Saturday, May 25, 2013

යශෝ දෙවි මවු






දේදුන්නේ පාට තැවරිලා 
ඒ පාටින් මල් පිපිලා 
හැමදාමත් හිමිදිරියේ 
ඇවිද්ද පාපොඩි 
යශෝ දෙවි මවු තුරුලට 
අපි 
මතකයි මා බාල කාලේ 
මේ පාසල් මවු බිමේ 
දිවගියා  පැන්චියන් විලසින්.....
අයෙමත් ආදරෙන් 
කුමරු හිරු පායනවා 
ඒ මල් පිරි උයනට 
මගේ පා සටහන් තියන්නට,
දුව පැන  නටන 
පුංචි කුමරියන්ට 
අකුරුකරන්නට 
සදාදර බැතියෙන් 
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
වැජබෙ මවුනි යශෝදරා
එදා හැදුනු ඔබේ තුරුලේ මා 
අද ඔබේ දරුවන්ට මවක් වෙන්නම්
  පෙර මග මන් බලා 




මේ දවස්වල අපි  training.ඒ නිසා මට chance එකක් හම්බුනා මගේම ස්කෝලෙට උගන්නන්න යන්න ...එක හරිම අමුතු අත්දැකීමක්..ජිවිතේ ඉගෙන ගත්ත , යාලුවෝ එක්ක පිස්සු නටුව ඉස්කෝලේ ගුරුවරයෙක් වෙලා ඒ පන්ති කාමර වලටම යද්දී.....
අයෙත් මගේ පාසල් ජිවිතේ මතක් වුන..මගේ ස්කොලේ ගැන ආඩම්බරයක් ඇති වුන...මේ එක ගැන ලියවුන පුංචි කවියක්....
මේක ලියන්න මට මගේ යාලුවෙකුත් සහයෝගය දුන්න.එයටත් ස්තුතියි කියනවා ...

Friday, May 10, 2013

හදවත ගැහෙන රාවේ




ආදරේ
දොරේ ගලලා
හදවත
ගැහෙන රාවේ 
හිතට දැනුන
දවසේ ඉදන් 
තාමත්
ඇහෙන්නේ
ඒ හඩමයි 
පපු තුරේ හැංගෙන්න තාමත්
මේ දගකාරිට ඕන තමයි
එත්
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
---------------------------------------------------------------


ලං වෙන්න ලං වෙන්න දුරස් වෙන හින්දා
තනි වෙච්ච හංසි ඔබේ දුරින් හිද හැඩුවා
දෙනෙත් පෙති අඩවන්ව
නුබේ සුවඳ වින්දා 
හීනෙනුත් නුබ ඇවිත් සිප ගත්තු හන්දා





Saturday, May 4, 2013

ආදරය - අනාදරය







පුද දුන් සෙනේ වරදක් වූයේ කොතනි 
සසරේ පුරුද්දට හමුවුයේ  ඇයිද  හිමි
පදනම් දමා ආදරේ කොටු කල නොහැකි
ඔබේ සතුට වෙනුවෙන් දුර ඇදෙන්නෙමි 

  

 සතුට ඉරි තලා නියගය ආවාදෙන් 
දුර ගිය ඔබේ මතකය මිය නොයෙද්දෙන්
දින සති ගෙවී කාලය ඉගිලී යද්දෙන්
විය හැකි හොදම දේ සිදුවී මා මියයද්දෙන්

 

 මගේ මතක දුක් කදුලක් නොවේවා
නෙත දැල්වෙන සතුට ඇතක නොයේවා
මග නොබලා හිදින්නම්  හිමියනි ඔබ  දිනේවා
ආදරේ කරන්නම් ඔබහට එය නොදැනෙවා



ඉන්න බව දැනේ දොඩමලු වෙනු කැමති
ඔබ සිත තවත් පාරන්නට නොම කැමති
නොදුටු විලස යන්නම් එය ඔබට රුති
දෙතැනක වෙලා දෙසිතක් ආදරේ කරති 

Tuesday, April 30, 2013

පියබා යන්න දුරු රටකට තොස් සිතිනි




 

ලබැදි වදනින් නිවා දැමු ඒ තැවුල් යළි නැගී යාමයේ
රූ රටා  තව නේක සිතුවම් ඇදෙයි රෑ ආකාසයේ
දෙතනකට වී එකම සඳ දෙස නෙත් කැලුම් යාවෙන රැයේ
වාව ගන්නේ කෝමදැයි මට කියාදෙනු මැන මගේ ප්‍රියේ


හංස විල් තෙර සැරසු  මසිත් මල තඹරු
හද ගැබ පිරි ඇත ඔබ සෙනහස මහරු
හංසිය වටලාවී තටු ඇති නෙක බමරු
ඉන්නේ කොම කියල දෙන් මගේ කුමරු  


ඔබ ලග උන්නු මතකය වාවන්නේ නෑ
අතු සිදුනාට සෙනෙහස් මල මියෙන්නේ නෑ
දුක වැඩි වුණත් ඇස කෙමි තෙත් වෙන්නෙත් නෑ
දුරු රට ගියත්  ඔබේ ආදරේ මැරෙන්නේ නෑ


කාලය ඉගිලේවි නවතන්නට නොහැකි
ඉන්නට ඉකිලාවි , ඔබ පියාබන විටදී
හෙට ගැන පැතුම් හිත ඇත්තේ මිරිකී
හොද දේ සිදු වේවි එය වලකනු නොහැකි 




 මේ මගේ 50 වෙනි පොස්ට් එක....එක හරිම වෙනස්ම මතෘකවකටයි ලියන්න සිද්ද වුනේ...කොහම වුනත් මගේ නිර්මාණත් එක්ක හිටපු යාලුවෝ ඔක්කොටම ගොඩක් ඉස්තුතියි...මේකත් කියව බලන්නකෝ......

