Saturday, March 16, 2013

ඉතින් ...,,, හිනැහෙන්න කදුළු පිස ගන්න

ජීවිතය

ගත වෙන හැම තප්පරයක්ම අපි අපේ ජිවිතේ අත්දැකීම් එකතු කරගන්නවා. අපිට අපේ ජීවිතේදී ගල්, බොරළු, මල්, හැඩපලු ගංගා මේ හැමදෙයක්ම මුණ ගැහෙනවා. ගොඩක් මිනිස්සුන්ට වැරැද්ද  මොකක්ද කියල දැන දැනත් ඒ වැරදි වලින් අත් මිදෙන්න තරං තමන්ගේ හිත ශක්තිමත් නැහැ..ඇත්ත තේරෙන්න කල් යනවා. .එත් කෙනෙක්ට ඇත්ත වැටහුනා වෙලේවත් ඒ වෙනුවෙන් තීරණයක් ගන්න බැරි නන් ඒ කෙනා හරිම දුර්වලයි.සතුටු වෙන්න.. ඒ හැම මිනිහෙක් අතරින්ම තමන්ට වෙනස් වෙන්න පුළුවන්  වුන එක ගැන..හරියට නෙලුම් මලක් වගේ..නෙලුම් මලේ මුල තියෙන්නේ මඩේ...ඒ දණ්ඩ මෝරන්නේ මඩ  වතුරේ.එත් නෙලුම් මල පිපෙන්නේ මඩ වතුරෙවත් නොගැවී මඩ  වතුරටත් උඩින්...නෙලුම් මල මුළු ලෝකෙටම සුවද දෙනවා. එක පරිශුද්දත්වයේ සංකේතය. බුදුහිමියන්ගේ සිරිපා නමදින්න නෙලුම් මලට පින තියෙනවා. ..

ඉතින් කවදාවත් කිසිම කෙනෙක් නෙලුම් මල පිපුනේ මඩේ කියලා නෙළුමට  නිගා කරන්නේ නෑ ...අපේ ජිවිතත් ඒ වගේ..ජිවිතේ ගත කරපු කාලය ගැන දුක් වේවි ඉදල වැඩක් නැහැ..වැදගත්ම දේ තමන් ඒ කාලය තුල ඉගෙන ගත්ත දේ විතරයි..ඒ තුල තමන් ගත්ත තීරණ තමන්ට වගේම තමන්ටත් වැඩ අනික් අයගේ ජිවිත සාර්ථක කරගන්න උදව් වුනාද කියන එකයි වැදගත්ම දේ.......
ඉතින් ...,,,
හිනැහෙන්න
කදුළු පිස ගන්න 






 දෙතැනකට වෙලා
 අපි
එකම සද දිහා
 බලාගෙන 
ඒ එකම එක වරම
  ඉල්ලමු.
එත් දැන්

සද දිහා බලාගෙන
වුන දේවල් නෙමේ
වෙන්න තියෙන දේවල් ගැන
හීන බලමු.
සත්තමයි
ජිවිතේ කවදාවත් වරදින්නේ  නෑ.........
ඒ සද දකින්න
අලුත් ඇස්  දෙකක්
අපිට දෙවියෝ දෙයි,..
ඒ ඇස්  දෙක
දවසක අපිව හොයාගෙන එයි.
එදාට අපිට තේරෙයි
වෙනද දැක්කට වඩා
ඒ සද
ජීවිතය
ගොඩක් එලිය කරනවා කියලා
ඒ නිසා දැන් අඩල
දුක් වෙලා 
ඇස් දෙක
නාස්ති කරගන්න එපා
එහෙම වුනොත්
එදාට
අපිට
අපරාදේ කියල හිතෙයි ............

බුදුසරණයි .........
                          ඉතින් ...,,, හිනැහෙන්න කදුළු පිස ගන්න









(මේ ටික වර්ෂ නංගිගේ බ්ලොග් එකෙන් ගත්තේ....මේකට එක ගැලපෙනවා කියල හිතුන. .එත් නන්ගිගෙන් permision  ගන්න බැරි වුන..sorry  නංගියෝ..මගේ හිතට මර විදියට එක දැනුන..)http://wehimandarama.blogspot.com/2013/03/blog-post_16.html#comment-form








පෙන්නුවා නම් නුඹ මට යමක්
අද මතු නොවෙයි එදවස වුණත්
ඒ පෙන්නුවේ ඇත්තම මිසක්
නොව සිහින දුහුවිලි රැදි තැනක්

පෙන්නා දුකින් වැළපෙන දනන්
ජීවිත ඉරුණු සන්නාලියන්
නව ඇසක් දී මා ඉපදවූ
මගෙ කිවිදුනේ මෙවදන් අසන්

4 comments:

  1. අක්කියා කිසි ප්‍රශ්නයක් නෑ මගෙ කවිය ගත්තට.ඒකේ තිබුණේ මගෙ කිවිදියේ කියලයි..ඒත් කමක් නෑ මේ පෝස්ට් එකට ගැළපෙන්නෙ මේ විදියනේ.මෙහෙම හොදයි.

    ReplyDelete
  2. දෙතැනකට වෙලා
    එකම සඳ දිහා බලං උන්නට, කවදාවත් දෙතැනකට එකම සඳ එකම විදියට පේන්නෙ නෑ....

    (අපිට හාවා. චීනෙට මකරා :-) )

    ReplyDelete
  3. Atta.....than dekakata ekama widiyata penne na thama......
    Eth api dannawa api hade hoyanne hawa kiyla.e nisa like kohe hitiyath apita hade hawa balanna puluwan weyi.anik ayata eka mkarek wage Peddi apita hawa penewi ne......????

    ReplyDelete