Tuesday, July 3, 2012

පැහැසර සිත්තම් 05

පහන් ගෙදර ඇවිත් නිදා ගත්ත.එත් නින්ද පහන්ගේ අහලකටවත් අවේ නැහැ. නින්දෙන් ඇහැරුණු පහන් කම්මැලි කම යන්නත් එක්ක fb  log  වුනා . පහන් දාන කවි වලට වැටිලා තියෙන comment , like  බලන්න පහන් හරිම අසයි.අද උදෙත් දාපු කවිය දිහා පහන් බැලුවේ නිකමට වගේ.තමන්ගේ හිතේ තිබ්බ දුක මේ ලෝකේ අනිත් අය එක්ක බෙදාගන්නයි පහන්ට ඕන වුනේ.සදලිට අංශුමාත්‍රයක් තරන්වත් නොතේරුන ඒ දුක මේ ලෝකේ අනිත් හැමෝටම දැනුන එකයි පුදුමේ. "සදලිය" කවියට ඔසී වල ඉන්න කෙනෙකුත් like එකක් දාලා. පහන්ට ආසා හිතුන තමන්ගේ කවි කියවන්නේ ලංකාව් අය විතරක් නෙමේ කියල .තමන්ගේ පාටක පිරිස වැඩි වෙච්ච එක ගැන පහන්ට හරිම ආසාවක් ඇති වුනේ. 2012-03-26 දවසේ පහන් හදපු එයාගේ බ්ලොග් එක නිසා අඩන හිතට නැවතුමක් හම්බවෙයි කියල කවමදාවත් පහන් හිතුවේ නැහැ . ජිවිතේ කියන්නේ හරිම පුදුම තැනක්. අහඹු සිදුවීම් එකතු වෙලා තමා ජිවිතේ ගොඩනැගෙන්නේ .

"ජිවිතේ කියන්නේ අසම්පුර්ණ මිනිසුන්ගෙන් හා දේවල් වලින් පිරුණු තැනක්.ජිවත් වෙනවා කියන්නේ මේ අසම්පුර්ණ දේවල් අපි අපිට පුළුවන් තරමින් සම්පුර්ණ කරගන්න උත්සහ කරන එකයි "


හ්ම් හ්ම් හ්ම් මේ රෑ නින්ද යන්නේ නැති නිසා පහන් දිගටම fb  on  line හිටිය.නිකමට වගේ තමන්ගේ අලුත් ඔසී  යාලුවට friend request එකක් දාන්න ඕනේ කියල පහන්ට හිතුනා. එයාගේ profile එකට ගියත් එකේ කිසිම දෙයක් පහන්ට බලන්න පුළුවන් කමක් නැහැ..එයා එකේ privacy දාල.මේ අලුත් යාළුවා එක්ක යාලු කමක් ඇති කරගන්නයි , තමන්ගේ ලියන කවි වල අඩු පාඩු අහගන්නයි එක්ක තමා පහන්  request එකක් දැම්ම .එත් කවුද දෙවියනේ දනන් හිටියේ තමගේ තුරුලේ නිදන මේ හා පැංචි එයා වෙයි කියල..ඔයා මට සිහිනයක්ම තමා හංසි.


පහුවෙනිදා උදේම හංසි නැගිට්ට.එත් තමා කට්ටිය නිදි. මේ ගෙවෙන්නේ winter  එක නිසා වැඩ පටන් ගන්නේ දවල් වෙලා.එත් හන්සිට ගෙදර පුරුද්දට තාම උදේම ඇහැරෙනවා.හංසි නැගිට්ට ගමන් කරන්නේ fb  එක පැත්තේ රවුම් ගහන එක. මේ පාලු කාමරේ ඇතුලට වෙලා වෙන මොනවා කරන්නද නැත්තන් දෙය්යනේ.ඊයේ සදලියේ කවිය ලියපු කෙනා පහන් , හන්සිට request  එකක් දාල තිබ්බ හංසි දැක්ක.හංසි පොඩ්ඩක් එයාගේ profile  එක search  කරලා බැලුව. හ්ම් හ්ම් හ්ම් එයා ටිකක් දුර කෙනෙක් . ඒ නිසාම එයාව දන්නා අදුනන කවුරුත් හංසි දනන් හිටියේ නැහැ..ඒ නිසාම එක දවසින් පහන්ගේ request එක accept කරන්න හන්සිට හිතුනේ නැහැ. එත් පහන්ගේ profile  pic එක දක්කමනං ඒ මුනේ හිනාව අස්සේ හැංගිලා තිබුන දුක හන්සිට හොදට තේරුණා.පව් අසරණය.. ජිවිතේ උපන්නට ජිවත් වෙනවා.මෙයාව යාලුවෙක් කරන එයාගේ හිත හැදෙන්න දෙයක් කියලවත් එයාට නැගිටින්න උදව්වක් කරන්න ඕනේ කියල හන්සිට හිතුනා.

