Thursday, April 19, 2012

අම්මේ කසාවත එපා මට




ජිවිත ගමන් මග
කෙටි කරනු වස්
පුරන්නට පාරමී ,
ලබන්නට අම නිවන්
අම්මේ ...,,,
කලෙමි අභිනික්මන්
හදගතිමි කසාවත්
බුදුන් වදාලු දහම්
අසන විට , පුරන විට
මතක් වෙයි අම්මේ ඔබව
නොවේ වාරයක් දෙකක්
දාන වාරය පැමිණ
දන් බෙදයි උවැසියන්
ප්‍රත්‍යවේක්ෂා කලෙමි
වැලදුවෙමි දන් පහන්
 එත් අම්මේ ............,,,,
එදා වේල ද නැතිව
බත් සමග ලුණු දමා
බඩට සරණක් සොයන
සිහිව ඔබ , ඇස් පෙගෙයි
බුදුන් මග යන්ට පෙර
ගෙදර බුදු , බුදු අම්මේ
එපා මට කසාවත්
නැවත එන්නෙමි ගෙදර
දෑත විරියෙන් මම
රකින්නෙමි මගේ මව
එයම වේ මට පෙරුම්
ලබන්නට අම නිවන්

4 comments:

  1. මහමායවගෙ නෙත් කඳුලැල් දැක
    සිල් සිත සසලද පුතනුවනේ
    සිල්වත් දෙපයට ගිහිගේ අකපයි
    සසුනට වැඩපන් බුදු පුතුනේ

    ReplyDelete