් දෙන්නේ වචන වලින්.ඒ කියන වචන අහද්දී වෙලාවකට හිතෙනවා තාත්ත දෙකක් ගැහුවනන් එකක් කියල..එත් තාත්තල වචන වුනත් පාවිච්චි කරන්නේ හරිම අඩුවෙන්..



වෙලාවකට හිතෙනවා තාත්ත ගලක් කියල.කවදාවත් ඒ ඇස වල කදුළු නෑ..හැම දේම දරාගන්නවා..වෙලාවකට සතුටු වෙන වෙලවලදිවත් ඕනවට වැඩ සතුට පෙන්නන්නේ නෑ.ඒ තාත්තලාගේ හැටිලු...




ඉතින් ඔහොම වෙද්දී කවුරුවත් තාත්තල ගැන කතා කරවී ඇ... තාත්තල කවි ලියයි ඇ ..අපේ හිතට තාත්තල සංවේදී වෙන්නේ නැති නිසා අපි තාත්තල ගැන ලියන්න හිතන්නේ නෑ ..

එත් අපි කවුරුවත් තාත්තල ගැන නොදන්නා දේවල් ගොඩක් තියෙනවා...තාත්ත අපිට දඩුවන් කලාම එදාට හිත ගොඩක් දුකෙන්.තාත්ත දුක් වෙන්නේ රට..අම්ම එක්ක ඒක කතා කරලා.අපි දෙයකින් දිනුවම එකේ සතුට තාත්ත සමරන්නේ හිත ඇතුලෙන්. ඒ සන්තෝසේ පිට කරන්න තාත්තට වචන නෑ ..රට අපි නිදා ගත්තම කටත් හොරෙන් ඇවිත් තාත්ත අපේ කාමරේට එබිලා යනවා..කාමරේ ජනෙල් වහලද කියල හොයල බලනවා.තාත්තලාගේ හැටි ඔහමයි..දුවෙක් දිග දෙන දවසටත් තාත්තල අඩන්නේ කාටත් හොරෙන්...
අපේ ඇගේ දුවන්නේ තාත්තගේ ලේ.. අපේ මුණ දැක්කම ඉස්සෙල්ලම සතුටු වුනේ අපේ තාත්ත..තාත්ත ආදරේ නෑ කියල කාටවත් කියන්න බෑ...අපි ඒ ආදරේ දකින විදිය වෙනස් කරගත්තම හරි.....


ඉතින් අම්ම සදක් ...ඒ සදටත් එලිය දෙන හිරු අපේ තාත්ත...අපි මීට වැඩ අපේ තාත්ත ගැන හිතුවොත් හොදයි කියල මට හිතෙනවා.........ඔයාල මොකද හිතන්නේ මේක ගැන.....

මේ මගේ තාත්ත...පහුගිය ටිකේ මන් ගොඩක් අසනීප වෙලා හිටියේ...ඒ වෙලාවේ තම මට මේ ටික කල්පනා වුනේ..ඒ දවස් ටිකේ මගේ තාත්ත කරපු කියපු දේවල් නිසයි මට මෙහෙම හිතුනේ..මෙතන තියෙන්නේ තාත්ත කියපු කරපු දේවල් වලින් බොහම ටිකක්..නොකියපු ඒවායි වැඩි.