ලබැදි වදනින් නිවා දැමු ඒ තැවුල් යළි නැගී යාමයේ
රූ රටා තව නේක සිතුවම් ඇදෙයි රෑ ආකාසයේ
දෙතනකට වී එකම සඳ දෙස නෙත් කැලුම් යාවෙන රැයේ
වාව ගන්නේ කෝමදැයි මට කියාදෙනු මැන මගේ ප්රියේ
රූ රටා තව නේක සිතුවම් ඇදෙයි රෑ ආකාසයේ
දෙතනකට වී එකම සඳ දෙස නෙත් කැලුම් යාවෙන රැයේ
වාව ගන්නේ කෝමදැයි මට කියාදෙනු මැන මගේ ප්රියේ
හංස විල් තෙර සැරසු මසිත් මල තඹරු
හද ගැබ පිරි ඇත ඔබ සෙනහස මහරු
හංසිය වටලාවී තටු ඇති නෙක බමරු
ඉන්නේ කොම කියල දෙන් මගේ කුමරු
හද ගැබ පිරි ඇත ඔබ සෙනහස මහරු
හංසිය වටලාවී තටු ඇති නෙක බමරු
ඉන්නේ කොම කියල දෙන් මගේ කුමරු
ඔබ ලග උන්නු මතකය වාවන්නේ නෑ
අතු සිදුනාට සෙනෙහස් මල මියෙන්නේ නෑ
දුක වැඩි වුණත් ඇස කෙමි තෙත් වෙන්නෙත් නෑ
දුරු රට ගියත් ඔබේ ආදරේ මැරෙන්නේ නෑ
අතු සිදුනාට සෙනෙහස් මල මියෙන්නේ නෑ
දුක වැඩි වුණත් ඇස කෙමි තෙත් වෙන්නෙත් නෑ
දුරු රට ගියත් ඔබේ ආදරේ මැරෙන්නේ නෑ
කාලය ඉගිලේවි නවතන්නට නොහැකි
ඉන්නට ඉකිලාවි , ඔබ පියාබන විටදී
හෙට ගැන පැතුම් හිත ඇත්තේ මිරිකී
හොද දේ සිදු වේවි එය වලකනු නොහැකි
ඉන්නට ඉකිලාවි , ඔබ පියාබන විටදී
හෙට ගැන පැතුම් හිත ඇත්තේ මිරිකී
හොද දේ සිදු වේවි එය වලකනු නොහැකි
මේ මගේ 50 වෙනි පොස්ට් එක....එක හරිම වෙනස්ම මතෘකවකටයි ලියන්න සිද්ද
වුනේ...කොහම වුනත් මගේ නිර්මාණත් එක්ක හිටපු යාලුවෝ ඔක්කොටම ගොඩක්
ඉස්තුතියි...මේකත් කියව බලන්නකෝ......
ඔන්න මුලින්ම කඩුපුල් මල් පෙති තව සියදාස් ගාණක් දිග ඇරෙන්න සුබ පතනවා හොදේ....
ReplyDeleteකවිය ගැන කියනව නම්මුල් කවි දෙක ඊරිසියා හිතෙන තරමටම ලස්සනයි අක්කෝ... මාතෘකාවත් අපූරුයි!..තුන්වෙනි කවියෙ මැරෙන්නේ කියන එක වෙනුවට වෙන වචනයක් දැම්මොත් තවත් ලස්සන වේවි කියලා හිතෙනවා.අදහසක් පමණයි හැබැයි.
ස්තුතියි වර්ෂ නංගියෝ
Deleteහ්ම්ම්ම්ම් මටත් එහෙම හිතෙනවා.මේක ලිව්වේ ස්කොලේ හම්බෙච්ච පුංචි විවෙකෙක ....
wenna tiyena hodama de wewi kiyala hithuwama hari yalu... :)
ReplyDeleteHmm aniwa Yalu...(y)
Deleteපනස්වෙනි පෝස්ට් එකට මගෙනුත් සුභ පැතුම් කඩුපුලී...බ්ලොග් ලෝකෙ දිගු ගමනක් යන්න ඔයාට ලැබේවා කියල මං ප්රාර්ථනා කරනවා....
ReplyDeleteඔයාගෙ කවි ටිකත් ගොඩක් ලස්සනයි නංගි :)
ජයම වේවා!!!!!!
බොහම ස්තුතියි chams අක්කේ....
Deleteඔන්න මුලින්ම සුභ පතනවා 50 වෙනි පෝස්ට් එකට. තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා...!!
ReplyDeleteකවි පෙළ හරිම ලස්සනයි. දෙතැනක හිටියත්, ආදරේ අවංක නම් සැමදා තියේවි ආදරේ එක ලෙස...
බොහම ස්තුතියි සමනලී.....
Deleteහ්ම්ම්ම් අවංක ආදරේ හැමදාම තියේවි....එක් වෙන්න පුළුවන් වුනත් නුනත් ...
ලබැදි වදනින් නිවා දැමු ඒ තැවුල් යළි නැගී යාමයේ
ReplyDeleteරූ රටා තව නේක සිතුවම් ඇදෙයි රෑ ආකාසයේ
ඇත්තට ම අපූරු යි....
ස්තුතියි දිලිනි ..........
Deleteبسم الله الرحمن الرحيم نحن فى شركة الكمال تقوم بافضل انواع التنظيف العام وتنظيف الفلل بافضل انواع العالميه التى تحافظ على السيراميك
ReplyDeleteشركة تنظيف منازل بحائل
شركة تنظيف بالطائف
شركة تنظيف بجازان
شركة تنظيف بحائل
شركة تنظيف مجالس وكنب بحائل
ونحن فى خدماتكم اربعه وعشرون ساعه وكل هذا بافضل الاسعار واقل التكلفة