හ්ම් හ්ම් හ්ම් දෙපාරක් හිතල හංසි පහන්ව friend  කෙනෙක් කරගත්ත. ඒ වෙලාවේ පහන් online  හිටිය.පහන් හංසි එක්ක චැට් කලේ නැහැ.හංසි පහන්ගේ මුළු බ්ලොග් එකම කියෙව්වා...අම්මේ පහන් ලියල තියන කවි ඔක්කොක්ම සදලි ගැනමනේ..හන්සිට දුක හිතුනා. අද වෙද්දී හංසි පහන්ගේ බ්ලොග් එක  සිය වතාවකට වඩා කියවල තියෙනවා.එත් අද වෙනකන් මන් දනන් හිටියේ නැහැ මහත්තයෝ ඔයා බ්ලොග් එක පටන් අරන් තියෙන්නේ මගේ උපන්දිනය දවසේ කියල..මන් තනියම සමරපු මගේ උපන්දිනයට දෙවියෝ මගේ ජිවිතේ වටිනාම තෑග්ග මවලා...එත් ඒ තෑග්ග මට හම්බවුනේ හුගක් කාලෙකට පස්සේ.ඒ තෑග්ග හැමදාම මන් ගාව තියාගන්න මට පුළුවන් වුනොත් ??? මේ මුකුත් නොදන්නා හංසි එදා තිබ්බ lectures  ගියා.

 දවස් දෙක තුනක් පුරුදු විදියට කාලේ ගතවුණා .දවසක් හවස් වරුවක හන්සිට , පහන්ව සෙට් වුණා චැට් එකේදී.මේ පහන්ව චැට් කරන්න හම්බවුන පලවෙනි පාරනේ .හාන්සි ටිකක් ආඩම්බරෙන් තමා කතා කළේ..එහෙන මෙහෙන් වගතුග අහද්දී හන්සිත් කපටි විදියට ඒවාට උත්තර දුන්න.හන්සිත් පහන්ගෙන් ඔය අනන් මනං ඇහුව කට වහන්ම ඉන්න එක හොද නැති නිසා....
හ්ම් පහන් හොද යාලුවෙක් වගේ.දවස් දෙක තුනක් ඔහොම චැට් කල.

"හංසි අර "සදලිය" කවි පන්තිය ගැන ඔය මොකද හිතන්නේ....

"ම් ම් ම් වැරද්දක් නැහැ...එත් එකේ ටිකක් දුක කියල තියෙනවා වැඩියි වගේ.එකේ අර "මු" අකුරෙන් ඉවරකරලා තියෙන පදය හොදයි..එත් ඔය තව පද හොයාගත්තොත් ලස්සනය් "මු" අකුරෙන් ඉවර වෙන ඒවා.
"මේකනේ හංසි මන් A /L කළේ maths නේ. අනේ ඉතින් අපි ඕව දන්නේ නැහැ"
"දන්නේ නැති නිසා තම මෝඩයෝ කියල දුන්නේ"

ඔය විදියට මගේ හංසි පැටියා මට මගේ ජීවිතෙත් කියල දෙන්න මන් ගාවට එයි කියල මන් හිතුවේ නැ මගේ වස්තුවේ.


දවසක් පහන් අපේ පරණ කතා මතක් කර කර  කි
ව්වා හන්සිට අද වගේ මතකයි.


අපේ පලවෙනි චැට් එක පටන් ගත්තේ ඔහොමයි .ඊට පස්සේ පුරුද්දක් විදියට පහන් හැමදාම හංසි එක්ක චැට් කලා.ඒවාට ගොඩක් පාදක වුනේ ඉතින් පහන්ගේ කවිම තමා.

"හංසි ඔයා මගේ බ්ලොග් එකේ comment  එකක් දාන්නකෝ ඉතින්."
පහන් දවසක් කිව්වා.ඔන්න ඔහොම  තමා හංසි පහන්ගේ බ්ලොග් එකේ රසිකාවියක් වුනේ.

ඊයේ  පෙරේද දවසක පහන්ට තරහ ගිහින් හන්සිව fb  එකේ un friend කරපු දවසේ හන්සිට මේ සිද්දිය අයෙත් මතක් වුණා.කමක් නැහැ. මේ හැමදේම වෙන්නේ වෙන්න තියෙන හොදම විදියට කියල හංසි හිත හදාගත්ත අන්තිමට..


ජිවිතේ කවමදාවත් තමන්ට ඕන දේවල් එක    පාරින්

හන්සිට හම්බවෙලා තිබ්බේ නැහැ.පහනුත් එහෙම වෙන්න ඇති කියල හංසි හිතුව.