Wednesday, April 10, 2013

රැවටීම

 
 
 
අසම්මත
චායව ඇස් අගට හොවා
මායාව රග දක්වා
කදුළු හන්ගුවම
හිතුවද
මම 
රැවටුනා කියල
කොහමද එහෙම වෙන්නේ?
මගේ 
මුව සිනා ...............
දැක සතුටු වූ
ඔබ

ඉතින් රැවටුනේ මන්ද????
 
 
 
 
 
 

හංස මාන්ස






රුදු ගොර බිරම්
සිවුපා රැල
කීතු කීතු වී ගිය
මගේ හීනෙට
හඩතලා හිනවෙද්දී
නරුමයන් කුසට
හංස මාන්සවල
රස දැනෙන්නට පෙර
පරිස්සමට තියාගන්න
ඔයාගෙන් ඉල්ලගත්ත
අපේ ඒ ආදරේ
තව තවත් පපු කැනත්තටම  හිර කර ගද්දි
තාමත් ජිවත්
වෙනවා කියල දැනෙනවා 
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
_________________________________


...ඒ
අපේම
   විතරක් වුන
අපේ ආදරේ වෙනුවෙන් 

Thursday, March 21, 2013

අවධානය පිණිසයි



 දැනෙන ලතැවුල් නොනිම්
නිවන්නේ ලබැදි වදනින්
 ගලන මුත් සිතුවිලි සෙමින්
මරා දමනෙමි ගෙයිම උපන්

 

 

ආදරේ නාමෙන්
නොමරා පණ පෙවුයෙන්
කාලය මැවූ  වෙනසින්
මැරී මැරී දස දහස් වර ඉපදෙම් 

 

 

 

 

ශ්වේත කඩුපුල් මාලති

විකසිත වන්නට දරන රුති

සෙනෙහෙ අභියස  තාරුපති

අසරණයි පුංචිම පුංචි මල් පෙති

 

                                   


 

හංසි මැරිලා .... නෑ හංසිව මරල දාල .. පහුගිය ටිකේ හන්සිට අයෙත් පන එයි කියල හැමෝම බලන් හිටිය.
..ඒත් හංසි ගොඩක් දුර්වල වෙලා.එයාගේ ස්නායු මැරිලා.දැන් පරණ දේවල් හන්සිට මතක නැ...ඔහේ කලේ ගෙවන්නත් බෑ  හන්සිට. මොකද හන්සිට ජිවිතේ මෙතනින් නතර වෙන්න බෑ                      
හංසිට පන දීපු කෙනා හංසිව දාල ගොඩක් දුර යන්න හදනවා ...ඉතින් හංසි ඒ හැමදේටම සමුදුන්නා..
දුක දැනෙනවද නැද්ද කියලවත් දැන් මතක නෑ.ඇයි ඉතින් දැන් හංසිගේ ස්නායු මරලානේ ....     පොඩ්ඩක්වත් තරහ නැ මන්...ගතවුන හැම මොහතකම මන් දෙයක් ඉගෙන ගත්තා ..එකට ගොඩක් පින්.     එත් තව දුරටත් හංසි ICU  එකේ ඉදල වැඩක් නැ...වෙන්න තියෙන හොදම දේ හොදම විදියට වෙයි ...එච්චරයි.... පොඩ්ඩක්වත් තරහ නැ ..එහෙමමයි....වෙනද වගේ නැතිව ඇත්තම දේ තෙරුන් ගන්න.    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් දැන් ඉතින් වෙනසක්...හොදද නරකද කියන එක ඔයාලට භාරයි යාලුවනේ..
මාගේ මේ වෑයම රජවෙන්නට නෙමේ....නැගිටින්නට හා නැගිට්ටවන්නට..........                                
ඒ නිසා හන්සංගනා  අද ඉදල වෙනස් වෙනවා... අද ඉදලා එයා කඩුපුලි...........


ඉතින් යාලුවනේ අද ඉදලා කඩුපුලිගේ මල් වත්තේ  මල් සුවද විදින්න මේ පැත්තට එන්න කියල ඔයාල හැමෝටම මන් ආරාධනා  කරනවා....



 යාලුවනේ ටිකක්  busy මේ දවස් වල. අනික හරිම මහන්සියි.එක වගේ දේවල් එකම විදියට වෙද්දී ජිවිතේ මහන්සිය දැනෙනවා වැඩියි..ඒත් ඉක්මනට මන් ආයේ  එනවා හොදේ. ටිකක් කල් ගියත් ඉන්න යාලුවනේ..මන් එනවා හොදේ.