හ්ම් හ්ම් හ්ම්

හංසි හැමදාම පහන්ගේ බ්ලොග් එකේ බලනවා.හැමදාම පහන් එකම මාතෘකාවෙන් කවි ලියන එක ගැන හංසි පහන්ගෙන් ඇහුව.
"මොකද බන් හැමදාම මේ අඩා ගත්ත  ගමන්ම කවි ලියන්නේ. වෙන topic  එකක් ඇත්තෙම නැද්ද උබට කවි ලියන්න."
"හ්ම්ම්ම් මචෝ  ජිවිතේ වින්ද දේවල් , විදින දේවල් කවි වලට නගන්න හරිම ලේසියි..එකයි  හැමදාම එකම  කවි ලියන්නේ."
"අනේ බන් මන් උබේ කතාව දන්නේ නං නැහැ. එත් ඔහොම ලියනවට නං මන් ආස නැහැ..ජිවිතේ මිනිස්සු අපි ගාවට එනවා,ඉන්න පුළුවන් අය අපි ගාව නතර වෙනවා.එහෙම ඉන්න බැරි  අය අපිව දාල යනවා.කෙනෙක් දාල යනවා කියල දැනෙනවනන් , අපිට ඒ කෙනාව තව දුරටත් ඕනේ නං එයාව ඒ වෙලාවේ නතර කරගන්න ඕනේ..එත් කෙනෙක් යන්නේ අපි එක්ක ඉන්න බැරි නිසා..එයාල ආයේ ආවත් අපිව තව පාරක් දාල යන එක අමාරු නැහැ..ඒ නිසා ගිය අයට යන්න දෙන්න..නතර වෙලා ඉන්න අය එක්ක සතුටින් ඉන්න."

හන්සිත් ඉදල ඉදල පණ්ඩිත කතාවක් කිව්වා පහන්ට.    

පහනුත් අහන හිටිය වචනයක්වත් කියන්නේ නැතිව.
"හ්ම් ඔව් මචන් ඒ කතාව නං ඇත්ත."
එදා පහන් කිව්වේ  එච්චරයි.

හැමදාම මේ වගේ තමන්ගේ ලගින් ඉන්න අය එක්ක සතුටින්  ඉන්න පහන්..අදටත් හන්සිගේ ප්‍රාර්ථනය  එච්චරයි.



මේ ඔක්කොමත් හරි.ඊට ටික දවසකට පස්සේ තමා හොදම සිද්දිය වුනේ...


 මගේ යාලුවනේ. මේ ටිකේ ටිකක් වැඩ වැඩි වුන නිසා මේ පැත්තේ එන්න බැරි වුණා. ඒ නිසා පැහැසර සිත්තමුත් සිත්තම් වෙන්න ටිකක් කල් ගිය.පහනුයි හාන්සියි එනකන් බලන් ඉන්න වුනාට මට සමාවෙන්න ඔන්න හොදේ..අදත් කතාව කියවල comment දාන්නකෝ ඔයාලා


 

6 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි රොබින්

      Delete
  2. ඉක්මනට ඊලඟ කොටසත් ලියන්න.......ඉවසිල්ලක් නෑ බලන්න මට නම්..........:)

    ReplyDelete
    Replies
    1. හරි හරි අක්කේ..ලියන්නන්කෝ මන් ඉක්මනට. චුට්ටක් ඉවසන් ඉන්නකෝ

      Delete
  3. "ජිවිතේ මිනිස්සු අපි ගාවට එනවා,ඉන්න පුළුවන් අය අපි ගාව නතර වෙනවා.එහෙම ඉන්න බැරි අය අපිව දාල යනවා.කෙනෙක් දාල යනවා කියල දැනෙනවනන් , අපිට ඒ කෙනාව තව දුරටත් ඕනේ නං එයාව ඒ වෙලාවේ නතර කරගන්න ඕනේ..එත් කෙනෙක් යන්නේ අපි එක්ක ඉන්න බැරි නිසා..එයාල ආයේ ආවත් අපිව තව පාරක් දාල යන එක අමාරු නැහැ..ඒ නිසා ගිය අයට යන්න දෙන්න..නතර වෙලා ඉන්න අය එක්ක සතුටින් ඉන්න."


    මේ ටික නම් මගේ ජීවිතේටත් වටිනවා.. හොඳට ගැළපෙනවා.. ලස්සන කතාවක්.. දිගටම ලියන්න යාළු.. ජය වේවා.. :)

    ReplyDelete
    Replies
    1. බොහම ස්තුතියි යාලු ..
      ජය වේවා !!!

      Delete